Featured

මහින්ද අපේ නායකයා මැරුවා -අපි මහින්දට එන්න දෙන්නේ නෑ

බලයට පත්වු වහාම යාපනයේ සියලුම පොලිස් ස්ථාන වසා දමන බවට අම්බානකට පොරටොක් දුන්  එක්සත් ජාතික පක්ෂයේ යාපන දිස්ත්‍රික් කණ්ඩායම් නායක විජයකලා මහේෂ්වරන් දමිළ මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ  උතුරට නායකත්වය දුන් තමන්ගේ නායකයා ඝාතනය කර පුද්ගලයින් 30,000ක් අබ්බාගාතයින් ලෙසත්, කාන්තාවන් 90,000කට වැඩි පිරිසක් වැන්දඹුවන් ලෙසත්, කුඩා ළමුන් 12,000ක් අනාතයින් ලෙස සහ වැටිහිටියන් 7000කට වැඩි පිරිසක් අසරණ තත්වයකට පත් කිරිමටද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කටයුතු කල බවයි.

“දෙමළ ජාති ඝාතනයක් කර, යුද අපරාධ චෝදනා ලබා සිටින පසුගිය මහින්ද රාජපක්‍ෂගේ රජයට නැවතත් පාලන බලයට පැමිණීමට අවසරය ලබානොදිය යුතුය”ඔහු පරාජය කර අපි අපේ අයිතිවාසිකම් දිනාගත යුතු බවයි ඇය පවසා ඇත්තේ.

යාපනය දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්‍ෂය ආසන 03ක් ලබාගැනීම සම්බන්ධයෙන් කිසිඳු සැකයක් නැති බවද ඇය පවසා තිබේ.

මේ අතර ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙන යන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටින අත්සන් මිලියනයක් ලබාගැනීමේ වැඩසටහන, මැලේසියාව සහ සිංගප්පූරුව යන රටවල ක්‍රියාත්මක කර ඇති අතර, තමිල්නාඩු සිනමා ක්‍ෂේත්‍රයේ සිනමා නළු සිම්බු, මෙම අත්සන් ලබාගැනීමේ වැඩසටහනට සහයෝගය ලබාදීමක් වශයෙන් තම අත්සන තබා තිබේන බවද දමිළ මාධ්‍ය වාර්තාකර තිබේ.

මේ අතර යාපනයේ ප්‍රදර්ශනය කර තිබේන විජයකලා මහේෂ්වරන්ගේ පෝස්ටර් වල මෛත්‍රීපාල සිරිසේන ජනපති හා ඇයගේ සැමියා වන ටී.මහේෂ්වරන්ගේ සහ රනිල්ගේ රුව යොදා තිබේනවා.2008 වසරේ ජනවාරි පළමුවන දින ආගමික වතාවත් සඳහා කොළඹ කොටහේනේ ශිවම් කෝවිලට ගිය එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රීක් මන්ත්‍රී ටී.මහේෂ්වරන් ඝාතනයට ලක්වූවා.

 කොටි පාලනය ඉතා හොඳයි.. හමුදාව අල්ලාගත් දා සිට උතුරේ ආරක්‍ෂාව නෑ – UNP ඇමතිනී මහේෂ්වරන්

Top