Breaking
24 Feb 2025, Mon

මියගිය ගෝපි,අප්පන් සහ ජිවත් වෙන ජ්‍යෙකුමාරිලා සහ විභුෂිකාලා-ජ්‍යෙකුමාරිගේ සැගවුණු කතාව

ජ්‍යෙකුමාරි නැවතත් අත් අඩංගුවට යන මැයෙන් පසුගිය සති කිහිපය තුල සත්‍යය වසන් කරමින් මාධ්‍ය ඔස්සේ පල වු ප්‍රවෘති අතර සත්‍යය ලෙසම සිදු වුයේ කුමක්දැයි හෙළි කිරීමට තරමි මානවහිමිකමි හා ත්‍රස්ථහිතවාදී ඇතැමි දමිළ මාධ්‍ය සාධාරණ නොවුයේ මන්ද යැයි අද විමසිය හැකිය.

ඇය නමින් බාලේන්ද්‍රන් ජ්‍යෙකුමාරි වන අතර දැනට පදිංචිය කිළිනොචිචීය භාරතීපුරමි ප්‍රදේශයේය. ඇයත් ඇගේ දියණීය වන විභූෂීකා ඊනියා මානව හිමිකමි කසලශෝධකයින්ගේ අනුකමිපාවට ලක්වන්නේ මීට වසරකට පමණ පෙර එල්ටීටීඊ සංවිධානය නැවත නංවා සිටුවීමට ගෝපි හා අප්පන් නමි ත්‍රස්ථවාදීන් දෙදෙනා ගත් උත්සහයේදී ඔවුන් වෙත නවාතැන් දීමත් ඒ සදහා අනුබල දීමත් ඇතුළුව තවත් කාරනා කිහිපයකට යටත්ව ත්‍රස්ථවාදී අපරාධ පරික්ෂණ ඒකකය විසින් අත්අඩංගුවට පත් වු අවස්ථාවෙිදීය. එම කාල සීමාවෙිදී උතුරු නැගෙනහිර මෙන්ම දකුණේද මානව හිමිකමි සංවිධාන ඔවුන් වෙනුවෙන් අරගලයක් දියත් කලේය.

ජ්‍යෙකුමාරි උසාවි භූමියෙන් නික්ම යන අයුරු
ජ්‍යෙකුමාරි උසාවි භූමියෙන් නික්ම යන අයුරු

මීට මාස කිහිපයකට පෙර ජ්‍යෙකුමාරි සහ ඇගේ දියණිය නිදහස ලබා තම ගමි ප්‍රදේශයට පිවිසිමුත් ඔවුන්ව ප්‍රතික්ෂේප කරන ලද්දේ දමිළ ජනතාව විසින්ම වීම දෛවෝප ගතය. තව දුරටත් දමිළ ජනතාව ත්‍රස්ථවාදයට අනුබල දෙන්නන්ට අකමැති බව දමිළ මානව හිමිකමි ගැන හඩ නගන ගැත්තන් සගවන ලද්දේ ඔවුන්ගේ ගිණුමි තරවීම නතර වෙි යැයි බියෙන් බව සිතිය හැක.

ජුලි මස දෙවන දින කැබිතිගොල්ලෑව පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගත් විට මානව හිමිකමි පුවරු මත ජ්‍යෙකුමාරීගේ නම නැවත බබලන්නට විය. එම කතාවෙි සැගවුන කොටස වනුයේ උතුරු නැගෙනහිර පළාත්වල බිමිබොමිබ ඉවත්කරනු ලබන ඩැනීෂ් නමි රාජ්‍ය නොවන සංවිධානයට අයත් බිමිබෝමිබ හදුනා ගැනීමෙි උපකරණ කිහිපයක් අතුරුදහන්වීම සමිබන්ධව කැබිතිගොල්ලෑව දිසා අධිකරණයේ විභාග වු නඩුව සදහා සාක්ෂි වෙනුවෙන් කිහිපවාරයක් කැදවීමි කලද එය මගහැරීමෙි වරදට අධිකරණය මගින් නිකුත්කෙරෙනු නොතිසි මත ඇය අත්අඩංගුවට පත්විමයි.

සාමාන්‍ය සිවිල් වැසියෙකු අධිකරණ කැදවීමක් කිහිපවාරයක්ම මගහැරීමට තරමි ශක්තියක් ඇය වෙත ලබා දුන්නේ මානව හිමිකමි නිදහසද නැතිනමි ජ්‍යෙකුමාරී වැනි අයවලුන් භාවිතා කොට දමිළ ජනතාව වෙත තවමත් හිංසනය පවති යැයි හඩ නගනා අදුරු සෙවනැලිවල බලයෙන්දැයි විමසීමට තරමි ඔිපාදුප මාධ්‍ය විචක්ෂණ නොවුයේ මන්ද යැයි නොදනිමු. පසුව උසාවිය මගින් සැප්තැමිබර් 16 වන දින දක්වා ඇය රක්ෂීත බන්ධනාගාර වෙත පැමිනෙවු අතර කිලිනොචිචියේ සිට පැමිණි ඩොමිනික් නමි නිතිඥයකු ඇප මෝසමක් ඉදිරිපත් කොට ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් මත අද උදෑසන ඇප මත ඇය නිදහස් කොට ගෙන තිබිණී. ඇය කැදවාගෙන යාමට ඩොල්පින් වර්ගයේ වෑන් රථයක් අධිකරණ භූමියට පැමිණි අතර ඇගේ දියණිය ඒ පිරිස සමග නොසිටියාය.

විභූසිකා විසින් වෑන් රථයේ පැමිණි පුද්ගලයා හරහා ජ්‍යෙකුමාරි වෙත දුරකථනයෙන් උපදෙස් ලබා දී ඇති අතර පිරිස මාධ්‍ය වලින් වසන්වෙමින් උසාවි භූමියෙන් නික්ම ගොස් ඇත.

එසේනමි ගෝපි සහ අප්පන් මිය ගියද ජිවත්ව සිටින ජ්‍යෙකුමාරිලා සහ විභුෂිකාලා ඉත්තන් කොටගෙන තවමත් ක්‍රියාත්මක වන වැඩ පිළිවෙල කුමක්දැයි සොයා බැලීමට නිසි කාලය එලබ ඇත. මන්ද උසාවියෙන් නියම කරන ලද රුපියල් දහසක දඩය ගෙවා ගැනීමට බැරිව හිරගෙවල්වල අපා දුක් විදින අනෙකුත් ගැහැනුන් වෙනුවෙන් ඩොමිනික්ලාත් සුව පහසු ඩොල්පින් වෑන් රථත් මානවහිමිකමි පුවරුත් කරලියට නොපැමිණෙන බැවිණී.
(arroo)

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.