Breaking
24 Feb 2025, Mon

මෙදා යහපාලකයන් එදා සෝභිත හිමි ඝාතනය කල අයුරු

Published on: Nov 16, 2015 – යහපාලනය විසින් ඝාතනය කරනු ලැබු මාදුඵවාවේ සෝභිත හිමියන් වර්තමානයේද යහපාලන නාමයෙන් වැජඹෙන ඇමතිවරුන් විසින් එවකට ඝාතනය කල අයුරු පහත ඡායාරූපයෙන් අනාවරණය වේ.අභාග්‍යසම්පන්න සිද්ධිය නම් එදා මේ අකාරයේ මඩ පත්තර නිර්මාණය කිරිමට වසල රාජ්‍ය නොවන සංවිධානයකට සල්ලි පොම්ප කල වත්මන් යහපාලන මුදල් ඇමති (නමට) රවි කරුණානායක මෙදා සෝභිත හිමියන් සිංගප්පූරුවේදි අපවත් වූ විට ශ්‍රි ලංකා රජය නියෝජනය කරමින් සිංගප්පූරුවට ගොස් සෝභිත හිමියන්ගේ සිරුර රැගෙන එන්නට ඉදිරිපත් විමයි……

ravi_sobitha

ඔබ වහන්සේට නිවන් සුව පතමු!!! සටන්කාමී හිමිනමක් ලෙස අප කුඩා කාලයේදිම මතකයේ රැදුනේ.. ඉන්දියානු හමුදා මෙරටට ගෙන්වා මෙරට ඉන්දියානු කොලනියක් කල එජාප දුර්ජන පාලනයට එරෙහිව ඔබ නැගු හඩ වගේම, රනිල් අධ්‍යාපන ඇමති ලෙස අධ්‍යාපන ධවල පත්‍රිකාව මගින් නිදහස් අධ්‍යාපනයට කෙල වීමට සුදානම් වු විටද ශිෂ්‍ය සංවිධාන සමග එක්ව සටන් මෙහෙයවු, මෙවැනි ක්‍රියා නිසාම මැරයන්ගේ ප්‍රහාරයන්ට පවා ලක්වු අභිත හිමිනමක් ලෙසිනි… ඔබ වහන්සේට සමාජයට කල හැකි බලපැම මනා ලෙස තෙරුම් ගත් පිරිස් ඒ බලය නව දේශපාලන වෙනසක් සදහා කළමණාකරනය කලේ ඔබ වහන්සේවත් ඒ ගැන දැනුවත්ව සිටියදිද යන්න සැක සිතුනේ අවසන් කාලයේදි ඔබ වහන්සේම පළකල අදහස් විමසන විටදීය.. ඒලෙස ඔබ වහන්සේ පළකල අදහස් අනුව අපටද වැටහෙන්නේ අදට වඩා සටන් සදහා හෙටට ඔබ වහන්සේ වටිනා බවයි.. තමන් ගෙන ආ රජයේ ගමන් මග ආරම්භයේදිම වරද්දා ගත් බවට සංවේගයෙන් ඔබ වහන්සේ පවසනුද, ඒය නිවැරදි කිරිමට නව සටනක් අරබන බවද සදහන් කර ඊට මුල පිරිමටවත් පෙර නික්ම යන්නේ.. අප මත ඒ වගකීමද පවරමිනි…ravi_singapoor-300x400

ඔබ වහන්සේගේ අවසාන දේශපාලන සටන සමග අප නොසිටියද, ඒය ඔබ වහන්සේගේ ප්‍රජාතාන්ත්‍රිය අයිතිය බැවින් අප ඊට ගරු කරමු.. යහපාලනයම කරන්නේමැයි ඔබ වහන්සේට පොරොන්දු වුවෝ මේ මොහොතේ සැනසුමු සුසුම් හෙලනු ඇත්තේ, තවදුරටත් ඔවුන්ට පොරොන්දු මතක් කිරිමට කිසිවෙකු නොමැති බවට පසක් වී විය යුතුය.. මරණයෙන් වැඩිම වාසි ලබන්නෝ වැඩියෙන්ම අඩමින් සිටින මොහොතකි මෙය.. ඉහත ඡයාරුපය විමසිලිමත්ව විමසද්දී මරණෙට වත් මුන් වහන්සේ අසලටවත් නොආ යුතු එවන් තකතීරුවන් දැකිය හැක.. ඒ නිසා යලිත් ලියමි මේ මරණයෙන් වැඩිම වාසී ලබන්නෝ වැඩියෙන්ම හඩමින් සිටින වේලාවයි!!!!

NGO කුමන්ත්‍රණ සහ චරිත ඝාතන!

ඉතිහාසයේ යම් කිසි දවසක, මාදුඵවාවේ සෝභිත හිමියන් ගේ දේශපාලන කටයුතු බටහිර NGO නඩයට හිසරදයක් වෙමින් ‍තිබියදී, උන්වහන්සේ ගේ දේශපාලන චරිතය මෙරටින් තුරන් කිරීම සඳහා සිදු කරන ලද කුමන්ත්‍රණකාරී පාද‍‍ඩ මෙහෙයුමක්, මෙකී පුවතින් දැක්වේ.

අද සෝභිත හිමියන් ගේ අපවත්වීම සම්බන්ධයෙන් ‍අඬන, හොටු හූරන පිරිස, එදා මෙකී සිදු වීමෙන් ගත් ආතල් එක අති මහත් ය.

