Breaking
20 Apr 2025, Sun

මුස්ලිම් ජනපති,දෙමල අගමැති,සිංහලයා මහ මුහුදට

2003 අගභාගයේදී උන්වහන්සේ එසේ පවසද්දී ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ව සිටියේ චන්ද්‍රිකා කුමරතුංග මැතිණිය යි. එවකට අග්‍රාමාත්‍යව සිටියේ රනිල් වික්‍රමසිංහ යි. එසේම පොලිසිය භාර අමාත්‍යවරයා ලෙස සිටියේ ක්‍රිස්තියානි ආගමික ජෝන් අමරතුංග යි.

එවකට තිබූ එජාප ආණ්ඩුව කොටි ත්‍රස්තවාදීන් සමග සාම ගිවිසුම් ගසා උතුරු නැගෙනහිර ඊළම දෙන තත්ත්වයට ඔන්න මෙන්න තිබුණි. හමුදාව බැරැක්ක වලය. මිලේනියම් සිටි පාවාදීමත් සමග බුද්ධි අංශ නිලධාරීන්ව පිට පිට ඝාතනය වෙන යුගයයි.

අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමිගේ ඉහත දේශනයත් සමග සිදුවූයේ රටේ දේශපාලන බලාධිකාරය බලාපොරොත්තු දෙයක් නොවේ. රටට ආදරය කරන රණවිරුවන් තවදුරටත් දේශපාලුවන්ට යට වී රට විනාසයට ඇද දමනවාද නැතහොත් ජාතියේ මිණි පහනගේ ඔවදන පිළිපදිනවාද යන්න තීරණය කෙරමින් පැවතිණ.හිටි ගමන්ම හමුදාවේ මුල් පුටු වල විශාල වෙනසක් විය. ආරක්ෂක මණ්ඩලයේ සිටි ජේෂ්ඨ නිලධාරීන් වෙනස් වී එයට දේශපාලන ඉත්තන්ව පත් වූයේ විධායකය තැති ගෙන සිටි බැවිනි.

පහත විඩියෝව ඉතා සංයමයකින් යුතුව නරඹන්න………….

ඔබගේ අවධානයට ….

“රටත් නැති කරනවානම්, ජාතියකුත් නැති කරනවානම්, ශාසනයකුත් නැති කරනවානම් එහෙනම් ඒ ආණ්ඩුව ආරක්ෂා කරන්න හමුදාව බැඳිලා නෑ. හමුදාවක් ඉන්නේ රටක් රකින්නට, ඒ රටේ ජාතිය රකින්නට. අපි හිතමු රට රකින්නයි කියල. ජනතාවගෙන් තාවකාලිකව පත් වෙච්ච මිනිහෙක් හරි ගෑණියෙක් හරි ඇවිල්ලා එයාගේ දෙයක් වගේ මේ රට කෑලි වලට කඩල දෙන්න හදනවානම් හමුදාව…බලන් ඉන්නවයැ?”

ඉහත දැක්වෙනුයේ අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමි රුසියාවට වැඩම කිරීමට දින කිහිපයකට පෙර මහනුවර මහ මලුවේදී පැවැත්වූ දේශනයෙන් උපුටා ගන්නා ලද්දකි…

ඉහත දේශනය සිදුකළ පසු දින කිහිපයකින් අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමි රුසියාවට වැඩම කළේය. උන්වහන්සේට බිය වූ අය උන්වහන්සේට යළි මෙරටට වැඩම කිරීමට ඉඩ නොදුනි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.