අනියම් පෙම සනසන්න කෘෂි ඇමති විගණකාධිපතිවරයාත් අන්දයි යනුවෙන් 2016 අප්‍රියෙල් 4 වැනිදා කෘෂිකර්ම අමාත්‍ය මෛත්‍රීගේ බත් බැලයා වන් දුමින්ද දිසානායක මිල ගණන් කැඳවීමකින් තොරව ප්‍රසම්පාදන පටිපාටියේ නීති රීති උල්ලංඝනය කර රුපියල් එක්කෝටි පනස් ලක්ෂ හැත්තෑ පන්දහසක (රු. 1,50,75,000) මාසික කුලියකට පෞද්ගලික ගොඩනැඟිල්ලක් කුලියට ගැනීම පිළිබඳව අප කල අනාවරණය මේ වනවිට පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතත් ප්‍රසිද්ධ රහසක් වට පත්වි අවසන්.
වසර ගණනාවක් දුමින්ද සමග අදාළ කාන්තාව සබඳතාවයක් පවත්වාගෙන යන අතර බත්තරමුල්ල ප්‍රදේශයේ කෘෂිකර්ම අමාත්‍යාංශය සතු හෙක්ටයාරයක වපසරිය ඇති ඉඩමේ ගොඩනැඟිල්ලක් ඉදිකර ගැනීමට කටයුතු නොකර පෞද්ගලික ගොඩනැඟිල්ලක් පස් වසරකට කුලියට ගැනීමට ගිවිසුකට එළැඹීමෙන් රුපියල් අනූපන්කෝටි අසූලක්ෂයක් (රු. 95,80,00,000) පෞද්ගලික සැපයුම්කරුවකුට කුලී ගෙවීමට එකඟවීමත් සමග කල සොයා බැලිමේදි අදාළ ගොඩනැගිල්ලඇයට අයිති එකක් බව අනාවරණය වි තිබේ.
මේ දුමින්දගේ මහ දවල් ගෙම ගැන උදේශ සංජිව ගමගේ දිවයින ඉරිදා සංග්‍රහයට තැබු සටහහනකි..
* එඑෆ්.සී.අයි.ඩීයට හසුනොවු තවත් කතාවක්
* තවමත් නොගිය ගොඩනැගිල්ලකට කුලිය මාසයකට කෝටි 1.5
* අවුරුදු පහකට කෝටි 96යි…
* ටෙන්ඩර් නෑ… මිල කැදවීම් නෑ…
පරණ කතා නිතර නිතර කීමත්, පරණ කතා නිතර නිතර ඇසීමත් මෝඩකමකි. එහෙත් යහපාලනය සම්බන්ධයෙන් කියෑවෙන සමහර පරණ කතා වුවමනාවෙන්ම ඇසිය යුතු වන්නේ එම කතා රටේ ජනතාවගේ “අං” කොතරම් දුරට වැවී ඇත්දැයි සිහිපත් කරන බැවිනි. දැන් “ජනවාරි අට වෙනස” සමරන්නට ඇත්තේ ඉතා කෙටි කලකි. හරියටම කීවොත් මාසයකුත් දින පහළොවකි. යහපාලන ආණ්‌ඩුවට ද අවුරුදු දෙකකි. මේ කාලය අතරතුර යහපාලන ආණ්‌ඩුවේ සමහර ඇමැතිවරුන් ගැන අහන්නත් සනීපය, සුවදායකය. ඒ නිසාම කොතරම් පරණ කතාවක් වුවද මෝඩකම ගැන අමතක කර මේ කතාව නැවත අසන මෙන් අපි ඉල්ලා සිටිමු.
