Featured

මුල්‍ය නිතීය,ශරීයා නිතීයට බිලිදි මෛත්‍රීට හොරෙන් අර්ජුන,රනිල් $බිලියනයක් ගැනිමේ සුදානමක්!

සෞදි අරාබියේ ඉස්ලාමීය සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාගෙන එහි කොන්දේසි ලෙස මූල්‍ය ක්ෂේත්‍රය ඉස්ලාමීය ශරීයා මූල්‍ය නීතියට අනුකූලව ප්‍රතිසංස්කරණයට ශ්‍රී ලංකා මහ බැංකුව හොර රහසේම කටයුතු කරමින් සිටින බව අනාවරණය වි තිබේ. මෙම ණය මුදල ලබා ගැනීම සදහා කටයුතු කර තිබෙන්නේ ජනපතිවරයාවත් දැනුවත් නොකර හොර රහසේ අගමැතිවරයාගේ අනුදැනුම පරිදි මහ බැංකු අධිපතිවරයාගේ තනි අනුමැතිය සහිතවය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හෝ කැබිනට් මණ්ඩලය පවා දැනුවත් කර නොමැති බවද දැනගැනීමට ලැබී තිබේන බව බොදුබල සේනා සංවිධානය අනාවරණය කර සිටි.

උද්ගතව තිබෙන ආර්ථික අර්බුධයට පිළියමක් ලෙස සෞදි අරාබියේ ජාත්‍යන්තර ඉස්ලාමීය සංවර්ධන බැංකුවෙන් ‍ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමට මහ බැංකුව තීරණය කර තිබෙන බවත්, මහ බැංකු අධිපති අර්ජුන මහෙන්ද්‍රන් සෞදියේ සංචාරයක නිරතවී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවටත් මාධ්‍ය වාර්තා පලවිය. IDB ඉස්ලාමීය සංවර්ධන බැංකුව ඉස්ලාම් ආගමික ශරීයා නීතිය පදනම්කරගෙන මූල්‍ය කටයුතු සිදුකරන ආයතනයක් වන අතර එහි සියලු මෙහෙයුම් සිදුවනුයේ ශරීයා නීතිය පදනම්වයි. ශරීයා නීතිය පදනම්ව සිදුකරන මූල්‍ය කටයුතු වලදී ගනුදෙනුකාර පාර්ශව එම නීතියට අනුගත වීම එහි මූලධර්මයක් වන අතර මූල්‍ය ආයතනද ශරීයා නීතියට අනුකූලව ප්‍රතිසංස්කරණය කිරීමට සිදුවේ.

බොදු බල සේනා පැමිණිල්ලට අනුව, ආගමික පදනමක් සහිත බැංකුකරණය රට තුල ස්ථාපිත කිරීම පිලිබදව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමාජයේ බෙදුම්වාදයක් ඇති කරණ ආගමික පදනම් සහිත බැංකුකරණයක් ඇති කිරීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාතයංශය විසින් කටයුතු කර ඇත්දැයි එම අමාත්‍යංශයේ ලේකම් එම්.අයි.එම් රාෆික් මහතාගෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ලිපියක් යොමුකරමින් විමසීමක් කර තිබේ.

ජනාධිපති අතිරේක ලේකම් එස්.ටී. කොඩිකාර මහතා විසින් ලිපියක් ලියමින් අදාළ විමසීම කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් දෙසතියක් තුළ කරුණු දක්වන ලෙසද ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලේකම් එම්.අයි.එම් රාෆික් මහතාට අදාළ ලිපියෙන් නියෝග කර තිබේ.

කෙසේ වෙතත් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් උක්ත ලිපිය යොමුකර තිබෙන්නේ ජාතික ආර්ථික කටයුතු හා ප්‍රතිපත්ති සම්පාදන අමාත්‍යාංශ ලේකම් එම් අයි එම් රාෆික් මහතා වෙතය. මෙරට රාජ්‍ය නිලධාරීන්ගේ ජාතිකත්වය පිළිබදව ප්‍රශ්න කිරීම එතරම් උචිත කරුණක් නොවුවද මින් පෙර බොහෝ අවස්ථාවලදී මුස්ලිම් ජාතික නිලධාරීන් විසින් තීන්දු තීරණ ගෙන තිබෙන්නේ තම ආගමික බැදියාව සහ ජාතිකත්වය ප්‍රමුඛත්වයෙහිලා සලකාගෙනය. එබැවින් ඉස්ලාම් ආගමික පදනම සහිත බැංකුකරණය ක්‍රියාත්මක කිරීමට සැළසුමක් ඇත්දැයි එවැනි නිලධාරීයෙකුගෙන් ඇසීම හොරාගේ අම්මගෙන් පේන ඇසුවා හා සමාන වීමට බොහෝ දුරට ඉඩ ඇත.

Top