Breaking
24 Feb 2025, Mon

මාධ්‍යවේදීන් ඝාතනය, අතුරුදහන් කරවීම, පැහැරගැනිම්, මාධ්‍ය ආයතනවලට පහර දීම …සිරිසේන නිහඩයි….වහාම ජනාධිපති කොමිසමක් පත් කරනු!

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට එරෙහිව සැලසුම් සහගතව සිදු කළ අපරාධ සම්බන්ධයෙන් පරීක්‍ෂණ අවසන් කොට, යුක්තිය ඉටු කිරීමක් ඉතිහාසය පුරා ම සිදු වී නොමැති බව කනස්සල්ලෙන් යුතුව අවධාරණය කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ඒ සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

ප්‍රසිද්ධ ප්‍රකාශ කරමින් සහ ජනමාධ්‍ය ඇමැතිවරුන් හමු වී වර්තමාන රජයෙන් මීට පෙර ද මෙම ඉල්ලීම කර ඇති නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ගෙවුණු විසිපස් (25) පුරා ම මාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් දණ්ඩ මුක්තිය අවසන් කරන ලෙසට බලපෑම් කර ඇත. එසේ යුක්තිය ඉටු කරන්නට බලපෑම් කරමින් විවිධ උද්ඝෝෂණ දියත් කොට ඇත. එහෙත්, අදහස් ප්‍රකාශ කිරීම හා තොරතුරු සන්නිවේදනය වැළැක්වීමේ අරමුණෙන් මාධ්‍යයට හා මාධ්‍යවේදීන්ට එරෙහිව සැලසුම් සහගතව සිදු වූ කිසිදු අපරාධයක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ අවසන් කොට යුක්තිය ඉටු කිරීමක් සිදු වී නොමැත.

මාධ්‍යවේදීන් ඝාතනය, ඝාතනයට තැත් කිරීම, අතුරුදහන් කරවීම, පැහැර ගෙන ගොස් දරුණු වද දී අත්හැරීම සහ මාධ්‍ය ආයතනවලට පහර දීම හා විනාශ කිරීම ආදී දරුණු අපරාධ රාශියක් ශ්‍රී ලංකාව තුළ වාර්තා වී ඇත. එහෙත් ඊට අදාළ පරීක්ෂණ අවසන් කොට යුක්තිය ඉටු නොකිරීමේ වගකීම මුළුමනින්ම පැවරෙන්නේ රජයට බව අපි අවධාරණය කරමු.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නොවැම්බර් දෙවැනි දා (02) මාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් දණ්ඩමුක්තිය අවසන් කිරීමට බලපෑම් කිරීමේ දිනය ලෙස නම් කර ඇත්තේ ද මාධ්‍යයට එරෙහි අපරාධකරුවන් දඬුවමින් නිදහස්ව සිටීම ලෝකය පුරා අඩු වැඩි වශයෙන් පවතින බැවිණි. එහෙයින් දැනට ආරම්භ කර ඇති පරීක්‍ෂණවල අවසානයක් දැකීම සඳහාත්, තවත් විශාල අපරාධ සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ ඉක්මන් කිරීම සඳහාත් පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටී.

සී. දොඩාවත්ත, කැඳවුම්කරු

දිලීෂා අබේසුන්දර , ලේකම්

(නොවැම්බර් දෙවැනිදාට යෙදෙන, මාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් දණ්ඩමුක්තිය අවසන් කිරීමට බලපෑම් කිරීමේ එක්සත් ජාතීන්ගේ දිනය වෙනුවෙන් නිකුත් කරන මාධ්‍ය නිවේදනය – 2017 නොවැම්බර් 01)

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.