පරණ කතාව
ආණ්‌ඩුවේ බොහෝ මැති ඇමැතිවරුන්ට තමන්ගේ අමාත්‍යාංශ ගොඩනැඟිල්ල රුපියල් කෝටියක් දෙකක් වියදම් කර අලුත්වැඩියා නොකළොත් හිතට හරි නැත. අලුත්ම ගෘහ භාණ්‌ඩ ලබාගැනීමට තවත් කෝටියක් දෙකක් වියදම් නොකළොත් රෑට නින්ද යන්නේ නැත. ඒ නිදි වැරීමේ ඇරියස් අල්ලන්නේ පාර්ලිමේන්තුවේදීය, (ඉහළ පෙළේ රැස්‌වීම් වලදීය.) අලුත් ඇමැති මණ්‌ඩලයට පොදු මේ කාරණය කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායකට ද පොදුය. ඒ නිසාම එදා 2015 වර්ෂයේ දෙසැම්බරය වන විට සිය අමාත්‍යාංශය සඳහා අලුත් ගොඩනැඟිල්ලක් සෙවීය. ඒ සාධාරණ හේතුවක් නිසාය. කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා නව ගොඩනැඟිල්ලක් අවශ්‍යව තිබිණි. ඒ දැනට කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන බත්තරමුල්ලේ පිහිටි ගොඩනැඟිල්ල පාර්ලිමේන්තු කාරක සභාව පවත්වාගෙන යැම පිණිස පාර්ලිමේන්තුවට ලබාදීමට නියමිත නිසාය. බත්තරමුල්ල රජමල්වත්තේ පිහිටි ගොවිජන මන්දිරය තුළ වනජීවී අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය හා විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශය පවත්වාගෙන යමින් තිබිණි. එම ගොඩනැඟිල්ල පාර්ලිමේන්තුවට ලබාදීමේදී අදාළ අමාත්‍යාංශයන් පවත්වාගෙන යැමට “වෙනත් රජයේ ගොඩනැඟිලි” භාවිත කරන ලෙස උපදෙස් ද ලබාදී තිබිණි.
ආසන්නතම යෝජනාව වූයේ “සෙත්සිරිපායයි.” වනජීවී අමාත්‍යාංශයත්, විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශයත් වහාම සෙත්සිරිපායේ සිය අමාත්‍යාංශ ස්‌ථාපිත කිරීමට කටයුතු යෙදීය. නමුත් කෘෂිකර්ම අමාත්‍යාංශය එම ගොඩනැඟිල්ලට යැම එකහෙලා ප්‍රතික්‍ෂේප කර තිබිණි. හේතුව එම ගොඩනැඟිල්ලේ ප්‍රමාණවත් ඉඩ පහසුකම් නැති බව කියමිනි.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගරු ඇමැති දුමින්ද දිසානායකගේ පෙර වාසනා මහිමයකට සිය අමාත්‍යාංශය සඳහා “වටිනා ගොඩනැඟිල්ලක් හමුවන්නේ ඔය අතරවාරයේය. එහෙත් පොඩි පරහක් තිබිණි. ඒ එම ගොඩනැඟිල්ල “උපදෙස් ලැබී තිබුණු පරිදි රජයේ ගොඩනැඟිල්ලක්” නොවීමය. පෞද්ගලික සමාගමකට අයත් එම ගොඩනැඟිල්ල පිහිටා තිබුණේ රාජගිරිය පාර්ලිමේන්තු පාරේ අංක 288 දරණ ස්‌ථානයකය. දැන් මේ කතාව හරියට චිත්‍රපටයක පිටපත වගේය. “ප්‍රධාන නිළියක්” සිටින මුත් සිංදු ෆයිට් නැත. දුෂ්ටයෙක් ද නැත. ඒ නිසාම රජයේ ගොඩනැඟිලි සෙවීම පසෙක තබමින් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක එම ගොඩනැඟිල්ල මිලදී ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නේය.
