Breaking
17 Apr 2025, Thu

මාධ්‍යවේදීන් එල්ලන්න වෙන්නප්පුව සමූපකාරයේ සුදානමක්!

සමූපකාර සාමාජිකයන්ගේ සුභ සාධනය වෙනුවෙන් යෙදවීමට ඇති මුදලින් රුපියල් ලක්ෂ 100 ක් පමණ වැයකරමින් වෙන්නප්පුව විවිධ සේවා සමූපකාරයේ මහ සභා සමාජිකයන් සියදෙනෙකු මැලේසියානු සංචාරයක යෙදීමට සූදානම් වන බවට පිළිබදව රටට අනාවරණය කළ මාධ්‍යවේදීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සදහා රුපියල් ලක්ෂ 25 ක මුදලක් වෙන්කිරීමේ යෝජනාවක් පසුගිය ( 03වැනිදා) උදෑසන පැවැති එහි මහ සභා රැස්වීමේදී සම්මත කරගෙන ඇති බව වයඹ ටුඩේ වාර්තා කරයි.

ඉදිරි සමූපකාර නිලවරනය ඉලක්ක කරගනිමින් ඡන්ද අල්ලසක් ලෙස හොර රහසේ සූදානම් කෙරුණු මෙම නාස්තිකාර විදෙස් සවාරිය පිළිබදව පසුගිය සමයේදී මාධ්‍යවේදීන් විසින් රටට හෙළිකිරීම පිළිබදව උරණ වූ වෙන්නප්පුව විවිධ සේවා සමූපකාර මහ සභා නියෝජිතයින් අදාල යෝජනාව සදහා සිය දෑතම ඔසවා කැමැත්ත ලබා දී ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි. එපමණක් නොව අද පැවැති මහ සභා රැස්වීමේදී රට හමුවේ තමන් නිරුවත් කළ මාධ්‍යවේදීන් සිත් සේ පතුරු ගසා ඇති අතර එක්තරා නිලධාරියෙකු පවසා ඇත්තේ තමන් ගැන හා සමූපකාරය ගැන බොරු ලියන අයට හඳුනාගත නොහැකි ලෙඩ සෑදෙන බවය.

නමුත් අදාළ හෙළිදරව්කිරීම් කළ අප සහෝදර මාධ්‍යවේදීන් ප්‍රකාශ කරන්නේ මහජන මුදල් පිල්ලි ගැසීමේ පාපකර්මයට කිසිදිනෙක අතගසා නැති තමන් ඉතාමත් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවය. එසේම තවත් මහ සභා රැස්වීමක් පවත්වා හෝ මාධ්‍යවේදීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සදහා වෙන්කරගත් රුපියල් ලක්ෂ 25 ක මුදල් තවත් ලක්ෂ කිහිපයකින් හෝ වැඩිකරගන්නා ලෙසටද අප සහෝදර මාධ්‍යවේදීන් කියති . මක්නිසාද යත් වෙන්නප්පුව සමූප බලධාරීන්ගේ අන්තනෝමතික ක්‍රියාකලාපය සහ දුෂිත ගණුදෙනු හෙළිකෙරෙන තවත් තොරතුරු ගණනාවක් මේ වන විට ඔවුන් අතට පත් වී ඇති බැවින් සහ ඉදිරි දින කිහිපය තුළදී ජනමාධ්‍ය හරහා ඒවා අනාවරණය කිරීමට ඔවුන් සූදානමින් සිටින බැවිනි.

( ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ ජාත්‍යන්තර සමූපකාර යෙදි තිබුණ ඊයේ දිනයේදී වෙන්නප්පුව හා ඒ අවට ප්‍රදේශවල ඇලැවී තිබූ පෝස්ටරයකි.)

wennappuwa_co_op

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.