Featured

මාත් එක්ක විහිලු එපා..විග්නේෂ්වරන් හමුවේ කිච වු සිරිසේන

පසුගියදා රට පාවාදුන් ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඉරණමඩුහිදී පැවති ආහාර නිෂ්පාදනය පිළිබඳව වූ ජාතික වැඩසටහනේ ආරම්භක වැඩසටහන පැමිණි උතුරු ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් හමුදා කදවුර තුල ආහාර ගැනිම උතුරු ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් ප්‍රතික්‍ෂේප කරමින් යුධ හමුදාව සම්බන්ධයෙන් මෛත්‍රීගේ මුණටම දෝෂාරෝපණය කර තිබේ.

වැඩසටහන ආරම්භ වන අවස්ථාවේ එහි ගිය විග්නේෂ්වරන් වැඩසටහන අවසන් වන තෙක් එහි සිට වැඩසටහන නරඹා ඇත. වේදිකාව තුල ඔහු ජනාධිපතිවරයා ආසන්නයේ වාඩි වී සිටි අතර මෙම වැඩසටහනට සහභාගි වූවන් සඳහා දිවා ආහාරය වට්ටකච්චිහි ඇති හමුදා කඳවුරක සූදානම් කර තිබුනා.

ආහාර ගැනීමට එහි ගිය ජනාධිපතිවරයා, එහි පැමිණ ආහාර ගන්නා මෙන් විග්නේෂ්වරන්ට ආරාධනා කර ඇති අතර එහිදි විග්නේෂ්වරන් ජනාධිපතිවරයාගේ මුණටම පවසා ඇත්තේ උතුරේ හමුදා කඳවුරු වසාදමා, භඨ පිරිස් ඉවත් කරගන්නා මෙන් ඉල්ලා සිටින තමා හමුදා කඳවුරට පැමිණ ආහාර ගැනිමට සුදානම් නැති බවත් එවැනි විහිලු තමන්ට මින්පසු නොකරන ලෙසයි.

 

Top