Featured

මුක්කු ගහන සිරිසේන අපේ නායකයා නෙවේ … සම්මේලනයට අපි නෑ

ලබන 04 වෙනිදා කුරුණෑගලදී පැවැත්වීමට නියමිත ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ 65 වන සමුඵව වර්ජනය කිරීමට ගම්පහ දිස්ති‍්‍රක් පළාත් පාලන මන්තී‍්‍ර සංසදය තීරණය කරයි. එහි සභාපති ගම්පහ ප‍්‍රාදේශීය සභවේ හිටපු සභාපති රංජිත් ගුණවර්ධන මහතා අද (19) උඩුගම්පල ප‍්‍රසන්න රණතුංග මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කලේ ගම්පහ දිස්ති‍්‍රක්කය නියෝජනය කරන පලාත් පාලන මන්තී‍්‍රවරුන් 230න් 215 කට ආසන්න පිරිසක් මෙම සමු`ඵව වර්ජනය කිරීමට තීරණය කර ඇති බවයි. වර්තමාන දේශපාලන තත්වය පැහැදිලි කිරීම සදහා මාධ්‍ය හමුව කැදවා තිබිණ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් ගුණවර්ධන මහතා මෙසේද කීවේය.

“මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා අපේ පක්‍ෂය විනාශ කරනවා. ජනමතයක් තියෙන ආසන සංවිධායකවරුන් ඉවත් කරලා තමන්ට එහෙයි කියන පිරිසක් ආසන සංවිධායකවරුන් ලෙස පත් කරගෙන මේ කරන්න හදන්නේ අපේ පක්‍ෂය පරාජය කරන එකයි. අපි මේකට දැඩි විරෝදය පල කරනවා. අපි මේ අලූතින් පත්වෙච්ච ආසන සංවිධායකවරුන්ට අභියෝග කරනවා පු`ඵවන්නම් ඉදිරි පලාත් පාලන මැතිවරණයේදී අපි සමග තරග කරලා ප‍්‍රාදේශීය සභාවක් හරි නගර සභාවක් හරි දිනන්න කියලා. මේ අයට ප‍්‍රාදේශීය සභාවක් , නගර සභාවක් තියා මරණාධාර සමිතියකටවත් පත්වෙන්න බෑ”

මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පද්මකුමාර අරංගල්ල මහතා.

“මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා හදන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය රිදී බන්දේසියක තියලා එක්සත් ජාතික පක්‍ෂයට උකස් කරන්නයි. පක්‍ෂය උකස් කරන්න හදන එක්සත් ජාතික පක්‍ෂයට මුක්කු ගහලා ඉන්න මෛතී‍්‍රපාල සිරිසේනගේ නායකත්වය අපි පිලිගන්නේ නෑ. එහෙම මුක්කු ගහපු කෙනෙක්ගේ ප‍්‍රධානත්වයෙන් තියන්න හදන සමු`ඵ වලට අපි යන්නෙත් නෑ. ඊලග පලාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයත් එක්ක යහන් ගතවෙලා ඉන්න නිල් අලි පැටව් දාන ඕන අපේක්‍ෂකයෙක් පරද්දවන්න අපි ලෑස්තියි. ලබන 04 වෙනිදා කුරුණෑගල තියෙන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සමු`ඵව නොවෙයි. නිල් අලි පැටවුන්ගේ සමු`ඵවයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට ආදරය කරන කිසිවකු ඊට සහභාගී වන්නේ නෑ”

දොම්පේ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් ජයතිලක මහතා,

“ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයා , ලේකම්වරයා ඇතු`ඵ පිරිස කිසිම විලි ලැරජ්ජාවකින් තොරව පක්‍ෂය දියාරු කරනවා. ඒඅ ය තමයි හොදට තිබුණු අපේ පක්‍ෂය දෙකඩ කලේ. එක්සත් ජාතික පක්‍ෂයට බලය ලබාදීමේ කොන්ත‍්‍රාත්තුවක් තමයි මේ අය ඉටු කරමින් ඉන්නේ. අලූත් සංවිධායකවරු දැක්කහම ඒක තහවුරු වෙනවා. ඉතිං කොහොමද අපි සම්මේලනවලට යන්නේ ”

මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්තී‍්‍ර දර්ශිකා ගුණසේකර මහත්මිය.

මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා අපේ පක්‍ෂය විතරක් නෙමෙයි රටත් විනාශ කලා. මහින්ද රාජපක්‍ෂ මහත්තයා ගොඩ නගපු මේ රට අද මෛතී‍්‍ර රනිල් ආණ්ඩුව විනාශ කරමින් තිබෙනවා. මේ රටේ කාන්තාවන්ගෙන් මම ඉල්ලනවා තව දුරටත් මේ මෛතී‍්‍ර – රනිල් වහපාලන ආණ්ඩුවට රැුවටෙන්න එපා කියලා. මේ රට ගොඩනගන්න පුලූවන් වෙන්නේ නැවත මහින්ද රාජපක්‍ෂ යුගයක් රට තුල ඇති කලොත් විතරයි. රනිල් එක්ක ල`ගින මෛතී‍්‍ර කියන කියන දේ කරන ආණ්ඩුවට මුක්කු ගහපු නිල් අලි පැටව් ගමෙන් එලවන්න කාන්තා අපි ප‍්‍රමුඛතාවය ගත යුතුයි. මේ සමු`ඵවට එන්න කියලා නිල් අලි පැටව් ඔබ ලගට හිගමනේ ඒවි. රැුවටෙන්න එපා. ඒ වගේම මේ රටට ආදරය කරන සිය`ඵ කාන්තාවන්ගෙන් මම ඉල්ලනවා මේ සම්මේලනයට කිසිසේත් සහභාගී වන්න එපා කියලා.

වත්තල ප‍්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති සුරනි මංජුලා මහත්මිය.

අද මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ ඉටුකරමින් සිටින්නේ 2015 ජනවාරි 08 වෙනිදා ඔහු රනිල් වික‍්‍රමසිංහට වූ පොරොන්දුවක්. ඒ පොරොන්දුවට අනුව තමයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායකවරුන් ඉවත් කරලා ඒඅ ය වෙනුවට දුර්වල ආසන සංවිධායකවරුන් පත් කරන්නේ. අද අපේ පක්‍ෂයේ මහ ලේකම් යැයි කියා ගන්නා දුමින්ද දිසානායක තමයි මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ඒ පොරොන්දුව ඉටු කරන්නේ. ලබන 04 වෙනිදා තියෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ සමුලූව අපි වර්ජනය කරන්නේ එය සැබෑ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සමුලූවක් නොවන නිසා.

පෑලියගොඩ හිටපු නගරාධිපති අමිල නිශාන්ත , මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති සුජීව සම්පත්, මිනුවන්ගොඩ හිටපු නාගරික මන්තී‍්‍ර නිහාල් සේනාරත්න, අත්තනගල්ල ප‍්‍රාදේශීය සභවේ හිටපු මන්තී‍්‍ර පුංචිහේවා, යන මන්තී‍්‍රවරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ප‍්‍රදීප් අනුර කුමාර

IMG_4581 IMG_4600 IMG_4664

Top