Breaking
24 Feb 2025, Mon

මෛත්‍රිපාල හා ඔහුගේ කල්ලිය කොටි මිනීමරුවන් සැමරීම ගැන කියන්නේ කුමක් ද?

දෙමළ ජාතිවාදීන් ප්‍රභාකරන් ඇතුළු මිනීමරුවන් සමරලා. ප්‍රභාකරන් වෙනුවෙන් කේක් කෑමට වවුනියා මණ්ඩපයේ සිංහල සිසුන්ට බල කරලා. යාපනය සරසවියේ ප්‍රභාකරන් සැමරීමට ගුරුවරු සිසුන් සමග එක් වෙලා. ප්‍රභාකරන්ගේ පින්තූර යාපනයේ ප්‍රදර්ශනය කරලා. රුවන් විජේවර්ධන කියනවා චෙන්නායිහි පමණක් ප්‍රභාකරන්ගේ විශාල රූප ප්‍රදර්ශනය කරලා තිබුණා කියලා. එයින් කියන්නෙ දෙමළ ජාතිවාදය ලංකාවට විරුද්ධ ව තමිල්නාඩුවේත් තියෙන බව. එහෙත් ප්‍රභාකරන් සැමරීමට විරුද්ධ ව ජ වි පෙ වචනයක්වත් කියන්නෙ නැහැ. ආණ්ඩුවත් බොරුවට හරි ප්‍රභාකරන් සැමරුවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවයි කියද්දි ජ වි පෙ ඒ ගැන කතාකරන්නෙ නැහැ. ආණ්ඩුව අද නීතිය ක්‍රියාත්මක කිරීමක් ගැන කියන්නේ පළාත් පාලන මැතිවරණ ළඟ නිසා. එහෙත් නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර නීතිය නවාවි. ඊට පෙර පළාත් පාලන මැතිවරණ තියේවි.

මේ ඊනියා ජාතික ආණ්ඩුව එ ජා පෙරමුණ හා ශ්‍රී ල නි ප අතර ඇති නීත්‍යානුකූල නොවූ ආණ්ඩුවක්. ඒ ශ්‍රී ල නි ප පාර්ලිමේන්තුවේ නියෝජනය නොවන නිසා. ඒ අතර ජ වි පෙ හා දෙමළ ජාතික සංධානයත් ආණ්ඩුවේ කොටස් කාරයන්. විපක්‍ෂ නායක සම්බන්ධන්. විපක්‍ෂ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක. කෝප් සභාපති හඳුන්නෙත්ති. ඔවුන් ඇතැම් විට බොරු රඟපෑම් කළත් ආණ්ඩුවේ කොටස්කාරයො. පළාත් පාලන ආයතන ඡන්ද කල්දැමීමට ඔවුන් සියලු දෙනා ම එකතු වුණා. අද ජ වි පෙ බොරුවට මැතිවරණ කල්දැමීම ගැන කතා කරනවා. මේ අය අද එක් දිනයක පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වීමට කතා කරනවා. සමහරවිට පැරණි ක්‍රමයට ම මැතිවරණ පවත්වන්න ඉඩ තියෙනවා.

ජ වි පෙ හා දෙමළ ජාතිවාදීන් අතර වෙනස කුමක් ද? විජේවීර මෙන් ම ප්‍රභාකරන් ද මිනිමරුවන්. අදාළ පාක්‍ෂිකයන් හිතවතුන් අනුගාමිකයන් අහිංසක ජනතාව මරා දැම්මා. දෙගොල්ලන් ම භික්‍ෂූන් වහන්සේ ඝාතනය කළා. ජ වි පෙ මැතිවරණවල දි ඡන්දය දුන් අයත් මරා දැම්මා. අද බොරුවට මැතිවරණ ගැන කතා කරනවා. මා මේ බව කලින් කී විටෙක ඕස්ත්‍රේලියාවේ පර්ත් නුවර වාසය කරන ජ වි පෙ හිතවතකු/අනුගාමිකයකු/සාමාජිකයකු අසා තිබුණා මා කලක් (1983ට පෙර) ඊළාම් අයිතිය ගැන කතා නොකළේ ද කියා. මෙය මේ රටේ දේශපාලන සංස්කෘතියයි. කිසිවකු යමකුගේ වරදක් පෙන්වූ විට දෙවැන්නා ඒ වරද ගැන කතා කරනවා වෙනුවට ප්‍රශ්නය ඇසූ අයගේ වරදක් ගැන කියනවා. එහෙත් ජ වි පෙ හිතවතුන් නොදන්නවාට මා මාක්ස්වාදයෙන් සම්පූර්ණයෙන් ම කැඩී වෙන්වීමේ දී මාක්ස්වාදියකු ලෙස මා  කළ කී දෙයින් ද වෙන්වුණා. ඉන්පසු ඒ මතවාදවලට විරුද්ධව ක්‍රියා කළා. එහෙත් ජ වි පෙ තම මිනීමැරුම්වලින් වෙන් වුණා ද? ඒ මිනීමැරුම්වලට විරුද්ධ වුණා ද?

