Breaking
21 Feb 2025, Fri

මහින්ද රාජපක්‍ෂ ආරක්‍ෂා කළෙ අමාත්‍ය මණ්ඩලය ද? එහෙමත් නැත්නම් රෝ සංවිධානය ද? … මහින්ද හා රෝ නාඩිය

Published on: Oct 26, 2018 – සති ගණනාවකට පස්සෙ නාලක ද සිල්වා අත්අඩංගුවට අරගෙන ඒ පොඩි දේකට නොවෙයි. රටේ ජනාධිපති හා හිටපු ආරක්‍ෂක ලේකම් ඝාතනය කිරීමේ කතාවක් සම්බන්ධයෙන්. ඒ චෝදනා කරන පුද්ගලයා නාමල් කුමාර කියල පොලිස් ඔත්තුකරුවකු බව පැවසෙනවා. ඔහු තාම අත්අඩංගුවට පත් වෙලා නැහැ. ඔහු සරත් ෆොන්සේකා ගැනත් කියනවා. මෙහි ඇත්ත නැත්ත අප දන්නේ නැහැ. නාලක – නාමල් කටහඬ පට 123කින් 122ක් ද කොහෙද සැසඳෙනවා කියනවා. ඒ සංඛ්‍යා වැරදි වෙන්න පුළුවන්. එහෙත් ඒ සංඛ්‍යා ප්‍රතිශතය එ ජා පක්‍ෂය වෙනුවෙන් ජ වි පෙ ඉදිරිපත් කළ විසිවැනි සංශෝධනයේ ව්‍යවස්ථාවට එකඟ නොවන වගන්ති ප්‍රතිශතයටත් වඩා බෙහෙවින් ඉහළයි. ජ වි පෙරමුණට දැන් වෙනින් වාර්තාවක් ගැන හිතන්න වේවි. පහුගිය දා පැවති ජන උද්ඝෝෂණයේ රතු කමිස ඇඳගත් පාක්‍ෂිකයන්ගේ හා රතු කමිස ඇඳනොගත් පාක්‍ෂිකයන්ගේ එකතුවේ ප්‍රතිශතය කීයද දන්නෙ නැහැ.අනුර කුමාර රතු කමිසයක් ඇඳ සිටියේ නැති නිසයි ඒ විධියට ප්‍රශ්න කරන්නෙ.

සරත් ෆොන්සේකා කියා ඇති ආකාරයට ම කවුරු හරි චෝදනාවක් කරපු ගමන් වැඩ තහනම් කරන්නවත් අත්අඩංගුවට ගන්නවත් බැරි බව පිළිගන්න ඕන. ඒත් සමහරුන් අත්අඩංගුවට ගන්නෙ පරීක්‍ෂණයට පෙර. දැන් නාලක ද සිල්වා අත්අඩංගුවට අරන් තියෙන්නෙ චෝදනාවල මොනව හරි වැදගත් දෙයක් තියෙන නිසා ද? නාලක ද සිල්වට පසුව ඇප ලැබෙයි ද? ඒක පොලීසිය උසාවියට ඉදිරිපත් කරන කරුණු මත රඳා පවතින්නක්. නාමල් කුමාරගෙ කතා අනුව ඉන්දීය ජාතිකයකුගෙ නමත් කියැවෙනවා. ඒ ඉන්දීය ජාතිකයා මානසික රෝගියකු බව මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ක්‍ෂණිකව කියා සිටියා. ඔහු රෝ ඔත්තුකාරයකු බවට කතා පැතිර යනවා.

රෝ ඔත්තුකාරයන් කාලයක සිට මෙරට ඉන්නවා. එහෙත් ඔවුන් නම් කරන එක තරමක් අමාරු වැඩක්. රෝ ඔත්තු සේවය තම ඒජන්තයන්ගෙ නම් ලැයිස්තු මුහුණු පොතේ පළ කරන්නෙ නැහැ. ඒත් වැඩවලින් අතීතයෙන් කතාවෙන් සහ තවත් කරුණුවලින් යම් නිවැරදිතාවක් සහිත ව ඔවුන් ගැන කියන්න පුළුවන්. දැන් මහින්ද අමරවීර අමාත්‍ය මණ්ඩලයේ ඉන්න රෝ ඔත්තුකාරයන් ගැන කියනවා. එහෙම ඉන්නව නම් ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. පාර්ලිමේන්තුවේ ඇමතිවරුන් නොවන මන්ත්‍රීවරුන් (ඒ කොපමණ ද කියා හරියට දන්නේ නැහැ) අතරත් රෝ ඔත්තු කාරයන් ඉන්න පුළුවන්.

මහින්ද අමරවීර ඇමති මණ්ඩලයේ රෝ ඔත්තඔරකැවන් ප්‍රසිද්ධියේ නම් කරන එකක් නැහැ. එහෙම නම් කළොත් ඔවුන් ඔහුට විරුද්ධව නඩු දාන්න පුළුවන්. ඒත් තවත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහින්ද කෙනකු කියා තිබුණා ඇමති මණ්ඩලයේ රෝ ඔත්තු කාරයන් නැහැ කියලා. ඒ මහින්ද රාජපක්‍ෂ. අද නම් ඔහු කුරුණැගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක්. නාමල් රාජපක්‍ෂ තම පියා වෙනුවෙන් තමන්ට හරියට ගලප ගන්න බැරි කතාවක් කියලා තිබුණා.

