Breaking
25 Feb 2025, Tue

මැයි රැළි දෙකේ අර්බුදය එළියට

ශ්‍රිලනිපයේ මැයි රැළි දෙක ගැන එජාපය අවුලක! මෛත්‍රී කුමන්ත්‍රණයකද? යනුවෙන් අප පසුගියදා කල අනාවරණය අද ශ්‍රීලනීප මෛත්‍රී පිළේ බත් බැලයෙකු වන අමාත්‍ය ඩිලාන් පෙරේරාද තහවුරු වන ආකාරයේ ප්‍රකාශයක් කර තිබේ.ඒ අද පැවති මාධ්‍ය හමුවකදියි.

“මම කියන්න කැමති ශ්‍රිලනිප ගාල්ල+ මහින්ද කිරුළපන ජනතාව එකට එකතු කරලා කැම්බල් පිටිය + BRC පිටිය ජනතාවයි එකතු කරලා බැලුවම එකතු කළාම ගාල්ල+ කිරුළපන ආව ජනතාව 10 ගුණයකින් වැඩියි.”

UNP කැම්බල් පිටිය + Jvp BRC =10 (ශ්‍රිලනිප ගාල්ල+ මහින්ද කිරුළපන)

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බෙදිමක් ඇති ව පෙන්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පෙරමුණ ගොනාට අන්දවමින් සිටින බවත් එහි උප්‍රක්‍රමයක් හැටියට මැයි රැළි දෙකක් පැවැත්විමට කටයුතු කිරිම හරහා එක්සත් ජාතික පක්ෂයට වඩා ජනතා බලයක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ඇති බව පෙන්විමට කටයුතු ර ඇති බවයි එක්සත් ජාතික පක්ෂයේ රනිල් පිළේ කණ්ඩායම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දි ඇත්තේ.ඒ සම්බන්ධයෙන් තොරතුරු රැස්කර සාකච්ඡා කිරිම සිය සිංගප්පූරු සංචාරයෙන් පසුව සිදු කිරිමට අගමැතිවරයා එකඟත්වය පලකර ඇති ඇති බවද එම කණ්ඩායමේ ප්‍රභලයෙකු අප විශේෂ වාර්තාකරු සමග කල ප්‍රකාශය අප පසුගියදා අනාවාරණය කළා.

එම අනාවරණයශ්‍රිලනිපයේ මැයි රැළි දෙක ගැන එජාපය අවුලක! මෛත්‍රී කුමන්ත්‍රණයකද?

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාරට එල්ල වෙමින් තිබේන චොදනා සම්බන්ධයෙන් සහ සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ෆොන්සේකා දේශපාලනයට ගෙන ආ අයට බූවල්ලේන් තැලිය යුතු බවත් ඔහු දේශපාලන අදක්ෂයෙකු බවද අමාත්‍යවරයා සදහන් කළා.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.