Breaking
23 Feb 2025, Sun

මුකවාඩම් බැඳ එකකු නසන කල….දනිව් සුවහසක් යළි උපදින බව…..

~දෙමළ බෙදුම්වාදය රකින, ගෝලීය අධිරාජ්‍යවාදයේත්, රූකඩ ජගත් සංවිධානයේත් දේශීය මුලාදෑනින්ගේත් නිරුවත~

දෙමළ බෙදුම්වාදයේ කූටප්‍රාප්තිය පෙනෙන තෙක් මානයේ, සටන ජය ටැඹ කරා මෙහෙයවමින් සිටි එහි මිලිටරි මුහුණත හෙවත් එල්.ටී.ටී.ඊ. සන්නද්ධ ක්‍රියාකාරීත්වය අනපේක්ෂිත ලෙස ව්‍යර්ථවීම දෙමළ බෙදුම්වාදයේ සෘජු සහ වක්‍ර අනුග්‍රාහකයින්ගේ බලවත් සිත් තැවුලට හේතු වූ බව අපි දනිමු. විජයග්‍රහණය අවලංගු කරන්නටද, වෙනත් උපාය උපක්‍රම ඔස්සේ දෙමළ බෙදුම්වාදයේ ඉලක්ක දිනාගන්නට, ඊට වෙහෙස මහන්සි වූ පිරිස්ද, දැන හෝ නොදැන ඒවායේ ඒජන්තයන් ව සිටින පිරිස්ද, කටයුතු කරන බව රහසක් නොවීය.

කලක පටන් දන්නා නොදන්නා උගත් නූගත් ග්‍රාමීය නාගරික සියල්ලන්ගේ මුවරැඳි අපහැදිළි “ජිනීවා යෝජනාව” හෝ වඩාත් සුවිශේෂි පැහැදිළි “දෙමුහුම් යුධ අපරාධ අධිකරණය” සඳහා පසුබිම සැකසුනේ කෙසේද? දෙමුහුම් යුධ අපරාධ අධිකරණය නම් වධක පැටියා වදන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් යහනේ සමූහ සම්භෝගයේ යෙදුනෝ කවරහුද? දැන් ශ්‍රී ලංකාවට කුළ වද්දන්නට තනන මේ යාන්ත්‍රණයේ අසම්මත පිළිසිඳ ගැනීමේ සිට මේ දක්වා ලන්තෑරුම් සැපයූවෝ, වින්නඹුකම් කළෝ කවරහුද? මෙම භාවිතාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අයථා ලෙස සිය මුක්තීන් අභිබවා යමින්, ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් ලෙස අපි හුවා දක්වමු.

මේ සම්බන්ධ ප්‍රාමානික සමාජ ප්‍රතිරෝධයක් නිර්මාණය වෙමින් තිබේ. ඒ පසුබිම තුළ සිංහල විද්වත් එකමුතුව මෙම සමස්ථ ක්‍රියාවලිය තරමක් දුරට ගැඹුරින් විග්‍රහ කරමින්, එම විරෝධතාවන් තවතවත් මුවහත් කරනු සඳහා අවශ්‍ය වන කරුණු කාරණා සමාජගත කිරීමේ අරමුණින් මෙම පොත් පිංච සංස්කරණය කළේය.

සිංහල විද්වත් එකමුතුව

දැනුමෙන් සන්නද්ධව සටනට එක්වෙමු ….“දෙමුහුම් අධිකරණයට එරෙහිව” මෙතනින් කියවන්න 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.