Featured

මාස 2ක් තුල උතුරේ ඉඩම් වලින් හමුදාව ඉවත් කරනවා…මෛත්‍රී,TNA හමුවේදි සහතික වෙයි

මාස 2ක කාලයක් තුලදී උතුරේ ඉඩම් සියල්ලම යුධ හමුදාවෙන් නිදහස් කර එහි සම්පූර්ණ පාලන බලය උතුරු පළාත් සභාවට පැවැරිමට තමන් කටයුතු කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තහවුරු කර සිටි බව ද්‍රවිධ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා ද්‍රවිධ මාධ්‍ය හමුවේ අනාවරණය කර තිබේ.

උතුරේ ඉඩම් අයිතිය සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ජනාධිපතිවරයා සද ද්‍රවිධ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් ඊයේ හමුවු අතර එහිදි ජනාධිපතිවරයා එම පොරොන්දුව ලිඛිතව ලබාදිමට කටයුතු කල බවද සම්බන්ධන් අනාවරණය කර තිබේ.

නව ව්‍යවස්ථාව සම්පාදනය කර සම්මත කරනතුරු වත්මන් ව්‍යවස්ථාවෙන් පළාත් සභාවට පැවැරි ඇති බලතල ක්‍රියාත්මක කිරිමට ජනාධිපතිවරයා කටයුතු කිරිමට සුදානම් බවද සම්බන්ධන් අනාවරණය කර තිබේ.

tna2

Top