Featured

“මහින්ද”නාමය සහිත නව සන්ධානයක්-මෛත්‍රී තක්බීර් වේ -මැතිවරණය කල් යයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කුමන්ත්‍රණ සියල්ලම පරාජය කිරිම සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය ප්‍රමුඛ පක්ෂ එක්ව පිහිටුවා ගැනිමට නියමිත නව සන්ධානයට සහය දිමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහය ලබාදිමට සුදානමින් සිටින බව අප විශේෂ වාර්තාකරු සදහන් කරනවා.

ඒකාබද්ධ විපක්ෂයේ නව සන්ධානය සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කරමින් පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරුන් 50ක් පමණ සහය දැක්විමට සුදානමින් සිටින අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේද සහය ලැබිමට බොහෝදුරට ඉඩ තිබේන බවද ඔහු සදහන් කළා.

මේ අතර ලබන මාර්තු මාසයට පෙර විපක්‍ෂයේ පක්‍ෂ 10කට වැඩි ගණනක් ඒකාබද්දව පිහිටුවන නව සන්ධානය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය හිමිවන බව පාර්ලිමේන්තු මන්ත‍‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. මන්ත‍‍්‍රීවරයා පවසන්නේ

මහින්ද රාජපක්ෂ මහතාගේ මෙහෙයවිම යටතේ ඒකාබද්ධ විපක්ෂයේ නව සන්ධානය යටතේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා රට පුරා සියළු පළාත් පාලන ආයතනයකටම අපේක්‍ෂකයින් තරග කිරිමටද සුදානම් වි සිටින අතර ඒ හේතුවෙන්ම මැතිවරණය වහාම ක්‍රියාත්මක වන පරිදි කල්දැමිමට කටයුතු කරන ලෙසට මෛත්‍රීපාල සිරිසේන ඔහුගේ බත්බැලයන්ට දැනුම් දි තිබේ.

පළාත් පාලන මැතිවරණය මාර්තු මාසයේ පැවැත්විමට සියලු කටයුතු මිට පෙර සුදානම් කර තිබුනා.

Top