Breaking
24 Feb 2025, Mon

නවසීලන්්ත අගමැති ජෝන් කී ලංකාවට පැමිණ ආපසු ගියේ ය. ඔහු ලංකාවේ සිටි කාලයේ දී දළදා මාළිගාවට ද ගියේ ය. දැන් දැන් ලංකාවට පැමිණෙන සිංහල බෞද්ධ විරෝධීන් දළදා මාළිගාවට යෑම සිරිතක් කරගෙන ඇත. ජෝන් කී පමණක් නොව මානව අයිතිවාසිකම් කුමරු හුසේන් ද දළදා මාළිගාව නැරඹීමට ගියේ ය. මෙය හුදෙක් සිංහල බෞද්ධ සංස්කෘතිය ඇගයීමක් යැයි අපි නො සිතමු. මොවුන් එසේ යන්නේ එක්කෝ සිංහල බෞද්ධයන් රැවටීමට ය. එසේත් නැත්නම් දළදා මාළිගාව වෙනත් සංස්කෘතියකට ගැනීමට ය. අපි විමසිල්ලෙන් සිටිමු.

කෙසේ වෙතත් ජෝන් කී ලංකාවට පැමිණියේ දළදා වැඳීමට නො වේ. ඔහු පැමිණියේ ඊනියා ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ විධායක සභා රැස්වීමකට ය. ජනමාධ්‍යවේදීන්ට ඒ තේරුමක් නො වී ය. ඔවුහු කී සමග දළදා මාළිගාව නැරඹීමට ගීියහ! ඉහත කී ඉහත කීගේ සංගමයේ සාමාජිකයන් වනුයේ ලෝකයේ විවිධ රටවල ඇති දක්‍ෂිණාංශීක, බටහිර යටත්විජිත ගැති දේශපාලන පක්‍ෂ ය. ඇතැම් විට මේ පක්‍ෂ ලිබරල්, නව ලිබරල්, සාම්ප්‍රදායික ආදී විශේ’ෂණ පදවලින් ද හඳුන්වනු ලැබෙයි. මොන නම්වලින් හැඳීන්වුවත් මේ පක්‍ෂ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ හා යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ පක්‍ෂ ය. එ ජා ප මේ සංගමයේ සාමාජිකයකු පමණක් නො වේ. රනිල් වික්‍රමසිංහ සංගමයේ ආසියානු ශාන්තිකර කලාපයේ සභාපති ය.

මේ විධායක සභාවේ දී ඉන්දියාවේ භාරතීය ජනතා පක්‍ෂයට සංවිධානයේ සාමාජිකත්වය දීමට තීරණය විය. වෙනත් අයුරකින් කියන්නේ නම් දේශපාලනය, සංස්කෘතිය හා ආර්ථිකය ලෙස බැලූ කල, ප්‍රතිපත්තිමය වශයෙන් එ ජා පක්‍ෂය හා භාරතීය ජනතා පක්‍ෂය අතර විශාල වෙනසක් නැත. 1980 දී පමණ බිහි වූ භාරතීය ජනතා පක්‍ෂය අද වන විට තම මුල් ප්‍රතිපත්තිවල විකාශය වූ අවස්ථාවකට පැමිණ ඇත. හින්දුත්වය ගැන කතා කළ ද අද භාරතීය ජනතා පක්‍ෂය සඵල වශයෙන් ගත්කල යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ පක්‍ෂයකි.

අපට ඇතැම් විට කල්පනා වනුයේ භාරතීය ජනතා පක්‍ෂය වඩා සමීප ශ්‍රී ල නි පක්‍ෂයට කියා ය. එහෙත් ශ්‍රී ල නි පක්‍ෂය ඒ මරා දැමීමට පෙර ඉහත කී සංගමයේ සාමාජිකයකු වීමට ඉල්ලුම් කළ බවක් දැනගැනීමට නැත. චන්ද්‍රිකා කාලයෙහි දී ශ්‍රී ල නි පක්‍ෂය පීළි පැන්නවීමට වික්ටර් අයිවන්ලා, රාජීිතලා, රෙජිනෝල්ඩ් කුරේලා ආදීන් උත්සාහ කළ ද එය සාර්ථක නො වී ය. ශ්‍රී ල නි පක්‍ෂය හා භාරතීය ජනතා පක්‍ෂය අතර වෙනසක් වෙයි. ශ්‍රී ල නි පක්‍ෂයේ යටත්විජිත විරෝධයක් වෙයි. සිංහලයන්ගේ මුස්ලිම්වරුන්ට දෙමළ ජනයාට එරෙහිව ජනවාර්ගික විරෝධයක් නැත. සිංහලයන්ට ඒ ජනවර්ග ගැන ඇත්තේ මූලික වශයෙන් ඔවුන් බටහිරයන්ගේ හා ඉනදියානුවන්ගේ ඒජන්තයන් ලෙස ක්‍රියාකිරමින් මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය විශේෂිත සංස්කෘතිය ලෙස නොපිළිගැනීම පිළිබඳ විරෝධයකි.

එහෙත් භාරතීය ජනතා පක්‍ෂය එරට මුස්ලිමුන්ට විරුද්ධ වන්නේ මූලික වශයෙන් යටත්විජිතවාදී ස්ථාවරයක සිට ජනවාර්ගික පදනමකිනි. ශ්‍රී ල නි පක්‍ෂයට චන්ද්‍රිකා සමයේදීවත්, ඇය බටහිරයන් විසින් පුම්බනු ලැබ තිබියදීත්, යටත්විජ්තවාදී පක්‍ෂයක් වීමට නොහැකි විය. මේ වෙනස ඉතා වැදගත් ය. මෝදී එදත් අදත් යටත්විජිතවාදයෙකි. ඔහුගේ මුස්ලිම් විරොධය හා බටහිරයනගේ මුස්ලිම් විරෝධය අතර වෙනසක් නැත. මෝදී යටත්විජිතවාදීව හින්දුත්වය ගැන කතා කරයි. රනිල් හා මෝදී අතර මොන මොන වෙනස්කම් තිබුණත් ඔවුහු මූලික වශයෙන් යටත්විජිතවාදීහු වෙති. අද මෛත්‍රිපපාලට වඩා රනිල් ඉන්දියාවට සමීපවීම පුදුමයක් නො වේ. එක්ටා ගිවිසුම ගැන පන්නන්නේ මෛත්‍රිපාලට වඩා රනිල් ය. බර්ලින් තාප්පය වැටීමෙන් පසු ඉන්දියාවේ සිදු වූ වෙනස්කම් සිංහලයන් විසින් නිසි අධ්‍යයනයකට භාජනය කර නොතිබීම සිංහලයන්ගේ කරුමයකි.

නලින් ද සිල්වා

2016 පෙබරවාරි 27

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.