Anonymous Reporter

මුසාම්මිල්ගේ කට උත්තරයෙන් විමල් ඇල්ලිමේ මෙහෙයුමක්

ජනාධිපති කාර්යාලයට අයත් වාහනයක් භාවිතා කරමින් එයට කුලිය වශයෙන් රජයෙන් ලක්ෂ 62ක් ලබාගත් බවට බොරු චෝදනා කරමින් අත් අඩංගුවට ගෙන සිටින ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසාම්මිල් ගෙන් කරන ලද ප්‍රශ්ණ කිරිම් භාවිතා කරමින් ඒ සදහා ප්‍රශ්ණ කිරිම් කිරිමට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතාව අත් අඩංගුවට ගැනිමට හැකි බව පොලිස්පති පුජිත් ජයසුන්දර අද අමාත්‍ය සාගල රත්නායක මහතාට දැනුම් දි ඇති බව අප විශේෂ වාර්තාකරු සදහන් කලා.

අවස්ථා ගණනාවකදි විමල් වීරවංශ අත් අඩංගුවට ගැනිමට උත්සහ කලද ඒ සදහා එල්ල වි තිබු චොදන ප්‍රමාණවත් නොවු හෙයින් එම අත් අඩංගුවට ගැනිම දිගින් දිගටම පස්සට දමන්නට සිදුවුනා.

ජනාධිපති කාර්යාලයෙන් මෙම වාහනය මුසම්මිල් මහතාට ලබා දී ඇත්තේ වීරවංශ මහතාගේ මැදිහත්වීමෙන් බවට මුසාමිල්ගෙන් කල ප්‍රශ්ණ කිරිම් වලදි අනාවරණය වි ඇති බවත් අදාළ වාහනයට කුලී ගෙවා ඇත්තේ ඒ වනවිට වීරවංශ ඇමතිවරයා යටතේ තිබු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙන් විමත් හේතුවෙන් පහසුවෙන්ම මෙම ව්‍යාජ් වංචාව සදහා විමල් විරවංශ කොටුකර ගැනිමට හැකි බවත් මෙම ලක්ෂ 62ක රජයේ මුදල් වංචා කිරීමේ චෝදනාවට විමල් වීරවංශ මහතාද අත් අඩංගුවට ගැනිමට හැකි බවත් පොලිස්පති පුජිත් ජයසුන්දර අමාත්‍යවරයාට දන්වා තිබේ.

මේ අතර පසුගිය රාජපක්ෂ රජය යටතේ සිදු කෙරුණු දූෂිත ගල් අඟුරු ටෙන්ඩරයක් සම්බන්ධයෙන් එහි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම මූළ්‍ය අපරාධ කොට්ඨාශයට (FCID) ‍තම අභිමතය පරිදි සිදු කරන ලෙස නීතිපතිවරයා දැනුම් දී තිබේ.

ඒ අනුව ඉදිරි දින කීපය තුලදී මෙම දූෂිත ටෙන්ඩරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පෑන් ඒෂියා බැංකුවේ සභාපති නිමල් පෙරේරා, නොයෙල් සෙල්වනායගම්, රොහාන් ඊරියගොල්ල සහ සුජානි බෝගොල්ලාගම මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත කැඳවීමට නියමිතව පවතී. මෙම ටෙන්ඩරය ඉදිරිපත් කර ඇත්තේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අයත් හෙලෝ ක්‍රොප් (HELLO CROP)නම් සමාගම විසිනි.

SFගේ දෙවැනි මෙහෙයුම කොට උඩ ගිය අවි ගනු-දෙනු වසා ගන්න මුසාම්මිල්ට ලක්ෂ 300ක් දිම

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාට සහ ඔහුගේ බෑනාට එල්ල වී ඇති ‘හයිකොප්’ චෝදනා අසත්‍ය යැයි ප්‍රකාශ කරන ලෙසට ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසම්මිල් මහතාට රුපියල් ලක්ෂ 300ක් ලබාදී සහයෝගය ලබාගැනීමට ගත් කූඨ උපායක් ඊයේ අනාවරණය විය.

මුසම්මිල් මහතා සමග කළ සාකච්ඡාවලට අනුව අත්තිකාරම් මුදල් ලබාදෙන අවස්ථාවට නෝර්වේ තානාපති කාර්යාලයේ නිලධාරියකු සහභාගි වූ බවටද කරුණු හෙළිදරව් විය.

