Featured

මාධ්‍ය මර්ධණය අමුතු තාලේට… ජාත්‍යන්තර මාධ්‍යවේදියාට කටුනායකදි දොර වැසේ… ජීවිත ආරක්ෂාව පතා ජනපතිට ලිපියක්!

Published on: Jun 22, 2020- www.norwaynews.com වෙබ් අඩවියේ මාධ්‍යවේදී නෝර්වීජියානු පුරවැසියෙකු වන එන් සේතුරපන් අපරාධයකට පටලවමින් රටින් පිටවිමට ඇති අවස්ථාව නතර කර ඔහුගේ ජිවිතය අනතුරකට හෙළාදැමිමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ( TID) කටයුතු කරමින් සිටි.අද 2020 ජුනි 21 වනදා අලුයම යලි නොර්වේ බලා යැමට පැමිණි සේතුරපන්ට රටින් පිටවිම වලක්වා ඇති ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ( TID)පරීක්ෂණයක් සඳහා ටීඅයිඩී යාපනයේ ප්‍රධාන කාර්යාල පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දි තිබේ.මේ වනවිට තමන්ගේ ජිවිතයට එල්ල වි තිබේන අනපේක්ෂිත අනතුර සම්බන්ධයෙන් එන් සේතුරපන් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබේ.

ගරු ගෝඨාභය රාජපක්ෂ මහතා
ශ්‍රී ලංකා ජනාධිපති,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 1

අතිගරු ජනාධිපතිතුමනි,

විෂය : ජාත්‍යන්තර මාධ්‍යවේදියකුට තිබෙන ජීවිත තර්ජන නිසා රජයේ ආරක්ෂාව පැතීම

මම නෝර්වේජියානු පුරවැසියෙකු සහ www.norwaynews.com වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘ වන නඩරාජා සේතුපරන්ය.

මම නැවත නෝර්වේ වෙත යන තෙක් මගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම ඔබගේ හදිසි අවධානය යොමු කිරීම සඳහා මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරමි.

මම මීට වසර විස්සකට පෙර නෝර්වේ වෙත සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයෙක් වෙමි. (නෝර්වීජියානු විදේශ ගමන් බලපත්‍රය අංක 33174618). ශ්‍රී ලංකාවේ මගේ දෙමව්පියන්ගේ ලිපිනය – තුන්නලෙයි උතුර, කරවෙඩි, යාපනය. ඔස්ලෝහි මගේ ලිපිනය වෙස්ට්‍රේ හියුගන් 04, 1054 ඔස්ලෝ, නෝර්වේ. (WhatsApp සම්බන්ධතා අංකය – 0094770852530), විද්‍යුත් ලිපිනය – news@norwaynews.com.

වැඩිවියට පත් මගේ දියණියගේ සාදය පැවැත්වීමට 2019 දී මම මගේ පවුලේ අය සහ යුරෝපයේ සමීප නෑදැයන් සමඟ ශ්‍රී ලංකාවට පැමිණියෙමු. අවාසනාවකට මෙන් මාව නෙල්ලියඩි පොලිස් ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් නිසා යෝජිත සාදය අවලංගු කිරීමට සිදුවිය.

මගේ පවුලේ සාමාජිකයින්ට මා හැර දමා ආපසු යාමට සිදු වූ අතර එය අපගේ මුළු පවුලටම කම්පන සහගත තත්වයක් විය. එය මුළුමනින්ම ගොතන ලද පැමිණිල්ලක් බැවින් මාව නිදහස් කරන ලදී.

නැවතත් මට පොලීසිය විසින් තවත් නඩුවක් සඳහා අවශ්‍ය වූ අතර ඒ සඳහා මට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලබා දෙන ලදී. මෙයද ගොතන ලද නඩුවක් වන අතර ජීවිතයට ඇති තර්ජනය හේතුවෙන් මට සැඟවී සිටීමට සිදුවිය. නෝර්වීජියානු පුරවැසිභාවය සහිත පිළිගත් මාධ්‍යවේදියෙකු ලෙස මම නීති උපදෙස් ලබාගෙන අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කළෙමි.

අභියාචනාධිකරණය මහේස්ත්‍රාත් අධිකරණ තීන්දුව අවලංගු කර කොළඹ ආගමන හා විගමන කාර්යාලයෙන් මගේ විදේශ ගමන් බලපත්‍රය ලබාගෙන ඔස්ලෝ වෙත ආපසු යාමට මට අවසර දුන්නේ මගේ විදේශ ගමන් බලපත්‍රය ආගමන විගමන වීසා බලපත්‍රයක් ලබා ගැනීම සඳහා භාර දී සිටි හෙයිනි.මම නැවත නෝර්වේ වෙත ගිය නමුත් පැහැදිලිවම ගොතන ලද සිද්ධීන් නොතකා, උසාවියේ කටයුතු අවසන් කිරීම සඳහා නැවත ශ්‍රී ලංකාවට පැමිණියෙමි. කෝවිඩ් – 19 වසංගතය හේතුවෙන් මට ශ්‍රී ලංකාවේ සිටීමට තිබූ අතර නැවත නෝර්වේ බලා යාමට නොහැකි විය.