ඒ 2015 දෙසැම්බර් මාසයේදීය. එහෙත් ඒ මොහොතෙහි ඊට කැබිනට් අනුමැතිය හිමිවන්නේ නැත. එම ඉල්ලීම සලකා බැලීම සඳහා කැබිනට් අනු කමිටුවක් පත් කරන ලද මුත් ඊට පසු සිදුවූ දෙයක් ගැන වාර්තා වන්නේ ද නැත. 2016 පෙබරවාරි 17 වැනිදා මේ කාරණය වෙනුවෙන් අමාත්‍ය මණ්‌ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී තිබිණි. ඒ කුලී පදනම මත එම ගොඩනැඟිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා ගැනීම සඳහාය. 2016 මාර්තු 02 වැනිදා ඒ සඳහා කැබිනට් මණ්‌ඩලය අනුමැතිය ලබාදී තිබිණි. එහෙත් “සිහිබුද්ධිය තිබෙන අතළොස්‌සක් හෝ සිටින නිසා මේ ගැන බරපතළ සැකසංකා මතුව තිබිණි. එහිදී වඩා වැදගත් වන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂණ වාර්තා දැක්‌වීම මේ සම්බන්ධයෙන් අතිශය වැදගත්ය. විගණකාධිපතිවරයාගේ නිගමනයට අනුව මේ ගනුදෙනුව ප්‍රසම්පාදන පටිපාටියේ නීතිරීතිවලට පටහැනිය. ඒ මෙසේය.
>ටෙන්ඩර් පටිපාටිය අනුව ගොඩනැඟිල්ල මිලදී ගැනීමට කටයුතු කර නැත.
>වර්ග අඩියකට රුපියල් 167.50 කට මාසික කුලියක් අය විය යුතු යෑයි කියන ගොඩනැඟිල්ල හිමිකරුගේ කතාව කෘෂිකර්ම අමාත්‍යාංශය (හෝ ඇමැතිවරයා) කිසිදු වගවිභාගයකින් තොරව පිළිගෙන තිබේ.
>තක්‌සේරු වාර්තා දක්‌වන්නේ වර්ග අඩියක මිල රුපියල් 150 ක් බවය. (වැඩිපුර රුපියල් 17.50 ක් ගෙවීමට අමාත්‍යාංශය කැමැත්ත පළ කර තිබේ.)
>ගොඩනැඟිල්ල මිලදී ගැනීමෙන් වසර තුනකට පසුව සියයට පහළොවක මාසික කුලිය වැඩිවීමක් සිදු වේ.
>දෙවසරක් සඳහා කුලී අත්තිකාරමක් ද අවශ්‍ය බව ගිවිසුමේ කොන්දේසි අතර වේ.
කෙසේ හෝ විගණකාධිපති වරයාගේ නිගමනය වී ඇත්තේ එම ගොඩනැඟිල්ල කුලියට ගැනීමේදී විචක්‍ෂණයකින් තොරව කටයුතු කර ඇති බවය. මේ සම්බන්ධයෙන් කළ පරීක්‍ෂණයේ නිරීක්‍ෂණ ඇතුළත් අංක ඒජීඑල් /සී/15/ඒකිව්/ 21 (AඨඛරැCරැ15රැAQරැ21) විගණන විමසුමෙහි මේ කරුණු දක්‌වා තිබේ.
මේ ගැන මාධ්‍ය මගින්ද අනාවරණය කෙරිණි. අප්‍රේල් මස 20 කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමැතිවරයා කියා තිබුණේ ගොඩනැඟිල්ල මිලදී ගැනීම අත්හිටු වූ බවය. එහෙත් ඇත්ත වශයෙන්ම සිදුව තිබුණේ විගණන වාර්තාවට ද කොකා පෙන්වමින් ඒ වනවිටත් එනම් මාර්තු 8 වැනිදා වනවිට ගොඩනැඟිල්ලේ හිමිකරුගේ කොන්දේසි ප්‍රකාරව දෙවසරක කුලී අත්තිකාරම් සමග අප්‍රේල් මාසයේ කුලිය ගෙවා අවසන් කර තිබීමය. ඒ අනුව රුපියල් දෙකෝටි දශලක්‍ෂයක් (රු. 2,10,00,000) වූ මාසික කුලිය දෙවසරකට රුපියල් පනස් කෝaටි හතළිස් ලක්‍ෂයක් ලෙස කුලී අත්තිකාරම් ද සමගින් ගෙවා අවසන් කර තිබිණි. එම මුදල් ගෙවීම් කර තිබෙන්නේ අංක 138/4 සහ 139/4 යන වවුචර මගිනි.
