Featured

මෙදාපාරත් අන්තිමට පිස්සු කෙලින්න එපා….රටේ මිනිස්සු හිනා වෙනවා…

කැබිනට් සංශෝධනය හේතුවෙන් ජාතික ආණ්ඩුවේ ආයුෂ කෙටි විමේ අවදානමක් මතුව තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

අවස්ථා ගණනාවකදිම කැබිනට් සංශෝධනය සිදුකිරිමට උත්සහ කලද අවසන් මොහොතේ දෙපාර්ශවයේම ඇමතිවරුන් අතර ඇතිවු ගැටුම් හේතුවෙන් එම සංශෝධනය කල්දැමිමට සිදුවු අතර ඊට ප්‍රධාන වශයෙන්ම බලපෑම් එල්ල කලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දයෙන් පැරදි සිරිසේන ජනපතිගේ කැමත්ත මත පත්කර ගත් මන්ත්‍රීවරුන්ට ඉහල පෙලේ ඇමතිකම් ලබාදිමට එජාප ප්‍රබලයන් විරුද්ධ විමයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරය නිමවූ වහාම කැබිනට් සංශෝධනයක් කිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර එකඟතාවක් ඇතිවී තිබේ.

මේ අතර ඉදිරි කැබිනට් සංශෝධනය සිදුකරන තෙක් සතිපතා කැබිනට් හමු නොපැවැත්වීමටද ජනාධිපතිවරයා තීරණය කර තිබේ. අගමැතිවරයා සිය චීන සංචාරය සඳහා පිටත්වීමට පෙර ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවේදී එම දෙපළ මෙම තීරණවලට එළඹ තිබේ.

එම සංචාරයේ කටයුතු අතරතුර කැබිනට් සංශෝධනය පිළිබඳ අදහස් හුවමාරුවී ඇති අතර අගමැතිවරයා ජනාධිපතිවරයා අමතා ප්‍රකාශ කර ඇත්තේ “මගේ ටික මම බලගන්නන් ඔයාගේ ටික ඔයා බලාගන්න…මෙදාපාරත් අන්තිමට පිස්සු කෙලින්න එපා….රටේ මිනිස්සු හිනා වෙනවා…”

කෙසේ වෙතත් මෙම කැබිනට සංශෝධනය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු සහ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් අතර පසුගිය දිනවල යම් ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබුණි. එක්සත් ජාතික පක්ෂයට ලැබි ඇති ඇමැතිධුර කිසිවිටකත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ආණ්ඩුවේ ඇමැතිවරුන්ට ලබා නොදෙන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අගමැතිවරයා හමුවී මීට පෙර අවස්ථාවකදී පවසා තිබුණි.

මෙම අර්බුදකාරී තත්ත්වය සමග අදාළ කැබිනට් සංශෝධනය දිනෙන් දින කල්දැමුණු අතර කෙසේ නමුත් ජනාධිපතිවරයා සහ රජයේ ප්‍රධානීන් කැබිනට් සංශෝධනයක් සිදුකරන බවට ජනතාවට ලබාදී තිබූ ‍පොරොන්දුව මත ඉදිරි දින කිහිපය ඇතුළත ස්ථිර වශයෙන්ම කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා තීරණය කර ඇත.

Top