යම් විදියකින් උන්වහන්සේ ඉන්පසුවත් NGO නඩයට එරෙහි පිළිවෙතක් අනුගමනය කළේ නම් සහ ඒ මතවාදයේම පිහිටා අපවත් වුණේ නම්, මෙකල සති අන්ත විකල්ප පුවත් පත් වෙන් කෙරෙනු ඇත්තේ කවර පුවත් සඳහා ද යන්න, අපට තේරුම් ගත හැකි ය. එසේ වූයේ නම් ඇදෙන්නේ, ‍සෝභිත හිමියන්ට මඩ ගැසීම සඳහා දියත් කෙරුණු මෙකී මෙහෙයුමේ, දෙවැනි ‍කොටස ය.

මේ රටේ බටහිර NGO නඩය සිංහල-බෞද්ධ සමාජයේ අඩුලුහුඬුකම් පමණටත් වඩා ‍උලුප්පා දක්වන්නේ, එයට තිබෙන ගෞරවයකින් නොව, වෙනත් කූට අරමුණක් මුදුන් පමුණුවා ගැනීමට බව අපි දනිමු. එය නොතේරෙන ගොන් හැත්තක් ද සිටින අතර, ඔවුන් පිළිබඳ ව අප‍ට ඇත්තේ පිළිකුලකි.

පසුගිය සතිය තුළ මෙරට ජාතික දේශපාලනය සහ පරිවාර ක්ෂේත්‍රයන්හි හැසිරීම විමර්ශනය කරන විට, සියල්ලන් තමන් ගේ කල්ලියේ කුණු අපුල්ලන්නන් බව ප්‍රසිද්ධියේ පෙන්වා දී තිබේ.

මෙයට සාක්ෂියක් ලෙස මා හට සිදු වූ එක්තරා සිදු වීමක් තිබේ.

වරක් අහම්බෙන් මට එක්තරා චීවරධාරියකු වෙසෙන විහාරස්ථානයකට යන්නට සිදු වීණි. (අවශ්‍ය වෙතොත් විහාරය ද, චීවරධාරියා ගේ නම ද හෙළි කළ හැකි ය.) ඌ වහන්සේ සමඟ මඳ වෙලාවක් කතා කරමින් සිටිය ද, ‘මේ අර චීවරධාරියා දැයි’ යනුවෙන් හඳුනා ගන්නට තරම් නිච්චියක්, සැබැවින්ම මට එවෙලේ නොතිබිණි.

මට සියල්ල සිහියට ආවේ, ආපසු එන ගමනේදී අප සමඟ සිටි තරුණයකු ‘අර ඌ නේ දැයි’ ඇසූ විට ය. එවේලේ ම අන්තර්ජාලයෙන් උෟ වහන්සේට අදාළ සියලු ඡායාරූප උපුටා පෙන්වූ එකී තරුණයා, අප ගේ මතකය අලුත් කළේ ය.

චීවරයක් පොරවා ගෙන සිටි එකී දුශ් චරිතවත් පුද්ගලයා, අප සමඟ කී කතා මට එකින් එක යළි යළිත් අැසෙන්නට විණි.

‘මං ඉස්සෙල්ලා හිටපු තැනට නං නියම කට්ටියක් ආවා’

ඌ වහන්සේ එසේ කියන විට, මට ඉ‍බේටම ‘කවුද?’ යනුවෙන් කියවිණි. ඒ නම් අතර කියවුණු පුද්ගලයන් සියල්ල අද සිටින්නේ ‘අලුත් පරපුර’ සහ ‘පුරවැසි බලය’ සංවිධානවලට සම්බන්ධ ව ය. (අවශ්‍ය වෙතොත් නම් සියල්ල හෙළි කළ හැකි ය.)

‘අපි හවසට සෙට් වුණා’ ඌ වහන්සේ කීවේ ය. ‘සෙට් වුණා’ යයි ක‍ීමෙන් අදහස් වූයේ, ගංජා, අරක්කු බොන්න‍ට ආ බව ය. එහෙත් ඉහත සඳහන් කළ තරුණයා අන්තර්ජාලයෙන් ඇද පෙන් වූ ඡායාරූප අතර, කාන්තාවන් සමඟ (භික්ෂුවකට) නොමනා ලෙස සිටින ඡායාරූප රැසක් ද තිබිණි.

දෙපිටකාට්ටු පුද්ගලයන් සති අන්ත විකල්ප පුවත්පත් සහ සඟරා යොදා ගනිමින් ‍බෞද්ධ සමාජයට පමණක් එලව, එලවා පහර දෙන්නේ, චීවරධාරීන් සමඟ එකට එකතු වී ගංජා බොමින්, අරක්කු බොමින්, කාන්තාවන් සමඟ ලිංගික කටයුතුවල යෙදෙමින් බව දැන ගත යුතු ය. එයින් කියවෙන දැවැන්ත කතාන්දරයක් තිබේ.

එය වටහා ගැනීම තම තම නැණ පමණින් සිදු කර ගත යුතු ය.

සෝභිත හිමියන් ගේ ජීවන චරිතය, අපට බොහෝ දේ කියා දී තිබේ. ඇැතැම් දේ වචනයෙනි. ඇතැම්‍ දේ නිහඬව ය. නිහඬ ව කියා තිබෙන දේ, වචනයෙන් වදාරා තිබෙන දේට වඩා බෙහෙවින් ප්‍රබල ය.

කුමාර ලියනගේ 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.