පැහැදිලිවම මේ සිදුව තිබෙන්නේ අදාළ බලධාරීන්ට සේම රටේ ජනතාවටත් කොළේ වසා ගැහිල්ලකි. මේ තක්‌කඩි ගනුදෙනුව අනුව මසකට එම ගොඩනැඟිල්ලට ගෙවිය යුතු මුදල රුපියල් කෝටි එකහමාරකි. ඊට අඩුවෙන් තැනක් සොයා ගැනීමට හැකියාවක් තිබුණේ නැතැයි කියන බොරුව රටේ ජනතාව හිස් මුදුනින් පිළිගත යුතුය.
නොගිය ගොඩනැඟිල්ලට කුලී
ඒ කතාව මාස හතරක් පමණ පරණය. මෙතැන් සිට ඔබ කියවන කතාව සිහිබුද්ධියෙන් කියවිය යුතුය. ඊට හේතුව මේ රටේ ජනතාව (ඔබ) ගොනාට ඇඳ ඇතැයි සිතන දේශපාලනඥයන්ගේ කෙරුවාව කෙසේදැයි විස්‌තර කරන්නට මීටත් වඩා උදාහරණ නැති නිසාය. ඒ තරම් හීන් නූලෙන් වැඩ කළ කෘෂිකර්ම ඇමැතිවරයා මේ වනවිට එම ගොඩනැඟිල්ලේ පදිංචියට ගොස් ඇතැයි ඔබ සිතන්නේ නම් ඔබ වැරදිය. තවමත් කෘෂිකර්ම අමාත්‍යාංශය තිබෙන්නේ බත්තරමුල්ලේ රජමල්වත්තේය. එහෙත් පොරොන්දු ප්‍රකාරව දුමින්ද දිසානායක අමාත්‍යවරයාගේ සිහින ගොඩනැඟිල්ල වෙනුවෙන් කුලිය ගෙවා තිබේ. නිවැරැදිව කීවොත් ගෙවුණු මාස හතරට ගෙවිය යුතු රුපියල් අටකෝaටි හතළිස් ලක්‍ෂයක කුලිය ගෙවන්නට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ මේ නව ගොඩනැඟිල්ලට යැම පමා වන්නේ දුමින්ද දිසානායක ඇමැතිවරයාට “නැකතක්” හරි ගියේ නැති නිසා නොවේ. ඒකාබද්ධ විපක්‍ෂයේ උදවියට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නට කාලය වැය වන නිසාද නොවේ. එම නව ගොඩනැඟිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යැම සඳහා කොතරම් යෝග්‍ය ද යන්න පිළිබඳව ලබාදී ඇති වාර්තාව නිසාය. සරලව කිවහොත් 2016 මැයි 05 දින ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඉදිරිපත් කර ඇති වාර්තාව අනුව, වාණිජ සාප්පු සංකීර්ණයක් ලෙස නිර්මාණය කර ඇති ගොඩනැඟිල්ල කාර්යාලයීය කටයුතු සඳහා භාවිත කිරීමට නම් එහි වෙනස්‌කම් සිදු කළ යුතුය. එහි වැදගත්වන කාරණා කිහිපයක් පමණක් සටහන් කරන්නේ මේ අවලස්‌සන ගනුදෙනුව යහපාලනයට කොතරම් නොගැළපෙන්නේ දැයි තේරුම් ගැනීමටය.
