Featured

මහින්ද-රනිල් රහසිගත හමුවක් -මෛත්‍රීගේ නැට්ට ගිනී ගනි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ (04) පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී පැවති රහසීගත සාකච්ඡාව සහ මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව අමතා කල කතාව හේතුවෙන් මෛත්‍රීපාල සිරිසේන නැට්ටට ගිනි තබාගෙන දගලන බව වාර්තා වේ.

ඊයේ අයවැය විවාදය හමුවේ එකිනෙකා තම අදහස්‌ ඉදිරිපත් කිරීමට පෙර සිදුවී ඇති මෙම සාකච්ඡාව පිළිබඳව තොරතුරු කිසිවක්‌ මාධ්‍යට අනාවරණය නොකල අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අය වැය විවාදයට එක්‌ව අදහස්‌ පළකිරීමෙන් පසුව දිවා විවේකය සඳහා සභාවේ කටයුතු අත්හිටුවා තිබූ කාලයේදී මෙම සාකච්ඡාව අගමැතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර සිදුව තිබේ.

සාකච්ඡාව අතිශය රහසිගතව සිදුවු නිසා එහිදි සාකච්ඡා වු කරුණු හෙලි නොකිරිමට දෙදෙනාම එකගත්වය පලකර ඇති අතර දෙකයි පනහේ ලපයි සිපයයියන්ට ආණ්ඩු බලය යැම වැලැක්විම මෙම සාකච්ඡා වල ප්‍රධාන් අරමුණ බව පමණක් දැනට අනාවරණය කල හැක.

මේ අතර අදාල සාකච්ඡාව සම්බන්ධයෙන් දැන් ගත් අවස්ථාවේ සිය මෛත්‍රී නියෝග කර ඇත්තේ පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ විවිධ චොදනා එල්ල වි තවමත් මහින්ද සමග සිටින සියලුම දෙනා වහාම් අත් අඩංගුවට ගෙන පසුව නීතිය ක්‍රියාත්මක කරන ලෙසටයි.

පසුගිය මහා මැතිවරණ සමයේද එජාප නායකත්වය ආරක්ෂා කරගැනීමේ දැවැන්ත අභියෝගය නැවතත් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ මතුවෙමින් පැවති අතර එවකටද මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර සංවාදයක් සිදුවුනා. ඒ සඳහා මෙම නායකයන් දෙදෙනාම භාවිතා කර ඇත්තේ ඉතා උපායශීලී මාර්ගයක්ය.විශ්වාසවන්ත සහ අප්‍රකට පුද්ගලයන් දෙදෙනෙකුගේ නමට ලබාගත් සිම් පත් දෙකක් භාවිතා කරමින් අද දින අන්තර්ජාලය වෙත ප්‍රවිෂ්ඨ වෙමින් නවතම පණිවුඩ හුවමාරු මාධ්‍යයක් භාවිතාකරමින් මෙම සංවාදය සිදුවී ඇත. මෙය ඉතා දියුණු තාක්ෂණයක් වන අතර රාජ්‍ය නායකයන් පණිවිඩ හුවමාරු කරගැනීම සඳහා භාවිතා කරන්නේ මෙම තාක්ෂණයයි. මෙහි විශේෂත්වය වනුයේ පණිවිඩ හුවමාරුව සිදුවන පුද්ගලයන් දෙදෙනා අතර හුවමාරු වනුයේ කේතිත (coded) පණිවිඩ වන අතර එය කියවීමට නම් පණිවිඩය ලබන අය පමණක් දන්නා ප්‍රතිකේතිත (decoded) යාන්ත්‍රණයක් භාවිතා කිරීමට සිදුවීමයි. එබැවින් මේ පණිවිඩය යම් තාක්ෂණයක් භාවිතා කරමින් වෙනත් අයෙක් මැදදී ලබාගත්තත් එම තැනැත්තාට එය කිසිසේත් කියවිය නොහැකිය.

Top