Breaking
25 Feb 2025, Tue

මහින්දානන්ද හිරේ දැමීමට ගොස් කලිසමේ මල පහ කරගත් රහස් පොලීසියේ ඛේදාන්තය…

මහින්දානන්ද අළුත්ගමගේට විරුද්ධ මෙම පැමිණිල්ල ඉදිරිපත් වන්නේ 2013 වර්ෂයේය. අනතුරුව අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසම විසින් ඒ පිළිබඳ වසර එක හමාරක් තිස්සේ පරීක්ෂණ මෙහෙයවා අවසානයේ එම ඡෝදනාවෙන් නිදොස් කොට නිදහස් කරමින් මහින්දානන්ද අළුත්ගමගේ වෙත ලිපියක් නිකුත් කරනු ලබනවා..

අන්තුරුව 2015 ජනවාරි 8 වෙනිදායින් පසුව නැවතත් එකී කොමිසමම අර ලිපිගොනුව නැවත විවෘත කර මෙම චෝදනාව විභාග කරන්නට කටයුතු කරනවා.. නමුත් කලින් තීරණයක් ලබා දුන් සිදුවීමක් නැවත විමර්ශණය කිරීමේ නීතිමය අපහසුතාවය මත අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවට වැටහීම නිසා දේශ්පාලනිකව පළිගැනීම් සිදු කරන්නට වත්මන් රජයට අපහසුතාවයක් ඇති වූ බව කිව යුතුය.

අනතුරුව ඒ සඳහා ඉදිරිපත් වූයේ ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ න්නම් පරාජිත දේශපාලකයාය. ඔහු විසින් ඉහත කරුණුම රැගෙන ගොස් රහස් පොලීසියේ පැමිණිල්ලක් දැම්මේය.. අනතුරුව මහින්දානන්දගේ වත්කම් බැරකම් පිළිබඳව රහස් පොලීසිය විසින් විමර්ෂණය කරන්නට යෙදිණ. මෙහිදී ඔහුට හිමි දේපළ හයක් පිළිබඳව විමර්ෂණය කරනු ලැබූ අතර එයින් එංගලන්තයේ තිබෙන නිවෙස ඔහුගේ සහෝදරයා විසින් ඔහුගේ දරුවන්ගේ පාවිච්චිය සඳහා සැදූවක් බවත්, තවත් එක් දේපළක් ඔහුගේ පළමු බිරිය විසින් ඇයගේ ව්‍යාපාර වලින් මිළදී ගත් බවක් රහස් පොලීසිය හමුවේ සනාත වී තිබෙනවා. ඉන් අනතුරුව මහින්දානන්ද අළුත්ගමගේට අයත් මහනුවර අනිවත්තේ ඇති නිවසක් පිළිබඳව, බත්තරමුල්ලේ තිබෙන නිවෙසක් පිළිබඳව, කොළඹ කිංසි පාරේ තිබෙන මහල් නිවාස සංකීර්ණයක ඇති නිවෙසක් පිළිබඳව සහ කොළඹ බොරැල්ලේ පිහිටා තිබෙන ඉඩමක් සම්භන්ධව විමර්ෂණ කටයුතු දිගින් දිගටම කරනු ලැබිණ.

එහිදී මහින්දානන්ද අළුත්ගමගේට අයිති ව්‍යාපාර 6ක් පිළිබඳව රහස් පොලීසිය අනාවරණය කරගනු ලැබිණ. එම ව්‍යාපාර නම්,

A & R Land Sales

Jayabima Land Sales

We Do Lanka (Pvt.) Ltd.

MRH Holdings (Pvt.) Ltd.

Chamber of Gifts

යන ව්‍යාපාරයි. මේ සියල්ල නීත්‍යානුකූල ව්‍යාපාර බවත්, ඊට අදාල සියළු ආදායම් බදු ගෙවා ඇති බවත්, එහි කිසිදු නීත්‍යානුකූල දෝෂයක් නොමැති බවත් රහස් පොලීසිය හමුවේ අනාවරණය වුනා. මීට අමතරව තම දෙමවුපියන්ගෙන් උරුම වී මහින්දානන්ද අළුත්ගමගේට අයිතිව තවත් දේපළ රාශියක් තිබෙන බවත්, පාර්ලිමේන්තුවට ආ දිනයේ පටන් ලැබූ වාහන බලපත් බහුතරයක් විකුණා දැමීම තුලින් ඉපැයූ රුපියල් මිලියන 50ක් පමණ තිබෙන බවත්, එම මුදල් ද සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බවද රහස් පොලීසිය අධිකරණයට දන්වා තිබේ. ඒ වගේම මෙම මුදල්, වත්කම්, ව්‍යාපාර සියල්ල 2008 වසරේ සිට මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල සියළු වත්කම් බැරකම් ප්‍රකාශවල සදහන් බවත් පොලීසිය අධිකරණයට දැනුම් දී තිබිණ.

මේ සියළු කරුණු වලින් මහින්දානන්ද අළුත්ගමගේ නිර්දෝෂී වෙමින් පවතිද්දී රහස් පොලීසියේ නිළධාරීන් සතුව එක තුරුම්පුවක් ඉතුරුව තිබිණ. ඒ කින්සි පාරේ පිහිටි මහල් නිවාසය මිලදී ගැනීම සදහා මන්ත්‍රීවරයා මුදල් ගෙන ඇති ආකාරයයි. එයින් ලක්ෂ 100ක් ලංකා බැංකුවේ පර්ලිමේන්තු ශාඛාවෙන් ලබාගත් ණය මුදලක් බව අණාවරණය වූ බවත්, එම මුදල තවමත් ගෙවමින් පවතින බවත් රහස් පොලීසිය ගරු අධිකරණයට දන්වනු ලැබිණි. නමුත් නඩුවේ පෙර නිමිත්ත වුනේ මේ සියළු කාරණා වලට හාත්පසින්ම වෙනස් කාරණයකි.

