Breaking
4 Mar 2025, Tue

මැයි දිනය දා මහින්දගෙන් වැඩකරන ජනතාවට පණිවිඩයක්

වර්තමාන සමාජ-ආර්ථික-දේශපාලන වට පිටාවන්ද සැලකිල්ලට ගෙන තම අයිතීන් රැක ගැනීමටනව ක්‍රියාමාර්ග තෝරා ගැනීමට මේ කම්කරු දිනයේ අදිටන් කර ගනිමු යැයි සමස්ත ශ්‍රී ලාංකේය වැඩ කරන ජනතාවගෙන් ඉල්ලා සිටීන බව නිවෙදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජාත්‍යන්තර මැයි දිනය සැමරීම

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් මෙරටද, එතෙරද වෙසෙන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකේය වැඩ කරන ජනතාව වෙත මාගේ සුභාශිංසන පිරිනැමීමට කැමැත්තෙමි.ලෝකවාසී වැඩ කරන ජනතාව ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් සිටින මේ දිනයේ, ලංකාවාසී වැඩකරන ජනතාව මුහුණ දී සිටින අභියෝග ගැන සිහිපත් කිරීම උචිත යැයි මම සිතමි. අදමේ රටේ පාලන බලය හොබවන්නේ ලංකා ඉතිහාසයේ වැඩ කරන ජනතාවට එල්ලවු දරුණුතම ප්‍රහාරය වු අසූවේ ජුලි වර්ජකයින් 40,000 කට අධික ප්‍රමාණයක් එකවර රැකියාවෙන් නෙරපීම සිදුකළ දේශපාලන පක්‍ෂය ප්‍රමුඛ සභාග ආණ්ඩුවකි. එමනිසා වැඩකරන ජනතාව ඉදිරියේ අද ඇති උවදුර සුළුපටු නොවේ. වර්තමානයේ යලිත් වරක් රාජ්‍ය අංශය හකුලා දැමීමේ උත්සාහයන් ක්‍රියාත්මක වන අතර, පෞද්ගලික අංශය තුළද වැඩ කරන ජනතාව දිනෙන් දින අනාරක්ෂිත තත්වයට පත් වෙමින් සිටිනු දැක ගත හැකිය.රටේ ආර්ථිකය පරිහානියට පත්වීමද මෙයට හේතුවක් වී තිබේ.

බරපතලම කාරණය වන්නේ  ආර්ථිකය බිඳ වැටීම නිසා පොදුවේ සියලු දෙනාට ලැබෙන වැටුපෙන්  අවම පහසුකම් හෝ සපුරා ගත නොහැකි තත්වයක් උදා වී තිබීමය.වත්මන් ආණ්ඩුව බලයට පැමිණි විගස කළින් පැවති ආණ්ඩුව ගැන තිබූ වෛයරයත් ඊර්ෂ්‍යාවත් නිසා එතෙක් කරගෙන ආ ජාතික සංවර්ධන ක්‍රියාදාමය එකවර අතරමග අතහැර දැමීමේ තීරණයනිසා  මෙරට පෞද්ගලික අංශයේ ආදායම් මාර්ග අහිමි විය. ඒ අමනෝඥ ක්‍රියාව නිසා ඇති වූ ආර්ථික පසුබෑමෙන් මේ රට තවමත් ගොඩ ඇවිත් නැත. ඔවුන් විසින්ම ඇතිකරන ලද ආර්ථික ගැටළුවලට විසදුම ලෙස මේ ආණ්ඩුව දකින්නේ රාජ්‍ය ආයතන කුණු කොල්ලයට විකිනීමය. මෙයට කිසිසේත්ම අපට එකඟ විය නොහැක. එයට අමතරව වෙනත් රටවල රැකියා වියුක්තිය  පිලිබද ගැටළු මෙරටදී විසදා ගැනීමට අවස්ථා නිර්මාණය කරන ගිවිසුම් වලට එළඹීමෙන් ස්වදේශික වෘත්තිකයින්ගේ රැකියා අවස්ථා අහිමි නොකරන ලෙසද වර්තමාන පාලකයින්ට සිහිපත් කල යුතුව තිබේ.

වර්තමාන රජය වරින් වර විවිධ බදු පැනවීම නිසාද වැඩකරන ජනතාවගේ ජීවන රටාවට තර්ජනයක් එල්ල වී ඇත.මහ පොළොව සමග ගැටී ස්වකීය ආදායම් මාර්ග නිර්මාණය කර ගන්නා ගොවි ජනතාව මුහුණ දෙමින් සිටින නොවිසදුනු ගැටළු සඳහා වහාම පිළියම් සෙවිය යුතුව ඇත. මේ තත්වයන්ට එරෙහිව හඬ නගන ජනතාවට එරෙහිව ආණ්ඩුවේ මර්දනය ක්‍රියාත්මක වෙන්නට පටන් ගෙන තිබේ.වර්තමාන සමාජ-ආර්ථික-දේශපාලන වට පිටාවන්ද සැලකිල්ලට ගෙන තම අයිතීන් රැක ගැනීමටනව ක්‍රියාමාර්ග තෝරා ගැනීමට මේ කම්කරු දිනයේ අදිටන් කර ගනිමු යැයි මම සමස්ත ශ්‍රී ලාංකේය වැඩ කරන ජනතාවගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි.

වැඩ කරන ජනතාවට ජය වේවා!

 

මහින්ද රාජපක්‍ෂ

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.