Featured

මුස්ලිම් පරිපාලන දිස්ත්‍රික්කයක් වෙනුවෙන් රනිල්-හකීම් ගිවිසුමකට අත්සන් කරලා

මහා මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂ බලය ලබාගත හොත් වෙනම මුස්ලිම් පරිපාලන දිස්ත්‍රික්කයක් ලබාදීමට එජාපයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වූ බව මුස්ලිම් කොන්ග්‍රසයේ හසන් අලී අවධාරණය කරයි.

හසන් අලී පසුගිය ඉරිදා Sunday Observer පුවත් පතට කල ප්‍රකාශය සම්බන්ධයෙන් අප විශේෂ වාර්තාකරු කල විමසිමකදි ඔහු අනාවරණය කර ඇත්තේ ශ්‍රි ලංකා මුස්ලිම් කොන්ග්‍රසය හා එක්සත් ජාතික පක්ෂ නායකයා අතර ඒ සම්බන්ධයෙන් වු පිටු 4කින් යුත්  එකඟතා ලියවිල්ලකටද අත්සන් තබා ඇති බවයි.

ශ්‍රීලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ එජාපය අතර අත්සන් තැබූ අවබෝධතා ගිවිසුමටද එය ඇතුලත් කර ඇති බවත් පසුගිය රජයන් මෙන් නොව අගෝස්තු 17න් පසුව පත්වෙන රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය මෙම ඉල්ලීම් වලට මුල් තැන දෙමින් කටයුතු කරන බවත් ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් කියා තිබේ.

Top