Breaking
24 Feb 2025, Mon

මැකො,රනිල්,මෛත්‍රී මැතිවරණය කොල්ල කෑ හැටි

මහා මැතිවරණයේ රනිල්-මෛත්‍රී එක්ව සිදුකල ඡන්ද මගඩිය සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය කිරිමට අප දැන් සුදානම්. කුරුණෑගල ප්‍රකාශිත ඡන්ද පත්‍රිකා විශාල තොගයක් පාලු පොල් ඉඩමක තිබි සොයාගත්තද මැතිවරණ කොමසාරිස් හෝ වගකිවයුතු කිසිදු නිලධාරියෙකු ඒ සම්බන්ධයෙන් මේ දක්වා කටයුතු නොකල අතර සිද්ධිය සම්බන්ධයෙන් සියලු තොරතුරු අතුරුදහන් කිරිමටද කටයුතු යොදා තිබෙන බව අප වාර්තාකරුවන් අනාවරණය කළා.

පරාජයෙන් වියරූ වැටි සිටින එක්සත් ජාතික පක්ෂය මැතිවරණ් නිරික්ෂණ කණ්ඩායම් කිහිපයක් එක් කරගනිමින් මැතිවරණයේ ඡන්ද කොල්ලයකට සුදානම් වන බව LNW ඔත්තුකරුවන් අනාවරණය කර තිබුනා.

මේ අතර මහනුවර, කොළඹ, ගම්පහ සහ කෑගල්ල යන දිස්ත‍්‍රික්වල මැතිවරණ ප‍්‍රතිඵලයේ යම් අස්වාභාවික බවත් දක්නට ඇති බවත් එය අධ්‍යනය කරමින් සිටින බවත් කී ඔහු කලින් සූදානම් කරන ලද ආකාරයේ ප‍්‍රතිඵලයක් සමහර දිස්ත‍්‍රික්කවල ඡන්ද ප‍්‍රතිඵල තුළ දක්නට ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාද සදහන් කළා.

මේ අතර ඉතා සියුම්ව මැතිවරණයේ ප්‍රථිපලය වෙනස් කිරිමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය කටයුතු කර ඇති බව තර්කයකින් තොරව දැන් අනාවරණය වි තිබේ.

ඒ සදහා ඔනෑ තරම් සාධක ඇති අතර අප ඉතා සරල සාධක කිහිපයක් ඔස්සේ ඔබට පැහැදිලි කිරිමට සුදානම් ….

අපි ගමු මොණරාගල දිස්ත්‍රික්කය

පසුගිය ජනාධිපතිවරණයේදී හංසයා ලකුණින් තරග වැදුනු පොදු අපේක්ෂකයා ලබාගත් ඡන්ද සංඛ්‍යාව සහ මහා මැතිවරණයේදි අලියා ලබාගත් ඡන්ද සංඛ්‍යාව අතර වෙනස බලන්න > 105276-124225=18949 

එම දිස්ත්‍රික්කයේම වලංගු ඡන්ද ප්‍රමාණයන්ගේ වෙනස දැන් සලකමු (ජනාධිපතිවරණය -මහා මැතිවරණය ) >281116-262988=18128

එම අගයන් දෙකෙහි එකතුව දැන් අපි සලකමු >18949+18128 =37077 

එම අගය සහ ජනාධිපතිවරණයේදි සහ මහා මැතිවරණයේදි එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් ඡන්ද වෙනස දෙස බලන්න  >172745-138136 =34609

ඒ අනුව පසුගිය ජනාධිපතිවරණයේදී හංසයා ලකුණින් තරග වැදුනු පොදු අපේක්ෂකයා ලබාගත් ඡන්ද සංඛ්‍යාව සහ මහා මැතිවරණයේදි අලියා ලබාගත් ඡන්ද සංඛ්‍යාව අතර වෙනස හා එම දිස්ත්‍රික්කයේම වලංගු ඡන්ද ප්‍රමාණයන්ගේ වෙනස එකතු කල විට එම අගය සහ ජනාධිපතිවරණයේදි සහ මහා මැතිවරණයේදි එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් ඡන්ද වෙනසට සමාන අගයක් වේ.

එම තත්ත්වය සැම දිස්ත්‍රික්කයකම ඉතාමත් හොදින් දකින්නට ලැබෙන තත්ත්වයකි.

සන්ධානෙට නොදා ගෙදර හිටියද? ඡන්ද මගඩියක්ද?
මෙහි ලකුණු කර ඇති ජනාධිපතිවරණයට සාපෙක්ෂව පාර්ලිමේන්තු මැතිවරනයේදී සන්ධානෙට නොවැටුනු ඡන්ද ගනන හා අඩුවූ ඡන්ද ගනන සසදා බලන්න. ඒවා අසාමාන්‍ය ලෙස සමානයි නේද? මෙය පැහැදිලි කරන්නේ කෙසේද? මෙසේ වුනේ ජනතාව සන්ධානෙට නොදා ගෙදර සිටි නිසාද? නැත්නම් මේ පිටුපස හොරයක් ඇත්ද?

සන්ධානෙට නොවැටුනු ගනන ආසන්නව සමානයි = අඩුවූ චන්ද ගනන + එජාපෙට වැඩිවූ ගනන  

Vo01 Vo02 Vo03 Vo04 Vo05 Vo06

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.