Breaking
23 Jan 2025, Thu

මැ.කෝට කොන්දක් නෑ…රැස්විමට කලින් ජනපති ලග දෙකට නැමේ

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර රහසිගත හමුවක් ඊයේ සිදුව ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.ඊයේ මැතිවරණ කොමසාරිස්වරයා සහ සියළුම පක්ෂවල ලේකම්වරු අතර සාකච්ඡාව පැවැත්විමට පැයකට පමණ පෙර මෙම රගසිගත හමුව සිදුව ඇති අතර අදාළ සාකච්ඡාවෙන් පසුව කොමසාරිස් වරයා පක්ෂ ලේකම්වරුන් හමුවි තිබේ.අදාල හමුව ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ නිළ නිවසේ සිදුව ඇති අතර සාකච්ඡාව සදහා කිසිවෙකුත් සහභාගි කරගැනිමටද ජනපති කටයුතු කර නෑ.

පස්වරු2.30ට පමණ මැතිවරණ ලේකම් කාර්යාලයේදී සිදුවු මෙම හමුවේදි විපක්ෂයේ නියෝජිතයන් දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය නොපැවැත්විම් සම්බන්ධයෙන් ප්‍රශ්ණ කර ඇති අතර එහිදි කොමසාරිස් වරයා සදහන් කර ඇත්තේ මැතිවරණයක් පැවැත්විම සදහා මේ දක්වා රජය මුදල් ලබාදිමට කටයුතු කර නැති බවයි.

අදාළ සාකච්ඡාව සදහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆාද එක්ව සිටි අතර් පක්ෂ ලේකම්වරුන් ඔහුගෙන් කල ප්‍රශ්ණ කිරිම්වලදි පෙබරවාරි 10 සීමා නිර්ණ වාර්තාව ගැසට් කිරිමට කටයුතු කරන් බවට පොරොන්දු දි ඇති බවයි.කෙසේවෙතත් ඡන්ද පවත්වන්න නම් පළාත් පාලන පනත සංශෝදනය නොකර මැතිවරණ පැවැත්විමට හැකියාවක් නොමති බවද කොමසාරිස්වරයා අවධාරණය කර තිබේ.

ඉදිරියේදී පළාත් සභා 03 ක කාලය අවසන් වන බවද මෙහිදි පක්ෂ ලේකම්වරුන් පෙන්වා දි ඇති අතර මැතිවරණ කොමසාරිස්වරයා ඒ සම්බන්ධයෙන්ද නිසී පිළිතුරක් දිමට සමත් වි නෑ .

මැතිවරණකොමසාරිස්වරයා දේශපාලන පක්ෂ ලේකම්වරුන් හමුවිමට පෙර රහසේම ජනපති හමුවි ඔහු කියන දේ අසා ඒ අනුව ක්‍රියාකරන්නේ නම් යහපාලනය කියන ස්වාධීන භාවය ඇත්තේ කොහේද යන්න අමුතුවෙන් රටේ ජනතාවට කියාදිය යුතු නොවේ.

2017 වසරේ කිසිදු මැතිවරණයක් නොපැවැත්විමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර එකඟතාවක් ඇතිකරගත් බව රනිල් පිළේ ප්‍රභලයෙකු අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. පසුගියදා අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් මේ සම්බන්ධයෙන් පැවැති අතර එහිදි මෙම එකඟතාව ඇතිකර ගත් බවයි ඔහු අනාවරණය කර ඇත්තේ.

http://www.sinhala.lnwtoday.com/archives/14876

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.