මට තියෙන ප්‍රශ්නය මහින්ද රාජපක්‍ෂ හරියට ම දැන හිටියෙ කොහොමද ඇමති මණ්ඩලයෙ රෝ ඔත්තඔරකැවන් නැති බව. ඔහු මහින්ද අමරවීරට ප්‍රතිචාර දක්වන්න අවශ්‍යතාවක් තිබුණෙ නැහැ. අමරවීර ඒ කතාව මෛත්‍රිපාලයි අනෙක් ඇමතිවරුයි එක්ක බේරා ගනීවි. ඉන්දීය ට්‍රොයිකාව දැන් ක්‍රියාත්මක නැති නිසා ඔවුන් ප්‍රශ්න කරන එකක් නැහැ. ඉන්දියාව ඒ ගැන ප්‍රශ්න කළත් ඒ ජනාධිපතිගෙන් හරි අගමැතිගෙන්.

මහින්ද රාජපක්‍ෂ හරියට ම දැන හිටියෙ කොහොමද ඇමති මණ්ඩලයෙ රෝ ඔත්තු කරුවන් නැහැ කියලා. ඔහුට නිච්චියට ම ඒ බව කිවුවෙ කොහොම ද? නාමල් රාජපක්‍ෂ කියන කතා ගැන මා සැලකිලිමත් වන්නේ නැහැ. ඔහු තාම වැඩ පුරුදු වෙනවා. ඔහු හා සජිත් එක හැළියේ බත් කන අය. ඒත් එක ම හැළියෙ නොවෙයි. මහින්ද රාජපක්‍ෂ ආරක්‍ෂා කළෙ අමාත්‍ය මණ්ඩලය ද? එහෙමත් නැත්නම් රෝ සංවිධානය ද?

මහින්ද රාජපක්‍ෂ කියන කතා මහින්ද අමරවීර කියන කතාවලට වඩා ඉන්දියාවට හා ඇතැම් බටහිර රටවලට වැදගත්. මහින්ද රාජපක්‍ෂගෙ කතාවෙන් කියැවුණෙ රෝ ඔත්තුකාරයන් ඇමති මණ්ඩලයෙ නැති බව. ඉන්දියාවට ඒක සහතිකයක් වුණා.

මහින්ද රාජපක්‍ෂ 2015 දි කිව්වෙ ඔහු පරාජය කෙළෙ රෝ ඔත්තු සේවය කියලා. ඒක හරියට ම හරි. මෙරට ඇතැමුන් රෝ ඔත්තු සේවය පඩි ලැබූ අය හෝ පඩිවත් නොලැබූ ඉත්තන් වූ බව පැහැදිලියි. ඊනියා යුග පෙරළිකරුවන් ගැන කාටත් වඩා මෛත්‍රිපාල දැන ගන්න ඕන. ඒ අය පෙරළපු ආණ්ඩුවක් නැහැ. අර සාධාරණ සමාජ කාරයොත් කසකාරයන් පමණයි. පෙරහැර සංවිධානය කෙළෙ රෝ ඔත්තු සේවය. පෙරහැරෙ වැඩම කළ රතන හිමිත් දැන් භාරකාර ආණ්ඩු කතා දේශනා කරනවා. අනේ කාලේ වනේ වාසේ කිව්වලු.

මහින්ද රාජපක්‍ෂගෙ ඇමති මණ්ඩලයෙත් රෝ ඔත්තුකාරයන් ඉන්න ඇති. මෛත්‍රිපාලගෙ ඇමති මණ්ඩලයෙත් රෝ ඔත්තුකාරයන් ඉන්න පුළුවන්. රෝ ඔත්තු සේවය ඔත්තු කරුවන් පත් කරන්නෙ අපට කියලා නො වෙයි. මෙරට විදෙස් ඔත්තු සේවාවන් ක්‍රියාත්මකයි. ඉන් වඩාත් ම බලවත් රෝ ඔත්තු සේවය වෙන්න ඕන. ඉන්දියාවට ලංකාව තම ග්‍රහණයට නතු කර ගැනීමේ අවශ්‍යතාව තියෙනවා. ඒක ඉන්දියාව නිදහස ලැබූ දින සිට ම තියෙන එකක්. පනික්කාර් කිව්වෙ ඉන්දියන් සාගරය ඉන්දියාවෙ සාගරය කියලා. ඒක තාම වෙලා නැත්තෙ ඉන්දියාවට පහළින් පිහිටි අපේ රට නිසා. රට කුඩා වෙන්න පුළුවන්. එහෙත් දෙවුන්දර තුඩුවෙන් දකුණට දක්‍ෂිණ ධ්‍රැවය දක්වා ම වෙනත් ගොඩ බිමක් නැහැ. හම්බන්තොට වරාය ඉන්දියන් සාගරයේ මර්මස්ථානයක්.

මහින්ද රාජපක්‍ෂ තම ස්ථාවරය වෙනස් කරගෙන ද? පුවත්පත්වලට අනුව ඔහු කියා තිබෙනවා මහින්ද අමරවීරගෙ කතාව භයානකයි ඒත් ආණ්ඩුව නිහඬයි කියලා. එහෙම නම් එය යහපත් වෙනසක්. මහින්ද රාජපක්‍ෂට ජනතාවගෙ නාඩි තේරෙනවා. ඒත් නාඩි අල්ල ගන්න ටික වෙලාවක් යනවා. ඒ වෙලාව දවසක සිට අවුරුදු කිහිපයක් වෙන්න පුළුවන්. කොහොමටත් මහින්ද රාජපක්‍ෂට ඉක්මණට ජනතාවගෙ නාඩි අල්ල ගන්න පුළුවන් නම් හොඳයි.

~~ කාළය ~~

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.