අදාළ වාර්තාවට අනුව මේ ගනුදෙනුව සඳහා පාදක වූ ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා එම ගොඩනැඟිල්ල පිහිටි මුළු ඉඩමම භාවිත කර තිබේ. ඒ නිසා කසළ එකතු කිරීමට අප ජලය, මළ ජලය පිළිසකර යන්ත්‍රාගාරයක් සඳහා යෝජනා ඉදිරිපත් කර තිබේ. එමෙන්ම එම ගොඩනැඟිල්ලේ ගිනි ආරක්‍ෂණ ක්‍රියාදාමය, ගිනි නිවන දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂා කිරීම්වලට ලක් විය යුතු බවත්, හදිසි පිටවීම් සඳහා අතිරේක පඩිපෙළක්, විදුලි සෝපානයක්, හදිසි තත්ත්වයකදී රැස්‌වීමේ ස්‌ථානයක් හා ගිනි නිවීම් රථ ප්‍රවේශවීමේ හැකියාව තිබිය යුතු බවත් එම යෝජනා නිර්දේශවලින් පෙන්වා දී තිබේ.
එම වාර්තාවේ සඳහන් වන පරිදි ගොඩනැඟිල්ලේ එහි එක් මහලකට ඇත්තේ ඇම්පියර් 100 ක තෙකලා විදුලි ධාරිතාවක් පමණි. ඉන් වැඩි ප්‍රමාණයක් එනම්, ඇම්පියර් 95 ක පමණ ප්‍රමාණයක් වැය වන්නේ වායු සමීකරණ යන්ත්‍ර සඳහාය. ඉතිරි ඇම්පියර් පහක ප්‍රමාණයෙන් මුළු මහලේ ඉතිරි විදුලි අවශ්‍යතා පිරිමැසිය නොහැකි නිසා අමතර ඇම්පියර් 60 ක විදුලි ධාරිතාවක් අවශ්‍ය වන බව එම වාර්තාවේ සඳහන් ය.
(මේ කියන්නේ අමාත්‍යාංශයක නොව ඕනෑම කුඩා කාර්යාලයක වුව භාවිත කෙරෙන පරිගණක, මුද්‍රණ යන්ත්‍ර, ෙµdටෝ කොපි යන්ත්‍ර වැනි දැ ගැනය.) එමෙන්ම එහි ක්‍රියාත්මක පරිදි තට්‌ටු හතක ගොඩනැඟිල්ලේ 500 ක පමණ පිරිසකට යැමට ඒමට ඇත්තේ එක්‌වර හත්දෙනකුට පමණක් යා හැකි විදුලි සෝපාන යන්ත්‍ර දෙකකි. එම විදුලි සෝපානද අලුත්වැඩියා කළ යුතු බවට නිර්දේශ ඉදිරිපත් වී තිබේ. ප්‍රශ්නය වන්නේ ගොඩනැඟිල්ලේ ගනුදෙනුව සිදුවන විට විදුලි සෝපානයක ගමන් කළ හැකි ගණන 16 ක් ලෙස සඳහන්ව තිබීමත්, එහෙත් ඇත්ත වශයෙන්ම එහි ගමන් කළ හැකි ප්‍රමාණය 07 (හතක්) පමණක් වීමත් ය. ගොඩනැඟිල්ලේ නොසුදුසු බව ගැන කියන්නට තවත් උදාහරණ බොහෝය. ගොඩනැඟිල්ල කුලියට ගැනීමට පෙර මේ කිසිදු කාරණයක් ගැන සැළකිල්ලක් නොදක්‌වා ඇති බව ඉන් ඉඳුරාම පැහැදිලිය. මේ ගනුදෙනුවේ අතිශය දූෂිත, නාස්‌තිකාර “වත්මන් කතාව” තවත් දරුණුය.
