Breaking
25 Feb 2025, Tue

මාධ්‍යවේදි සමන් ගමගේට අත නොතබනු

දිවයින පුවත්පතේ මාධ්‍යවේදි සමන් ගමගේ සිටින තුරු තමන්ගේ බොරු නාටක කර ගෙන යෑමට බැරි බව දැනගත් රහස් පොලීසිය සමන් ගමගේ දඩයම පටන් අරන් තිබෙන බව නීතිඥ උදය ගම්මන්පිල මහතා අනාවරනය කළා.

“දිවයින පුවත්පතේ මාධ්‍යවේදියෙකු වන සමන් ගමගේ පසුගිය වසර පුරා රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටියා.  රහස් පොලීසියේ ඉන්නා සාහිත්‍ය සූරි ප්‍රබන්ධ කතාකරුවන් හෙලි කරන ලිපි රැසක් ලිව්වා.  වසරකට අධික කාලයක් ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය පිලිබඳ බොරු චෝදනා නගමින් යුද හමුදා බුද්ධි නිලධාරින් රඳවා ගෙන සිටීම ලිව්වා.  ඊට පස්සේ රවිරාජ් ඝාතනයට යැයි කියමින් නාවික බුද්ධි නිලධාරින් රඳවා ගැනීම ලිව්වා.  තාජුඩීන් ඝාතනයක් පිලිබඳ කියමින් ගෝඨාභය කොටු කිරීමේ දුෂ්ට සැලැස්ම හෙලි කලා.  ලසන්ත ඝාතනය පිලිබඳ අළුත්ම නාටකය ද හෙලි කළා.  පූජිතගේ නීතිය නමන පොලීසිය යන්තම් අමුඩයක් ඇඳ ගෙන විලි වසා ගන්න කොට සමන් ඒක කඩලා නිරුවත පෙන්වනවා.  සමන් ගමගේ සිටින තුරු තමන්ගේ බොරු නාටක කර ගෙන යෑමට බැරි බව දැන් රහස් පොලීසිය දන්නවා.  ඒ නිසා සමන් ගමගේ දඩයම පටන් අරන් තිබෙනවා.”

“ලසන්ත ඝාතනය පිලිබඳ සමන් දන්නවා කියලා ඔහුට ප්‍රකාශයක් දෙන්න රහස් පොලීසියට එන්න කියලා.  ඔහු කිසිම තොරතුරක් දන්නේ නෑ.  රටම දන්නා තොරතුරු විග්‍රහ කිරීම පමණයි ඔහු කලේ.නොගියාම ඔහුට උසාවියේ පෙනී සිටින්න කියා නියෝගයක් අරගෙන.  මේ ලිපි මාලාව පිලිබඳ දැනටමත් දිවයින කර්තෘ අනුර සොලමන්ස් මහතාගෙන් ප්‍රකාශයක් අරගෙන.  ලබන බදාදා සමන්ට රහස් පොලීසියට එන්න කියලා.  රහස් පොලීසියත් හරියට නලපාන ජාතකයේ තිබෙන විල වගේ.  සමහරුන්ගේ ගිය පා සටහන් මිස යලි ආ පා සටහන් නම් නෑ.”

“ආණ්ඩුව විරුද්ධවාදීන් මර්දනය කරන්නේ ඉතාම වෘත්තීය ක්‍රමයකට.  මාධ්‍ය ආයතන ගිනි තබන්නේ නෑ.  පැහැර ගෙන යන්නේ නෑ.  සීල් තබන්නෙත් නෑ.  ඒ වෙනුවට පොලීසිය, නීතිපති රේගුව වැනි ආයතන භාවිතා කරලා තමයි විරුද්ධවාදින් මර්දනය කරන්නේ.”

“මේක මාධ්‍ය නිදහස පිලිබඳ ප්‍රශ්නයක්.  වෙනදා නම් මාධ්‍ය පිළිබද පුංචි ප්‍රශ්නයකදී උනත් ලොකුවට කෑ කොස්සන් ගහන සංවිධාන බලවේග අද නිහඩයි. රාජපක්ෂ ආණ්ඩුව පෙරලලා අවසන් නිසා බටහිර තානාපති කාර්යාල දැන් මාධ්‍ය නිදහස ගැන කතා කරන්නේ නෑ.  රාජ්‍ය නොවන සංවිධාන මාධ්‍ය නිදහස පිලිබඳ කතා කරන්නේ නෑ.  ඒ නිසා මාධ්‍ය නිදහස වෙනුවෙන් මාධ්‍යවේදින් පෙනී සිටිය යුතු කාලය ඇවිල්ලා.”

ජර්මනියේ නාසි මර්දනය පිලිබඳ මාටින් නියොමොලර් පියතුමාගේ ලෝක පූජිත කවිය මම නැවතත් සිහිපත් කරනවා.

ඔවුන්ම පලමුව සොයා ආවේ සමාජවාදින්ය.  මම සමාජවාදියෙකු නොවන නිසා නිහඬව සිටියෙමි.

ඔවුන් ඊ ලඟට සොයා ආවේ වෘත්ති සමිතිකරුවන්ය. මා වෘත්තිය සමිතිකරුවෙකු නොවන නිසා නිහඬව සිටියෙමි.

ඔවුන් ඊ ලඟට සොයා ආවේ යුදෙව්වන්ය.  මා යුදෙව්වෙකු ද නොවන නිසා නිහඬව සිටියෙමි.

අවසානයේ දී ඔව්හු මා සොයා ආහ.  නමුත් එවිට මා වෙනුවෙන් කතා කිරීමට කිසිවෙක් ඉතිරිව නොසිටියහ.

අද සමන් හෙට ඔබ වෙන්න පුළුවන්.ඒ නිසා මේ මොහොතේ සමන් ගමගේ වෙනුවෙන් හඬ නගනවා කියන්නේ ඔබේ ලිවීමේ කියවීමේ නිදහස ඔබේ ජීවිතාරක්ෂාව සලසාගැනීමයි කියන එක මාධ්‍ය වේදී මිතුරන්ට අප සිහිපත් කරනන්නට කැමතියි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.