Breaking
26 Feb 2025, Wed

මළුවවත්තු පුරාණ විහාරයට මෛත්‍රී පොලු තියලා

අහුන්ගල්ල ගල්වෙහෙර මළුවවත්තු පුරාණ රජමහා විහාරස්‌ථානයේ විවෘත කිරීමක් සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැමිණෙන බව මුලසිටම දන්වා අවසාන මොහොතේ නොපැමිණෙන බව දැන්වීමට පැමිණි ආරක්‍ෂක නිලධාරීන් පිරිසකට කෝප වූ ප්‍රදේශවාසී ජනතාව ඉතා තදින් දොස්‌ පවරා පන්නා ගෙන තිබේ.

දේශබන්දු කරුණාදාස කුමාරසිංහ මහතා විසින් එක්‌කෝටි අනූහය ලක්‍ෂයක්‌ වියදම් කරමින් සංවර්ධනය කරන ලද විහාරය විවෘත කිරීම 2016.05.16 දාට නියමිතව තිබු අතර එහි උත්සව කටයුතු සඳහා වෙනමම රුපියල් ලක්‍ෂ අටක්‌ වැයකර තිබිණි. මෙදින පෙරවරුවේ ආරක්‍ෂක නිලධාරීහු පැමිණ ජනාධිපතිවරයා නොපැමිණෙන බව දන්වා ඇති අතර ඒ අවස්‌ථාවේ සිටි ගම්මු කෝපවී ඉතා තදින් දොස්‌ පවරා ආරක්‍ෂකයන් පන්නා ගෙන තිබේ.

ඒ සමගම සිරිසේන ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට විහාරස්‌ථානයේ දින ගණනක්‌ තිස්‌සේ රැඳී සිටි පොලිස්‌ නිලධාරීන්ද පැදුරටත් නොකියා ගොස්‌ තිබිණි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.