මුසම්මිල් මහතාගේ සහාය ලබාගැනීම සඳහා සරත් ෆොන්සේකා මහතාගේ පාර්ශ්වය සමඟ කළ සාකච්ඡා හා මුදල් ලබා ගත් අයුරු දැක්වෙන හඬපට සහ වීඩියෝ පට මාධ්‍ය හමුවකදී විමල් වීරවංශ මහතා ජනමාධ්‍ය වෙත ඉදිරිපත් කෙළේය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ලක්ෂ 300ක මුදලකට ලබාගැනීමේ ජාතිද්‍රෝහි කුමන්ත්‍රණය රටට හෙළි කිරීම සඳහා විමල් වීරවංශ මහතාගේ අනුදැනුම මත මුසම්මිල් මහතා විසින් මේ මෙහෙයුම සිදු කැර තිබේ. ඒ අනුව, වැල්ලවත්ත සැෆයාර් හෝටලයේ කාමරයකදී රුපියල් ලක්ෂ 10ක මුදලක් අත්තිකාරම් වශයෙන් ලබාදී තිබේ.

මුසම්මිල් මහතාගේ සහයෝගය සරත් ෆොන්සේකා මහතා වෙත ලබාගැනීමේ කුමන්ත්‍රණයේ මැදිහත්කරු ලෙස කටයුතු කැර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයෝන් මුස්තෆා මහතාය.

ලක්ෂ 300කට එකඟත්වය පළකිරීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, රවි කරුණානායක, මලික් සමරවික්‍රම මහත්වරුන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට මයොන් මුස්තෆා කටයුතු කැර ඇත.

සරත් ෆොන්සේකා මහතා සමග සාකච්ඡාවකට සහභාගි වන ලෙසට ද රනිල් වික්‍රමසිංහ සහ රවි කරුණානායක මහත්වරුන් මුසම්මිල් මහතා ට ප්‍රකාශ කැර තිබේ.

සරත් ෆොන්සේකා මහතාට සහාය ලබාදීමේ තීන්දුව ගන්නවා නම් ආරක්ෂා සහිතව පිටරට පදිංචිය සූදානම් කැර දෙන බවද කුමන්ත්‍රණකරුවන් මුසම්මිල් මහතා සමඟ සාකච්ඡාවේදී පවසා තිබේ.

ඒ අනුව පෙරේදා රාත්‍රී වැල්ලවත්ත සැෆයාර් හෝටලයේ කාමරයේදී මයොන් මුස්තාෆා මහතා සහ නෝර්වේ තානාපති කාර්යාල නිලධාරියෙක් පැමිණ රුපියල් ලක්ෂ 10ක අත්තිකාරම් මුදල මුසම්මිල් මහතාට ලබාදී තිබේ.

මලික් සමරවික්‍රම මහතා ද ඒ අවස්ථාවට සහභාගි වී ඇත. එම මුදල් ලබාදීමේ අවස්ථාවේදී තිදෙනා අතර වූ කතාබහ සියල්ල පටිගත කැර තිබේ.

සරත් ෆොන්සේකා මහතාට සහාය පළකරන බවට මුසම්මිල් මහතා එකඟවීමෙන් පසුව ඊයේ දහවල් 1 ට සරත් ෆොන්සේකා සහ රවි කරුණානායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මුසම්මිල් මහතාගේ පැමිණීම සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමටද කටයුතු කැර තිබිණි.

සරත් ෆොන්සේකා මහතා අපහසුතාවට පත් කිරීමේ අරමුණින් හයිකොප් ගනුදෙනුව සිදුකර ඇති බවත්, විමල් වීරවංශ මහතා හයිකොප් ගනුදෙනුව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ලිපිලේඛන කිසිවක් ලබානුදුන් බවත් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරන ලෙසට මලික් සමරවික්‍රම විසින් මුසම්මිල් මහතාට මෙහිදී උපදෙස් දී තිබේ.

රුපියල් ලක්ෂ 300කට මුසම්මිල් මහතා බිලිබා ගැනීමේ කුමන්ත්‍රණයේ මයොන් මුස්තාෆා මහතා සමඟ කළ මුල් කතාවේ සිට අවසානය දක්වාම සියලු කතාබහ හඬපටය ජාතික නිදහස් පෙරමුණ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා ඊයේ රටට ඉදිරිපත් කෙළේය.

විජයදාස, රාජපක්ෂ, අර්ජුන රණතුංග, එස්. සචිත්තානන්දන්, සේගු ඉසදීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ යෝගේෂ්වරන්, හිටපු මන්ත්‍රීවරයාද, මයන්ත දිසානායක මහතාද ආණ්ඩු පක්ෂයේ සිට සරත් ෆොන්සේකා මහතාට සහාය දැක්වීම සඳහා එක් වූහ. ඊට අමතරව, සිවගීතා ප්‍රබාකරන් මහත්මිය සහ පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් ද ෆොන්සේකා මහතාගේ සහායට එක්වූහ.

Top