Breaking
23 Feb 2025, Sun

මිනුවන්ගොඩ ශ්‍රිලනිප සංවිධායක කොමාට කොකා පෙන්වයි…පොලීසිය සීල් තැබු ගෑස් ලිප් හොර පාරෙන් බෙදන්න යයි..

Published on: Jan 23, 2018 – මැතිවරණ සමයේ බෙදා දීමට සූදානම් කර තිබියදී මිනුවන්ගොඩ පොලීසිය විසින් සීල් තබන ලද ගෑස් ලිප් තොගයක් හොර පාරෙන් එළියට ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනුවන්ගොඩ ආසන සංවිධායකවරයා කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ගබඩා කර තිබෙන ගෑස් ලිප් තොගයක් මැතිවරණය ඉලක්ක කරමින් බෙදාදීමට සුදානම් වන බවට ලද තොරතුරක් මත මිනුවන්ගොඩ පොලීසිය එම ගබඩාව පරීක්ෂා කර තිබේ.

ඒ වන විට එහි ගබඩා කර තිබූ ගෑස් ලිප් වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබුණු අතර පොලීසිය කළ විමසීමේ දී එහි සිටි පුද්ගලයන් කියා ඇත්තේ මෙම ගෑස් ලිප් ව්‍යාපාරික වුමනාවක් සඳහා ගෙන එන ලද බවය.

‍මිනුවන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේ පිහිටි තමන්ගේ අනෙක් ගබඩාව වෙත ප්‍රවාහනය කිරීමට කටයුතු යොදා ඇති බව එම පුද්ගලයන් කී පසුව පොලීසිය ගෑස් ලිප් ප්‍රවාහනය කිරීමට ඉඩ ලබා දී පසුව එම ස්ථාන දෙකටම සීල් තබා ඇත.

මෙම ගෑස් ලිප් මිල දී ගෙන ඇත්තේ ආසන සංවිධාකවරයා එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් සිටිය දී ලැබුණු මන්ත්‍රී ප්‍රතිපාදනවලින් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

2014 වසරේ ප්‍රතිපාදනවලින් මිල දී ගත් මෙම ගෑස් ලිප් මෙවර මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වාසි සහගත තත්ත්වයක් උදා කර ගැනීමේ අරමුණෙන් බෙදාහැරීමට සැලසුම් කර තිබී ඇත.

ව්‍යාපාරික වුවමනාවකට ගෙන එන ලද බව කියා පොලීසිය නොමඟ යවමින් ගෑස් ලිප් තොගය මැතිවරණයට පෙර මුදා ගැනීමට සංවිධායකවරයා කටයුතු කරමින් සිටින බව වාර්තා වී තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.