Breaking
23 Jan 2025, Thu

මහින්දට මඩ ගහන්නේ නෑ -මිලියන 350ක් කප්පමක් දෙන්න

මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගෑසිම නතර කිරිමටනම් තමන්ට රුපියල් මිලියන් 350ක් මුදලක් ලබාදෙන ලෙස ව්‍යාපාරිකයෙකුගෙන් කප්පමක් ලබාගැනිමට ඩීල් කුමාර හේවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ගත් උත්සහයක් අන්තිම මොහොතේ වැළැක්වි ගොස් තිබේ.

අදාළ ව්‍යාපාරිකය මහින්ද රාජපක්ෂ මහතාට අසිමාන්තික ලෙස ආදරය කරන අයෙකු වන අතර ඊට ප්‍රධාන හේතුව වි ඇත්තේ තමන්ගේ දෙමාපියෝ කොටි ත්‍රස්තවාදින්ගේ බෝම්බ ප්‍රහාරයකින් මිය යැමත්,මහින්ද රාජපක්ෂ මහතා  කොටි ත්‍රස්තවාදින් සම්පුර්ණයෙන් අතුගා දැමිමත් නිසාය. අදාළ ව්‍යාපාරිකයා මහින්ද රාජපක්ෂට මෙන්ම විපක්ෂයේ මන්ත්‍රිවරුන් රැසකටද උදවු දෙන අතර ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණයේන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය විමෙන් පසුව රටෙන් පිටව ගොස් සිට යලිත් මහා මැතිවරණයට මහින්ද රාජපක්ෂ ඉදිරිපත් විමත් සමග යලි දිඔවයිනට පැමිණ තිබේ.

ජනතා විමුක්ති පෙරමුණට අවස්ථා ගණනාවකදි මුල්‍යම ආධාර ලබාදි ඇති මෙම ව්‍යාපාරිකයා හමුවිමට පසුගියදා අනුර කුමාර දිසානායක ගොස් ඇත්තේ මහා මැතිවරණයට අදාළ ආධාරයක් ලබා ගැනිම සදහාය එම අවස්ථාවේ මෙම ව්‍යාපාරිකයා ඉතා කණ්ගාටුවෙන් කතාකරමින් අනුරට පවසා ඇත්තේ හිටපු ජනාධිපති තුමාට ඔහෝම මඩ ගහනවාට තමන් නම් පොඩ්ඩක්වත් කැමති නැති බවයි.

පසුව කතාබහ අවසන් කර හිමින් ලිස්සා ගිය අනුර පසුව තමන්ගේ ඩීල් කරුවෙකු හරහා අදාළ ව්‍යාපාරිකයාට පණිවිඩයක් එවා ඇති අනුර පවසා ඇත්තේ තමන්ට රුපියල් මිලියන් 350ක් මුදලක් ලබාදෙන්නේ නම් මහින්ද රාජපක්ෂට මඩ ගැසීම නතර කිරිමට තමන් සුදානම් බවයි.

පසුව වහාම ක්‍රියාත්මක වු අදාළ ව්‍යාපාරිකයා රුපියල් මිලියන් 350ක් මුදලක් අනුරට ලබාදිම සදහා අවශ්‍ය සියලු කටයුතු සකස් කර අනුරටම දුරකථන ඇමතුමක් දි තමන් මුණගැසෙන ලෙසට පණිවිඩයක්ද ලබා දි තිබේ.

නමුත් වාසනාවට අනුර මුණගැසිමට පෙර අදාළ ව්‍යාපාරිකයාට අහබු ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹදි මුණගැසි ඇති අතර එම අවස්ථාවේ අදාළ ව්‍යාපාරිකයා මෙම ගණුදෙනුව ගැන පවසා තිබේ.ගත්කටම මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ “පිස්සුද……..(නම) ඔයාගෙන් අනුර ඔය සල්ලි ටිකත් අරගෙන ඉට පස්සේ එක පෙන්නලා  UNP එකේන් තව ටිකක් ඉල්ලගෙන මට තව වැඩියෙන් ගහයි……”

ඒ සමගම ඩිල් කුමාරට ඔන්න මෙන්න ලැබෙන්න තිබුනු රුපියල් මිලියන් 350ක මුදලට කෙලවි ගියා…..

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.