වර්තමාන කතාව
ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් අදාළ ගොඩනැඟිල්ල කාර්යාල පරිශ්‍රයක් සඳහා සකස් කිරීමටත් ඊට අවශ්‍ය ගෘහ භාණ්‌ඩ ලබාගැනීම සඳහාත් රුපියල් මිලියන 402 ක් (කෝටි හතළිහක්) වැය වන බවට නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බව අපි 2016.08.07 වැනිදා දිවයින ඉරිදා සංග්‍රහය මගින් අනාවරණය කර සිටියෙමු. එමෙන්ම එම මුදල වියදම් කර ගොඩනැඟිල්ල කාර්යාල කටයුතුවලට ගැලපෙන සේ සකස් කිරීමට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ කාර්යාංශයට වසරක කාලයක් ගත වන බවද කියති. පෞද්ගලික අංශයට එය ලබා දුන්නද ඊට ද මාස ගණනාවක් ගත විය හැකි බව විෂය ප්‍රාමාණිකයෝ පෙන්වා දෙති. ඒ අනුව “නිකං කුලී ගෙවීම” බොහෝ කාලයක් ඇදී යැම වැළැක්‌විය නොහැකි කාරණයකි. පසුගිය සතිය වන විට තොරතුරු වාර්තා වූයේ එම ගොඩනැඟිල්ලේ කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යැම සඳහා අවශ්‍ය ලී භාණ්‌ඩ සැපයීමට හා සවිකිරීමට රුපියල් කෝටි 14 ක් ද, කාමර හා කාර්යාල වෙන් කිරීමට, කාපට් ඇතිරීමට, විදුලි පද්ධති හා වා සැකසුම් ඇති කිරීමට තවත් රුපියල් කෝටි 11 ක් ද වශයෙන් රුපියල් කෝටි 25 ක මුදලක් වැය කිරීමට නියමිත බවය. මේ වන විට එම කාර්යය සඳහා ටෙන්ඩර් කැඳවා තිබේ.
නාස්‌තිය දූෂණය අඩු කරනවා යෑයි කියමින් බලයට පැමිණි ආණ්‌ඩුවක ඇමැතිවරයකුගේ මේ නාස්‌තිකාර වියදම් අහන දකින විට ඇඟ කිළිපොලා නොයන්නේ කාගේ දැයි අපි අසන්නට කැමැත්තෙමු.
කෘෂිකර්ම අමාත්‍යංශය සතුව බත්තරමුල්ල ප්‍රදේශයේ හෙක්‌ටයාරයක පමණ භූමි භාගයක් තිබේ. කෘෂිකර්ම ඇමැතිවරයාටත් මේ කසන සල්ලි වියදම් කර එම ඉඩමේ ඊටත් වඩා අඩු වියදමකින් සියලු පහසුකම් සහිත ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට හැකියාව තිබිණි. ඒ ගැන හිතන්නටවත් උත්සාහ නොකර මේ සිදුකරන නොපනත්කම ආණ්‌ඩුවේ උදවිය ඉවසා සිටින්නේ කොහොමද යන්න ප්‍රශ්නයකි. රටේ ආර්ථිකය මේ වන විට තිබෙන්නේ නරකම තැනකය. රටට ලැබෙන ආදායම ආණ්‌ඩුවේ ණය සහ පොලී ගෙවීමටවත් බැරි තරම් අවමය. ඒ වෙනුවට හිරකරන්නේ ජනතාවගේ බෙල්ලය. පටි තද කරගත යුත්තේ අපය. ආණ්‌ඩුවට බදු සහ දඩ වලින් හැර ආදායම් උපදවා ගැනීමේ වැඩපිළිවෙළක් ද නැත.
මේ සිද්ධ වෙන්නේ මොනවා දැයි අසන විට ජනතාවට ලැබෙන්නේ අපූරු පිළිතුරුය.
“ආපු ගමන් පිනුම් ගහන්න බැරි නිසා පොඩ්ඩක් දුවන්න” යෑයි කියන උදවියගෙන් අපට අහන්නට තිබෙන්නේ දුමින්ද දිසානායක වැනි ඇමැතිවරු අල්ලන “කස්‌තිරම්” වල හැටියට “පිනුම් ගහන්නට” රටක් ඉතිරිවේද යන්න පමණි.