Breaking
25 Feb 2025, Tue

මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අත් අඩංගුවට ගැනිම පසුපස අගමැති! තිස්සට දුන්නු දඩුවම ගැන වෛරයෙන් ඉදලා

කොළඹ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාව අනිවර්ය නිවාඩු යැවිමට අධිකරණ සේවා කොමිසම ගත් තින්දුව සම්බන්ධයෙන් තමන් දැන ගත්තේ මාධ්‍ය වාර්තා කල අවස්ථාවේදි බවත් තමන්ට මහේස්ත්‍රාත්වරයා සමග කිසිදු ගැටුමක් නොමැති බවත් තමන් අපහසුතාවට පත්කිරිමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂයේ නායකයන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා ඇති ව ජනාධිපති මන්දිරයේ අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

තමන් සහ මහේස්ත්‍රාත්වරයා අතර තිබුනේ ගැටුමක් නොවන බවත් තමන් සම්බන්ධයෙන් පැන නැගුනු ගැටලුවේදි ඒ පිළිබඳව මහේස්ත්‍රාත්වරයා සමග සාකච්ඡා කර විසදුමකට ආ බවද ජනාධිපතිවරයා සදහන් කර තිබේ.කෙසේනමුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සමග වෛරයකින් පසුවු බවත් ඊට ප්‍රධානම හේතුව වි ඇත්තේ තිස්ස අත්තනායකට දැඩි සිරදඩුවමක් නොදිම බවද ජනාධිපති මන්දිරයේ අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සමග තරහකින් පසුවු බවත් ඊට ප්‍රධානම හේතුව වුයේ හිටපු එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් තිස්ස අත්තනායක මහතා ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග එක් විමට ගත් තිරණයත් පසුව ජනාධිපතිවරණයේන් මහින්ද රාජපක්ෂ පරාජය විමත් සමග තිස්ස අත්තනායකට එරෙහිව අල්ලස් සහ බෙදුම්වාදී ලියවිල්ල රටට හෙලිදරව් කිරිම සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කිරිම සම්බන්ධයෙන් නඩු පැවරු අතර ඒ හරහා ඔහු වසර කිහිපයකට සිරගත කරන ලෙසට අදාළ නඩුවට පෙනීසිටි මහේස්ත්‍රාත් තිළිණ ගමගේට බලපැම් කලද ඔහු නිදහස් කිරිමට කටයුතු කිරිම සම්බන්ධයෙනි.

කූඨ ලේඛන සකස් කිරීමේ වරදට ඔහු වැරදිකරුවකු වුවහොත් හත් අවුරුදු සිරදඬුවම් නියම කළ හැකි බව දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වන බව පවසමින් කෙසේ හෝ තිස්ස අත්තනායක සිරගත කරන ලෙසට බලපෑම් කර තිබේ.කෙසේ නමුත් නඩුවේ තින්දුව ලබාදෙමින් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා කූට ලේඛන සකස් කල බවට සිදු කළ පරීක්ෂණවලින් සාක්කි අනාවරණය නොවන නිසා ඔහු ඇප මත නිදහස් කරන බව කොළඹ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ එවකට නියෝග කළා.

පසුව අවස්ථා ගණනාවකදි කොළඹ මහේස්ත්‍රාත් තිළිණ ගමගේට ඒ සම්බන්ධයෙන් දෝෂාරෝපණය කර ඇති එජාපයට හිතැති නීතිඥවරුන් දිගින් දිගටම තිළිණ ඉලක්ක කර ප්‍රහාරයන් දියත් කල අතර ඔහු පටලාවා ගැනිමට මගක් සොයමින් අදාළ අලි පටලැවිල්ලට පටලවාගෙන තිබේ.

අලි ගැන නොකී කතා

රුපියල් හැට නව ලක්‍ෂ හැත්තෑ දහසක් වටිනාකම ඇති අලි පැටියකු නීත්‍යනුකූල නොවන ලෙස සන්තකයේ තබාගැනීම ඇතුළු තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ ඇතුළු සිව්දෙනකුට අලි හොරකම අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වෙමින් තිබියදි බලපත්‍ර නැතිව අලි හොරෙන් තබාගෙන සිටින අලි හොරු කිහිප දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු අපට ලැබි තිබේ.

කතරගම දේවාලයේ වාසනා ඇතා,කොළඹ හුණුපිටිය ගංගාරාම විහරස්ථානයේ ඇතා,ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කාපු චන්ද්‍රිකාගේ ඇම්බැට්ටයෙකු වන (කලක් රියදුරුව සිට පසුව ඇමති වු ) චන්දන කත්‍රීආරච්චි ලග සිටින කණ්ඩුල මෙන්ම කැළණියේ සිටින කණ්ඩුලටද බලපත්‍රයක් නැත.මිට අමතරව අප්පචි මළෝ කියමින් රටවටේම දුවලා පිනට මන්ත්‍රිකමක් මෙන්ම ඇමතිකමක්ද ලබාගත් අමනයෙකු වන විජිත් විජිතමුණි සොයියා පිටි ලෝරියක සගවා ගෙනා අලියාටද බලපත්‍රයක් නැති බව රහස් පොලිසිය දන්නේ නැත්නම් අද දැන ගන්න.මිට අමතරව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභලයෙකු වන මියගිය ටියුඩර් දයාරත්න ලගද බලපත්‍ර නොමැති ඒක දන්ත නැමති ඇතෙකු සිටින බව සමහර ඉට නොදන්නවා වන්නට පුලුවන.

 

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.