Breaking
25 Feb 2025, Tue

මාවතගම සිංහල තරුණයෙකුට මුස්ලිම් අන්තවාදින් 15ක් දරුණු ලෙස පහරදිලා

මාවතගම කොටිකාපොල 8 කනුව ප්‍රදේශයේ නිවසකට බලෙන් ඇතුළුවූ 15 දෙනෙකුගෙන් සමන්විත මුස්ලිම් කණ්ඩායමක් වයස 27ක විවාහක තරුණයකුට බිම ඇදගන ගොස් දරුණු ලෙස පහරදී ඇති අතර දත් 4ක් කැඩී ඇති පහරකෑමට ලක්වූ පුද්ගලයා මේවනවිට කුරුණෑගල ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අවසරය මත තම ඉඩමේ වැසිකිලි වලක් සැකසු බවත් මෙම කණ්ඩායම බලහත්කාරයෙන් නිවස තුලට ඇතුළුවී මාර්ගය කිට්ටුවෙන් වැසිකිළි වල සැකසීම සම්බන්දයෙන් ප්‍රශ්නකර එලියට ඇදගන ගොස් පහරදුන් බව පහරකෑමට ලක්වූ තරුණයාගේ ඥාතියකු සදහන් කර සිටියා.

මේම පහරදීම සම්බන්දයෙන් මාවතගම පොලීසියට පැමිණිලිකර ඇති අතර පසුව ජේලර් නමැති මුස්ලිම් ජාතික පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර ඇති අතර රිස්වාන්, ෆාරුක්, මොහොමඩ් ඇතුළුව අනෙක් සැකකරුවන් 14 දෙනා තවමත් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව නෑ.

මේ අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තිබෙද්දීත් සහ පහරකෑමට ලක්වූ තරුණයා තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර අත්අඩංගුවට ගත් සැකකරුට ඇප ලැබුනේ කෙසේදැයි ප්‍රදේශයේ සිවිල් ක්‍රියාකාරීන් ප්‍රශ්න කර සිටියි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.