Featured

මැයි පලමුවැනිදා සිරිසේන රතුවෙයි-ශ්‍රිලනිප ප්‍රබලයන් මහින්දගේ වේදිකාවට

මැයි පළමුවැනිදාට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ඒකාබද්ධ විපක්‍ෂය විසින් කිරුළුපනදී සංවිධානය කර ඇති මැති රැළියේ වේදිකාවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ කිහිප දෙනෙකු ඇමතික, අතහැර එකතු විමට සුදානම් බව අනාවරණය කර තිබේ.ඊයේ උදාවු අලුත් අවුරුද්දත් සමග අදාළ මෛත්‍රී පිළේ ප්‍රබලයන් කිහිපදෙනකු තංගල්ලේ කාල්ටන්  හිදි හිටපු ජනාධිපති මහින්ද් රාජපක්ෂ මහතා රහසේම හමුවි ඇති අතර එම හමුවට හේතුව වි ඇත්තේද මෙම යහපාලන අතහැරිම බවයි කාල්ටන් අප විශේෂ වාර්තාකරුඅනාවරණය කළේ.

මේ අතර මේ සම්බන්ධයෙන් ඇමතිවරුන් කිහිප දෙනෙකු ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් සමඟ සාකච්ඡා කර පවත්වා ඇති අතර විශ්වාසයෙන් යුතුව එක්ව ගමනක් යැම පිළිබඳව දෙපාර්ශවයේම අවබෝධයක් ඇතිකරගෙන තිබේ.

ආණ්ඩුව සම්බන්ධයෙන් ශ්‍රිලනිපයේ  බිම් මට්මින් එන පීඩනය ,එජාප මැති ඇමතිවරුන් විසින් ආණ්ඩුවේ ශ්‍රීලනීප  මැති ඇමතිවරුන්ට ඉතා පහත් ආකාරයෙන් සැලකීම, ආණ්ඩුවට එක්වීමෙන් තමන්ගේ දේශපාලන අනාගතය වැටී ඇති අවදානම මෙන්ම ගමේ ශ‍්‍රිලනිප පාක්‍ෂිකයා වත්මන් ආණ්ඩුවට දැඩි විරෝධයක් දැක්වීම ආදී කරුණු මත මෙම පිරිස් ආණ්ඩුවෙන් ඉවත් වීමට හේතුව වි තිබේ.

Top