මෙම පැමිණිලිවල ස්වභාවය නිසා, මගේ ජීවිතයට තර්ජනයක් ඇති බව මට පැහැදිලි විය, එමඟින් මගේ ගමන් විධිවිධාන අවසන් වන තෙක් රහසේ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට යාමට මට සිදුවිය.

මෙම කාල පරිච්ඡේදය තුළදී, අනපේක්ෂිත ලෙස කන්කසන්තුරේදී පරීක්ෂණයක් සඳහා මාව කැඳවනු ලැබූ අතර, මම පොලිසියට ගොස් ප්‍රකාශයක් ලබා දුනිමි. නාඳුනන පාර්ශවයන්ගෙන් දිගින් දිගටම එල්ලවූ මේ සියලු හිරිහැර කිරීම් නිසා මට අවශ්‍ය වූයේ හැකි ඉක්මනින් නෝර්වේ කරා ගොස් මගේ වැඩ ආරම්භ කිරීමට ය.

2020 ජුනි 21 වනදා පාන්දරින් පිටත් වන ගුවන් යානයේ ආසනයක් වෙන් කරවා ගැනීමට මට හැකි වූ අතර, අධිකරණ නියෝගයක් උපුටා දක්වමින් කටුනායක ගුවන් තොටුපොල ආගමන විගමන අංශය විසින් මාව රඳවා තබන ලදී. මට රටෙන් පිටවීම වලක්වා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ( TID) විසින් ප්‍රශ්න කරන ලදී. පරීක්ෂණයක් සඳහා ටීඅයිඩී යාපනයේ ප්‍රධාන කාර්යාල පොලිසියට පැමිණෙන ලෙස මට දැන් උපදෙස් දී ඇත.

මම ශ්‍රී ලංකාවේ හෝ වෙනත් තැනක කිසිදු අපරාධයක් කර නොමැති අතර, මා පැහැදිලිව නොහදුනන කොටස් විසින් ඉලක්ක කර ඇති ආකාරය දැක මම කම්පාවට පත් වෙමි. මෙම පැමිණිලි නිසා මටත් මගේ පවුලේ අයටත් දැඩි කම්පනයක් ඇති වී ඇති අතර නීතිමය ගාස්තු වශයෙන් මට විශාල මුදලක් වැය විය.ත්‍රස්තවාදී හා පාතාලයේ සාමාජිකයන් මා ඉලක්ක කරගෙන ඇති බව මට හැගේ.. මම ස්වාධීන මාධ්‍යවේදියෙක් වන අතර දැන් මම තේරුම්ගත නොහැකි ප්‍රහාරයකට දැඩි ලෙස ගොදුරු වෙමින් තිබෙන බව පැහැදිලිය.

මගේ පසුබිම පරීක්ෂා කරන ලෙස මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතර, වහාම පහත සඳහන් කරුණු සොයා බලන ලෙස ඉල්ලා සිටිමි.

1) ශ්‍රී ලංකාවේ මම රැඳී සිටින කාලය තුලදී මට අවශ්‍ය ආරක්ෂාව සැපයීම.

2) මෙම තත්වය හේතුවෙන් මගේ උපන් ගම වන උතුරට යාමට බියක් ඇති බැවින් ඕනෑම පරීක්ෂණයක් කොළඹ TID කාර්යාලයේ සිදුකිරීම.

3) මෙම පොලිස් පරීක්ෂණ වේගවත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීම. මේ මගින් මට ආරක්ෂිතව ආපසු ගෙදර යාමට හැකිවනු ඇත

4) මේ සමගම විශේෂ සිද්ධි අධ්‍යයනයක් ලෙස මට එරෙහි පැමිණිලිවල ස්වභාවය පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පැවැත්වීම මගින් මෙවැනි සාවද්‍ය තත්ව වලින් අහිංසක අය ආරක්ෂා කර ගැනීමට හැකිවනු ඇත.

මට හැකි ඉක්මනින් මගේ පවුල වෙත ආපසු යා යුතු අතර මෙය මගේ පවුලේ අයට සහ දරුවන්ට මෙන්ම උතුරේ වෙසෙන මගේ දෙමව්පියන්ට ද සැනසිලිදායක සහගත තත්ත්වයන් ඇති කරනු ඇත.

