Breaking
25 Feb 2025, Tue

මාව අල්ලන්න ලෝකේ වටේ දුවන්න ඔනෑ නෑ …හිටං…..වරෙව් යුක්රේනියාවට

හිටං හුටං ආණ්ඩුව මගේ පවුලේ සියලුම සම්පත් උදුරා ගත්තත්, රටට සත්‍යය එළිවි හමාරයි

රාජ්‍ය බලය අයුතු ලෙස භාවිතා කරමින්, මගේ අතිශයින් පෞද්ගලික භාණ්ඩ අඩංගු කන්ටේනරය මාස 18ක් රදවාගෙන සිටිය යහපාලන යමපල්ලෝ පසුගිය 30 වෙනිදා එය රුපියල් ලක්ෂ 16.5 කට ද්‍රවිඩ ජාතිකයකුට වෙන්දේසි කර ඇත. තානාපතිවරයකු හැටියට හිමිව තිබුණු රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංගු නොකළ බවට චෝදනා කරමින් එදා මගේ කන්ටේනරය විදේශ කටයුතු ලේකම් විසින් නිදහස් නොකරන ලදී. එසේ නමුත් මා විසින් 2015 වසරේදී එම රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංගු කල බවට සැප්තැම්බර් 08 දින එස්. බී. නාවින්න අමාත්‍යවරයා පාර්ලි‌‌මේන්තුවේදී කල ප්‍රකාශ කළේය. එයින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ තවත් පට්ටපල් බොරුවක් අතේ පත්තුවිය. ඒ නිසා යහපාලකයෝ කුපිත වී මගේ පුද්ගලික භාන්ඩ සහිත කන්ටේනරය අපිට හොරෙන් වෙන්දේසි කිරීමට කටයුතු කළේය. මෙම කන්ටේනරය තුල අඩංගු නීතිමය කටයුතු සඳහා උසාවියට ඉදිරිපත් කළ යුතු ලිපිලේඛන ඇතුළු වාණිජමය වටිනාකමක් නැති භාණ්ඩවත් අවම වශයෙන් අපට භාර දෙන ලෙස රටෙහි ජනධිපතිගෙන් මිත්‍රශීලීව ඉල්ලා සිටිය නමුත්, එයට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණි.

මම නීතියේ රැහැනින් බේරීමට ලෝකය පුරා කට්ටි පනිමින් සිටින පුද්ගලයකු හැටියට හුවා දැක්වීමට යහපාලන ආණ්ඩුව උත්සාහ කරමින් සිටී. නමුත්‍ මම යුක්රේනියාවේ ජීවත්වනවා පමණක් නොව ඒ රටේ ප්‍රධාන දේශපාලකයින්ගේ සහයෝගය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඉදිරි දේශපාලන ගමනට ලබා ගැනීමට සියලු පියවර ගනිමින් සිටිමි. පසුගිය සැප්තැම්බර් 28 දින මම හිටපු යුක්රේනියානු ජනාධිපති ලියොනිඩ් කුච්මා මැතිතුමා හමුවී, යහපාලන රජයේ අසාධාරණ පළිගැනීම් පිළිබඳව ඔහුව දැණුවත් කිරීමට කටයුතු කළේමි. මේ දඩයමට එරෙහිව යුරෝපයේ ජීවත්වන ලාංකිකයන් පෙලගැස්විම සිදුකරමින් සිටින බවද මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිමි.

ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්‍ෂක විසින් අපගේ සියලුම ගිණුම්, 2015 අප්‍රේල් මාසයේ සිට අදටත් එය තාවකාලිකව අක්‍රිය කර ඇත. නමුත් මා අදාළ චෝදනාවට සැකකරුවෙකු නොවන බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය පසුගිය දින උසාවියට දන්වා ඇති බවට මාධ්‍ය වාර්තා කියවීමෙන් පෙනීයයි. එසේනම් ශ්‍රී ලංකා මහා බැංකුවේ දේශපාලන දඩයමට සහයෝගය දෙමින් තවමත්කොමර්ෂල් බැංකුවද සිදුකරන්නේ හුදෙක් දේශපාලන පළිගැනීමකි. එබැවින් ඔබ එතෙරදී උපයන මුදල් මෙරට බැංකුවල තැන්පත් කර මා මෙන්ම යහපාලනයේ ගොදුරක් නොවන්න. මෙම කරුණු පිළිබඳව නීතිගරුක හා සාධාරණ විසදුමක් බලාපොරොත්තුවෙන් ඉදිරියේදී ඊට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරමි.

ලංකාවට පැමිණ යහපාලකයන්ගේ දඩයම පහසු කර දීමට මගේ කිසිදු බලාපොරොත්තුවක් නැත. ඔවුන්ට තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම්, ඒ සඳහා යුක්රේනියාවට පැමිණෙන ලෙස ආරාධනා කරන අතර මට දන්වන ඕනෑම මොහොතක කිව් නගරයේදී ඔවුන් හමුවීමට සහතික වෙමි.

 උදයාංග වීරතුංග

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති.

info@udayanga.com

හිටපු යුක්රේනියානු ජනාධිපති ලියොනිඩ් කුච්මා මැතිතුමා හමුවිම 

img_0019-1 img_0019

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.