Breaking
25 Feb 2025, Tue

මේ රටේ ඉන්නේ ප්‍රධාන ජාතින් දෙකයි -යහපාලනය මුස්ලිම්වරුන්ට පයින් ගහයි

දෙමළ ජාතික සන්ධානයේ බලපෑම මත  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ සංචාරයේදී, උතුරු පළාතේ මුස්ලිම් ජනතාව ප්‍රතික්‍ෂේප කිරිමට ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් මුස්ලිම් පක්ෂ කිහිපයක්ම සිය අප්‍රසාදය ජනාධිපතිවරයා හමුවි පලකර තිබේ.

ලංකාවේ සිටින්නේ ප්‍රධාන ජාතින් දෙකක් බවත් ඒ සිංහල හා දෙමළ පමණක් බවත් එය පසුගියදා පැවති නිදහස් උත්සවයේදි දකුණේ ආණ්ඩුව පිලිගෙන ඇති බවද දෙමල  ජාතික සන්ධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාට දැනුම් දි ඇති බවයි ජනපති මුණගැසුණු මුස්ලිම් නියෝජිතයන් පෙන්වා දි තිබේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ සංචාරයේදී, උතුරු පළාතේ මුස්ලිම් ජනතාව ප්‍රතික්‍ෂේප කර ඇති බව ප්‍රකාශ කරමින්, ශ්‍රී ලංකාව සඳහා වන එක්සක් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය ඉදිරිපිට පසුගිය 9 වන දින උද්ඝෝෂණයක්ද පවත්වා තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන්, තම ශ්‍රී ලංකා සංචාරයේදී දෙමළ ජනතාව පිළිබඳව පමණක් අවධානය යොමු කර ඇති බවත්, උතුරු පළාතේ මුස්ලිම් ජනතාව පිළිබඳව අවධානය යොමුකර නොමැති බවත් ප්‍රකාශ කරමින් මෙම උද්ඝෝෂණය පවත්වා තිබේ.

යුද්ධය හේතුවෙන් සැබෑ වශයෙන්ම පිඩාවට පත්ව ඇත්තේ මුස්ලිම් ජනතාව බවත්, තම ගැටළුව පිළිබඳව කිසිඳු පාර්ශවයක් කතා කර නොමැති බව පවසමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා හමුවීම සඳහා අවස්ථාවක් සලසා දෙන මෙන් ඉල්ලීමක් ඉදිරිපත් තිබුණත්, එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර තිබූ බව අදාළ  මුස්ලිම් නියෝජිතයන් පෙන්වා දි තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.