Breaking
6 Feb 2025, Thu

මාර්තු සිට මැයි දක්වා දුවන්න අයවැයක්! සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 63.3 ක්! ත්‍රිවිධ හමුදාව සදහා රුපියල් බිලියන 68.2 ක්!

Published on: Mar 22, 202- පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලබා දී ඇති ව්‍යවස්ථාමය බලතල උපයෝගී කර ගනිමින් 2020 මාර්තු සිට මැයි දක්වා ආණ්ඩුවේ කටයුතු පවත්වා ගෙන යාමට අයවැයක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 150 වන වගන්තියෙන් එන ජනාධිපතිගේ බලතල යටතේ අලුතෙන් ඉදිරිපත් කෙරෙන අයවැය අතුරු සම්මත ගිණුම අවසන් වන මාර්තු 06 ද සිට ක්‍රියාත්මක වනු ඇත.පසුගිය පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද අතුරු සම්මත ගිණුමක් හරහා අප්‍රියෙල් මාසය දක්වා ආණ්ඩුවේ වියදම් පියවා ගෙන තිබුණි.

ණය ආපසු ගෙවීම් සඳහා රුපියල් බිලියන 1,224.8 ක් සහ ප්‍රාග්ධන වියදම් බිලියන 511 ද ඊට ඇතුළත් වන අතර භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 628.5 ක් වෙන් කර ඇති අතර, පුනරාවර්තන වියදම් සඳහා බිලියන 268.4 ක් වෙන් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 63.3 ක් ශ්‍රී ලංකාවේ හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව සඳහා රුපියල් බිලියන 68.2 ක් වෙන් කර තබේ.

පසුගිය සතියේ ජනාධිපතිවරයා විසින් කොරොන වයිරස් වසංගතය වැළක්වීමේ ක්‍රියාකාරකම් සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කර තිබුණි.

මේ අතර කුඩා හා මධ්‍යම මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති, පොහොර සමාගම්, බැංකු සහ තවත් බොහෝ ආයෝජකයින්, භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන්ට ගෙවීමට ඇති හිඟ මුදල් පියවීම සඳහා රුපියල් බිලියන 75 ක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණය කර තිබුනා.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදි බන්දුල ගුණවර්ධන පැවසුවේ රු. 2018 සහ 2019 දී මිලදී ගත් ඖෂධ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙවිය යුතු හිඟ මුදල් ගෙවීම රුපියල් බිලියන 10 ක්, කොමර්ෂල් සහ ලක්පෝරා යන පොහොර සමාගම් දෙකකට ගෙවීම සඳහා රුපියල් බිලියන 03ක් , පාසල් ගොඩනැගිලි හා මාර්ග ප්‍රතිසංස්කරණය කළ කුඩා හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම්කරුවන්ට ගෙවීම සඳහා රුපියල් බිලියන 5 ක්, ජේෂ්ඨ පුරවැසියන්ට ඔවුන්ගේ ස්ථාවර තැන්පතු සඳහා 15% ක පොලී අනුපාතයක් ගෙවීම සඳහා බැංකුවලට රුපියල් බිලියන 46 ක් වෙන් කර ඇති බවයි.

කැබිනට් මණ්ඩලය විසින් රු. COVID-19 වැළැක්වීමේ ව්‍යාපාරය සඳහා මිලියන 500 ක් සහ රු. බිලියන 8 ක් මැතිවරණ කොමිසමට වෙන් කර තිබේන බවද ඔහු සදහන් කලා.

ආණ්ඩුව කොරෝනා වසංගතයෙන් ගැටලුවට මුහුණ දෙන ජනතාවට සහන ලබාදෙන බව පොරොන්දු වුවත් ඒ සඳහා වෙන් කර ඇති මුදල් ප්‍රමාණයක් ගැන සඳහනක් කර නොමැත.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.