මම නෝර්වීජියානු පුරවැසියෙකු බැවින් නෝර්වේ අගමැතිවරයා ඇතුළු නෝර්වීජියානු බලධාරීන්ට මෙය පිටපත් කරමි. ඒ සමගම ශ්‍රී ලංකා අගමැති ගරු මහින්ද රාජපක්ෂ මහතා , පොලිස්පති ඇතුලු අදාල අයට පිටපත් කරමි

මගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමටත්, මගේ පවුල සමඟ එක්වීමට රට හැර යාමට මටත් ඉඩ දෙනු ඇතැයි මම අවංකවම බලාපොරොත්තු වෙමි

කාරුණිකව ඔබට සුබ පතමි.

එන් සේතුරපන්

ප්‍රධාන කර්තෘ

www.norwaynews.com

පිටපත් –

ශ්‍රී ලංකා පොලිස්පති

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති

නෝර්වේ හි ශ්‍රී ලංකාවේ තානාපති

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමසාරිස්

21 June 2020

H.E Gotabaya Rajapakse

President of Sri Lanka

Presidential Secretariat

Colombo 1

Excellency,

Seeking protection from a life threat for an International Journalist

I am Nadarajah Sethuparan, a Norwegian Citizen and Chief editor of the website www.norwaynews.com, is compelled to write to your excellency for your urgent attention to give directions to protect my life until I return to Norway.

I am a Sri Lankan having migrated to Norway twenty years ago ( Norwegian passport No – 33174618). My parents’ address in Sri Lanka is – Thunnalai North , Karaveddy, Jaffna. My address in Oslo is Vestre haugen 04, 1054 Oslo , Norway. (WhatsApp contact no – 0094770852530 ), Email address – news@norwaynews.com.

I visited Sri Lanka last year with my family and close relatives from Europe to celebrate my daughter’s party in 2019. Unfortunately the party had to be cancelled when I was arrested by the police in Nelliyadi Police area.

My family members had to return leaving me behind and it was traumatic situation for our entire family. I was released as it was totally a fabricated complaint.

Again I was wanted by a police for another case for which I was given an arrest warrant arrest with a ban to travel out of Sri Lanka. This too was a fabricated case and I had to go into hiding due to the obvious threat for life. As a reputed journalist carrying Norwegian citizenship, I sought legal advice and filed a case in the appeal court.

Court of appeal overruled the magistrate court decision and allowed me to obtain my passport from the Colombo Passport office and return to Oslo as my passport was lying in the Immigration to get visa extension.

I returned to Norway but visited Sri Lanka to finalize the matter in the court through the final proceedings, despite the obvious fabricated cases. Due to Covid – 19 pandemic, I was locked down in Sri Lanka and could not return to Norway for some time.

Due to the nature these complaints, it became obvious to me that my life was under threat which compelled me to move from one location to another keeping a low profile until my travel arrangements were finalized.

During this period, I was unexpectedly summoned by the Police in KKS for an enquiry and I visited the police and gave a statement. With all these harassments from unknown parties , I was wanting to leave as early as possible start my works in Norway.

As I managed to book a flight leaving 21 June early morning and I was detained by the Immigration citing a court order. I was prevented from boarding and questioned by TID. I am now advised to be present at TID Jaffna Head Office Police for an Inquiry .

I have not committed any crime in Sri Lanka or elsewhere and I am shocked to see the way I am targeted by unknown elements. The complaints have brought me and my family a tremendous trauma and cost me large sums of money as legal fees.

The underworld elements are targeting me, presumably I am an independent journalist and now I am heavily vulnerable for any kind of an attack.

While I will request the authorities to check my background, I would plead to seek the following immediately.

to provide me necessary protection during my stay in Sri Lanka
to transfer any inquiry to Colombo TID office as I have a fear to travel to my hometown in the North due to this situation.

to make necessary actions to speed up these police investigations completed so that I will be able to returned home in Oslo safely to hold an enquiry on the nature of complaints against me as a special case study which may reveal others who are similarly targeted.

I need to get back to my family as early as possible and this has caused traumatic conditions for my family and children as well as my parents living in the north.

As I am a Norwegian Citizen I am also copying this to Norwegian Authorities including The prime minister of Norway Hon.Erna Solberg and to The Hon Mahinda Rajapaksa Prime Minister of Sri Lanka. .

I sincerely hope you will give directions to protect my life and allow me to leave the country to join my family

Kind regards

N Sethurupan

Editor-in-Chief

NORWAY NEWS.com

Copies –

IGP Sri Lanka

H.E the Ambassador for Norway in Sri Lanka

H.E the Ambassador for Sri Lanka in Norway

Commissioner for Human rights in Sri Lanka

Top