Breaking
24 Feb 2025, Mon

මානුෂික මෙහෙවරේදී මාදුළුවාවේ සෝභිත හිමියෝ දැක්වූ සහය මම ඉමහත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි

ශෝක පණිවිඩය

අති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේගේ අපවත් වීම පිළිබඳ පුවතින් අතිශය සංවේගයට පත් වුණෙමි.

දශක ගණනාවක් පුරා ලෝකචර්යාව සමග බැදී සිදුකල උදාර සමාජ මෙහෙවරද, ධෛර්යවන්ත නොසැලෙන නායකත්වයද විචිත්‍රවුද සුමධුර වුද ධර්මදේෂණ කුසලතා මහිමයද නිසා උන්වහන්සේ ශ්‍රී ලංකාවාසි ජනතාව අතර මහත් ගෞරවාදරයට පාත්‍ර වූ සේක.

අමද්‍යප ව්‍යාපාරයට පණ පොවමින්, ජාතික සංඝ සභාව පිහිටවීමට උර දෙමින් සිදුකල ජාතික හා ආගමික මෙහෙවර උදාරය. ත්‍රස්තවාදී ප්‍රශ්න පැවතී සමයේ මායිම් ගම්මානවලට පසු නොබා වැඩමවූ නාහිමිවරුන් අතරින් මාදුළුවාවේ සෝභිත නාහිමියෝ ද විය.සුනාමි ආපදාවේදී ජනතාවට කල මෙහෙවර අගයකළ යුතුය. විවෘත ආර්ථිකයද එකල පැවති දේශපාලන මර්ධනකාරී ස්වභාවය විසින් බිහිකළ සමාජ සංස්කෘතික පරිහානියට එරෙහිව මුලින් ම සටන් කල පිරිස අතර මාදුළුවාවේ සෝභිත හිමියෝද විය . මහාචාර්ය සරත්චන්ද්‍රයන් සමග මැර ප්‍රහාරයට ගොදුරු වීමද, ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව පිටකොටුවේ කල සත්‍යග්‍රහයේදී ප්‍රහාරයට ලක්වීමද, තමන් වැඩ විසු නාග විහාරයට ප්‍රහාර එල්ල වීමද, නාරාහේන්පිට අභයාරාමයේදී ප්‍රහාරයට ලක්වීමද නාහිමියන්ගේ වේදනාත්මක අත්දැකීම්ය. එදා රටේ පැවතී ප්‍රජාතන්ත්‍ර විරෝධී බවට  එරෙහිව සටන් කල අය මුහුණ දුන් ඛේදවාචකයට මාදුළුවාවේ සෝභිත හිමිපාණෝද නිදසුනකි. උන්වහන්සේ නිරන්තර ප්‍රකාශ කළ පරිදි ත්‍රස්තවාදී යුද්ධය හිගන්නාගේ තුවාලයක් කරගෙන දශක ගණනාවක් ජාතිය විනාශකර යන ගමනට තිත තැබූ මානුෂික මෙහෙවරේදී මාදුළුවාවේ සෝභිත හිමියෝ දැක්වූ සහය මම ඉමහත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි.

උන්වහන්සේ මා හදුනාගත් විද්‍යෝදය ශිෂ්‍ය අවදියේ සිට අවසාන මොහොතේ රෝගාතුරව කනස්සල්ලෙන් සිටින විට බැහැදැකීමට ගිය මොහොතේත් එක හා සමාන මිත්‍රත්වයකින් ද ගෞරවයකින්ද කටයුතු කල ආකාරය මම ගෞරවයෙන් සිහිපත් කරමි. මාදුළුවාවේ සෝභිත හිමිපාණන්වහන්සේ ලෝකාර්ථ චර්යාවේ යෙදෙමින් විචිත්‍ර ධර්මදේෂණා කර සත් වග පහන් කරමින්, ජාතියේ යහපත වෙනුවෙන් කල මහා මෙහෙවරට මාගේ ගෞරවයද පුද කරමි.

මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේට නිවන්සුව අත්වේවා!

මහින්ද රාජපක්ෂ (පා.ම)

හිටපු ජනාධිපති

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.