මන්ත්‍රීවරයාගේ ගිණුමට බැර වී තිබූ ලක්ෂ 14ක මුදලක් පිළිබඳව රහස් පොලීසියේ නිළධාරීන් විසින් විමර්ෂණය කරනු ලැබිණි. එහිදී හෙළි වූයේ මන්ත්‍රීවරයා සභාපතිත්වය දරන “ශ්‍රී ලංකා නිදහස් වතු කම්කරු කොංග්‍රසය” නම් වෘත්තීය සමිතියක තිබූ මුදලකින් ලක්ෂ 14ක කොටසක් මන්ත්‍රීවරයාගේ ගිණුමට බැර වී ඇති බවයි. වෘත්තීය සමිතියේ කාර්‍යයක් සදහා මෙම මුදල් මන්ත්‍රීවරයාගේ ගිනුමට බැර කල බව මෙම සමිතියේ සියල්ලන් පැවසූවත්, රහස් පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේ එම මුදල් දේපළ මිළදී ගැනීමට මන්ත්‍රීවරයා යෙදූ බවට සැක කරන බවත්, කෙසේ වෙතත් එම මුදල මන්ත්‍රීවරයා විසින් ආපසු සමිතිය වෙත ගෙවා ඇති බව නිරාවරණය වී ඇති බවත්ය. නමුත් අදාල සමිතියේ ව්යවස්ථාවට අනුව එසේ මුදල් ලබාගත නොහැකි බව නිසා සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කල බවත්, සාක්ෂි විමසීම අවසන් වනතුරු මන්ත්‍රීවරයාව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් රහස් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබේ. එසේ නොවුනොත් ඉදිරි සාක්ෂි විමසීම් කටයුතු වලට මන්ත්‍රීවරයා විසින් බාධා පමුණුවන්නට කටයුතු කරනු ඇතැයි රහස් පොලීසිය තව දුරටත් අධිකරණයට දන්වා තිබේ..

ඒ වගේම මෙම පරීක්ෂණ සදහා මේ වන විට සාක්ෂි කරුවන් 189ක් කැදවා ඇති බවත් තවත් සාක්ෂි 40ක් පමණ ලබාගත යුතු බවත් රහස් පොලීස්සිය අධිකරණයට දන්වනු ලැබීය. නමුත් විත්තීයේ නීතිඥ්ඥ මහතා කල ප්‍රශ්ණ කිරීම් හමුවේ රහස් පොලීසිය කියා සිටියේ පසුගිය කාල පරාසය තුලදී මන්ත්‍රීවරයා විසින් සාක්ෂි කරුවකුට කිසිදු බලපැමක් කල බවට කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බවත්ය. ඒ වගෙම නාවලපිටිය ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවන්ට ලබා දුන් කොන්ත්‍රාත් පිළිබඳවද විමර්ශණය කරන බවත්, මේ වන විටත් එහි කිසිදු නීත්‍යානුකූල නොවන ගණුදෙනුවක් හෙළි කර ගැනීමට නොහැකි වී ඇති බවත් පොලීසිය අධිකරණයට දැන්වීය.

අද මෙම නඩුවේ ඇප දෙයි යැයි සැක සිතූ නිසාවත්දෝ, අල්ලස් හා දුෂණ කොමිසම විසින් අද දිනයේ එම අධිකරණයේදීම තවත් නඩුවක් මහින්දානන්ද අළුත්ගමගේට විරුද්ධව ගොනු කරනු ලැබිණ.

ඒ කැරම් බෝඩ් සහ දාම් බෝඩ් 14000 බැගින් ආනයනය කිරීමක් සම්භන්ධව විමර්ෂණයක් වෙනුවෙනි. විත්තියේ නීතිඥ්ඥ මහතුන් පෙන්වා දුන්නේ එම කැරම් බෝඩ් සහ දාම් බෝඩ් ආනයනය කර ඇත්තේ සතොස ආයතනයෙන් බවත්, ගබඩා කර ඇත්තේ සතොස ආයතනයෙන් බවත්, බෙදා හැර ඇත්තේද සතොස ආයතනයෙන් බවත්ය. නමුත් ඒ සඳහා මුදල් ලබා දෙන බවට සතොස ආයතනයේ ඉල්ලීම පරිදි ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් වරයා ලිපියක් නිකුත් කර ඇති නමුත් ඒ සඳහා කිසිදු ලිඛිත හෝ වාචික නියෝගයක් අදාල මන්ත්‍රීවරයා විසින් ලබා දී නොමැති බවත්ය.

කරුණු සලකා බැලූ ගරු මහේස්ත්‍රාත්වරයා අද දින මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්‍රීවරයා ඇප මත නිදහස් කරන ලදී.

වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ “මහින්දානන්ද හොරා…” යැයි ගසමින් තිබූ ලේබලය පොලීසියේ රෙද්ද පල්ලෙන් බේරෙමින්, තවත් හොරු ඇල්ලීමේ නාටකයක් එසේ නිමා විය.

උපුටා ගැන්ම slnewslanka

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.