Anonymous Reporter

“මහින්ද” නාමය විකුණන්නගෙන් ප්‍රවේශම් වන්න

මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙන බව පෙන්වමින් එතුමාගේ නම යොදා ගනිමින් කිසියම් වංචනිකයින් පිරිස් සංවිධානාත්මකව අන්තර්ජාලයේ සහ ඉන් පිටත මහජනතාවගෙන් මුදල් එකතු කිරීමේ ව්‍යාපාර වල නියැලෙන බවට තොරතුරු අනාවරණය වි තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා හෝ එතුමාගේ පවුලේ උදවිය මුදල් එකතු කිරීමේ කටයුත්තකට කිසිවෙකුට කිසිදු ආකාරයකට අවසරයක් ලබා දී නැති බව තහවුරු කර තිබේන අතර කිසියම් අයෙකු ඒ ආකාරයට ඔබෙන් මුදල් ඉල්ලා සිටින්නේ නම් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ඉල්ලිමක් කර සිටි.

එහෙයින් එතුමාගේ කීර්තිනාමය යොදා ගනිමින් මහජනතාවගෙන් මුදල් එකතු කිරීමේ කටයුතු වල නියැලෙන වංචනිකයින්ට හසු නොවන මෙන් ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

Top