Breaking
25 Feb 2025, Tue

මේ ආණ්ඩුව සරදියල්ටත් පයින් ගහලා

මේ ආණ්ඩුව බලයට පත්වීමේදි සිය ප‍්‍රතිපත්තිය ලෙස ‘සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් බිහිකිරීම’ ඉදිරිපත් කළ අතර පොහොසතුන්ගේ බදු වැඩිකර දුප්පතුන්ට සහන දෙන ‘සරදියෙල් පන්නයේ’ ආර්ථිකයක් ගැනද ප‍්‍රතිඥා දෙන ලදී. නමුත් පසුගිය අයවැයේදීද ප‍්‍රකාශයට පත්කර ඇති ආකාරයට රජයේ මුලූ බදු ආදායමෙන් 78%ක්ම සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය භාණඩ හා සේවා මත පනවන බදු වලින් අයකරගන්නා අතර ඉහල ආදායම්ලාභීන්ගෙන් ආදායම් මත අයකරගනු ලබන බදු ප‍්‍රමාණය 22%ක් පමණක් බව නිවේදනයක් නිකුත් කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අවධාරණය කළා.

සිංහල දෙමළ අලූත් අවුරුද්ද නිමිත්තෙන් ආණ්ඩුව මෙරට වැඩකරන ජනතාව ප‍්‍රමුඛ පහළ පාන්තිකයන්ට ලබා දී ඇති අවුරුදු ත්‍යාගය වන්නේ ඔවුන් මත වැඩි වැඩියෙන් බදු බර පැටවීමයි. දැනට 12.5%ක උපරිමයකට යටත්ව 8% හා 11% මට්ටමේ පවතින එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද මැයි මස දෙවැනිදා සිට 15%දක්වා ඉහළ නංවන බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මෙසේ බදු ඉහළ නංවන බව මාර්තු මස 8වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් අගමැතිවරයා පැවසූ අතර එලෙස වැඩි කිරීමට නියමිතව තිබුණේ අපේ‍්‍රල් මස 1වැනිදා සිටය. බදු බර පැටවීමේදී ජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය නිසා බදු ඉහළ නැංවීම අත්හිටුවනු ලැබූවද එය ජාත්‍යන්තර වැඩකරන ජනතාවගේ දිනය වන මැයි 1වැනිදාට පසු දින සිට ක‍්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. මෙලෙස බදු වැඩිවීම නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු භාණ්ඩ විශාල ප‍්‍රමාණයක මිල ඉහළ යනු ඇත. මෙය අධ්‍යාපන, සෞඛ්‍ය හා සන්නිවේන සේවාවාන්ට අදාළ බව පවසා ඇති නිසා එම වියදම් ද ඉහළ යාමෙන් ජනතාව විශාල ආර්ථික පීඩනයකට ලක්වීමට නියමිතය. බදු අය කරගැනීමේ ආදායම් සීමාව කාර්තුවකට රුපියල් මිලියන 25 සිට රුපියල් මිලියන 3 දක්වා පහත හෙළීම නිසා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ද තවතවත් බදු උගුලේ පැටලෙනු ඇත. කවර අතකින් ගත්තද මෙම බදු ඉහළ නැංවීම වැඩ කරන ජනතාව ප‍්‍රමුඛ පීඩිත ජන කොටස් තවතවත් පීඩාවට ලක්කිරීමක් වන බැවින් අපි ආණඩුවේ මෙම ක‍්‍රියාමාර්ගයට දැඩි අප‍්‍රසාදය හා විරෝධය ප‍්‍රකාශ කර සිටිමු.

මේ ආණ්ඩුව බලයට පත්වීමේදි සිය ප‍්‍රතිපත්තිය ලෙස ‘සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් බිහිකිරීම’ ඉදිරිපත් කළ අතර පොහොසතුන්ගේ බදු වැඩිකර දුප්පතුන්ට සහන දෙන ‘සරදියෙල් පන්නයේ’ ආර්ථිකයක් ගැනද ප‍්‍රතිඥා දෙන ලදී. නමුත් පසුගිය අයවැයේදීද ප‍්‍රකාශයට පත්කර ඇති ආකාරයට රජයේ මුලූ බදු ආදායමෙන් 78%ක්ම සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය භාණඩ හා සේවා මත පනවන බදු වලින් අයකරගන්නා අතර ඉහල ආදායම්ලාභීන්ගෙන් ආදායම් මත අයකරගනු ලබන බදු ප‍්‍රමාණය 22%ක් පමණි. අයවැයෙන් අනතුරුව වරින්වර විශේෂ ප‍්‍රකාශ හරහා සිදුකරන ලද බදු සංශෝධන මගින් මෙම විෂමතාවය තවදුරටත් වැඩිවීමට නියමිතය. ආණ්ඩුවේ නායකයන් වරින් වර පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප‍්‍රකාශවලදී ඍජු බදු හා වක‍්‍ර බදු යන වර්ග දෙකම වැඩි කිරීමට යෝජනා කරන ලද මුත් පසුව ධනපති පන්තියෙන් ඉදිරිපත් කරන විවේචන හමුවේ ඉහළ ආදායම්ලාභීන් මත පනවන බදු හකුලා ගන්නා ලදී. පසුගිය කාලයේ ආණ්ඩුව ප‍්‍රකාශ කළ සුපිරි වාසි බද්ද, මන්දිර බද්ද හා ප‍්‍රාග්ධන බද්ද ක‍්‍රියාත්මක නොවීම ඒ සඳහා වන හොඳම නිදසුන්ය.

එහෙත් වැඩ කරන ජනතාව කෙතරම් විරෝධය දැක්වුවද ඒ පීඩනය තඹයකට වත් නොතකා ජනතා අවශ්‍යතා මත බදු බර පටවනු ලබයි. ඒ මේ ආණ්ඩුවල ප‍්‍රතිපත්තිය ධනතියන් ආරක්ෂා කිරීම මිස වැඩ කරන ජනතාව ප‍්‍රමුඛ පහළ පන්තීන්ට සාධාරණය ඉටු කිරීම නොවන බැවිනි. එබැවින් වරින්වර ආණ්ඩු වෙනස් වුවද නොවෙනස්ව පවතින මෙම ජන පීඩක අසාධාරණ ආර්ථික ප‍්‍රතිපත්තිය පරාජය කළ යුතුව තිබේ. ජනතාව පීඩාවට පත් කරන නව බදු සංශෝධන වහා හකුලාගන්නා ලෙස ආණ්ඩුවට බල කරන අපි, මෙම බදු සංශෝධන ආපසු හැරවීම සඳහා ද ජනතාව පීඩාවෙන් පීඩාවට පත් කරන ආර්ථික ප‍්‍රතිපත්තිය පරාජයට පත් කිරීම සඳහා ද පෙළ ගැසෙන ලෙස වැඩ කරන ජනතාව ප‍්‍රමුඛ පීඩාවට පත් සියලූ ජන කොටස්වලින් ඉල්ලා සිටිමු.

දේශපාලන මණ්ඩලය
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
2016 අපේ‍්‍රල් 16

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.