ජ වි පෙ ඉල්මහා විරුවන් සැමරීම යනුවෙන් කරන්නේ මිනීමරුවන් සැමරීමක්. දෙමළ ජාතික සංධානය ද අද කරන්නේ මිනීමරුවන් සැමරීමක්. එසේ නම් ඔවුන් අතර ඇති වෙනස කුමක් ද? සිංහලයන් ජ වි පෙ මිනීමරුවන් සැමරීමේ දී විරුද්ධ නොවන්නේත් දෙමළ ජාතිවාදීන් මිනීමරුවන් සැමරීමේ දී විරුද්ධ වන්නේත් ජ වි පෙ මූලික ව සිංහලයන්ට විරුද්ධ නොවූ බැවින් හා දෙමළ ජාතිවාදීන් සිංහලයන්ට විරුද්ධ වූ බැවින්. එමෙන් ම දෙමළ ජාතිවාදීන් රට කැඩීමට කටයුතු කරන බැවින්. දෙමළ ජාතිවාදීන් අදත් කියන්නේ සිංහලයන් සමග ජීවත් වීමට බැරි බව. නාගනාදන් හතළිස් හතේ දී කීවේ දෙමළ ජනයා සිංහලයන්ගෙන් නිදහස් විය යුතු බව. ජාතික කොඩියට හා ජාතික ගීයට දෙමළ ජාතිවාදීන් විරුද්ධයි. මේ නිවට ආණ්ඩුවත් ජාතික ගීයට විරුද්ධයි. නිවට ආණ්ඩුව තම නිදහසට මොනවා කිව්වත් ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීමට විරුද්ධයි.

දෙමළ ජාතිවාදීන් සටන් කරන්නේ සිංහලයන්ට විරුද්ධ ව. ඔවුන් ආයුධ අතට ගත්තේ ඔවුන් (හා පඬියන්) කියන විධියට සිංහල ආණ්ඩුවට විරුද්ධ ව. ජ වි පෙ සටන් කෙළේ සිංහලයන්ට විරුද්ධව නො වෙයි. ඔවුන්ගේ බොරු පංති විග්‍රහයට අනුව ඊනියා නිර්ධන පංතියේ විමුක්තිය වෙනුවෙන්. එහි දී මියගියේ වැඩි වශයෙන් ම සිංහලයන්. එහෙත් මිනීමැරුවේ සිංහලයන්ට විරුද්ධ ව නො වෙයි. ප්‍රභාකරන් මිනීමැරවේ ම සිංහලයන්ට විරුද්ධ ව.

කොටි සංවිධානය නීති විරෝධී බවත් ජ වි පෙ නීති විරෝධි නැති බවත් ඇත්ත. කොටි සංවිධානය තහනම් සංවිධානයක්. නීතිය පැත්තෙන් බැලූ විට මේ වෙනස තියෙනවා. නට්සින්ට විරුද්ධවත් එවැනි නීතිමය තත්වයක් තියෙනවා. නට්සින්ටත් අද හිට්ලර් සමරන්න බැහැ. එහෙත් නට්සිවාදීන් නැතුවා නො වෙයි. අද දෙමළ ජාතිවාදීන් ප්‍රභාකරන් සමරන්නේත් එදා රාජපක්‍ෂ ආණ්ඩුව යටතේ සැමරුවේ නැත්තෙත් මේ ආණ්ඩුවේ නිවටකම නිසා.

මේ ආණ්ඩුව බලයට පත් වූයේ දෙමළ ජාතිවාදීන් සමග ඇති කර ගත් එකඟතාවක ප්‍රතිඵලයක් ලෙස. එහි දී බටහිරයන් එකඟතාව පසුපස සිටියා. බටහිරයන් නොවන්නට අද දෙමළ ජාතිවාදයක්වත් මේ නිවට ආණ්ඩුවවත් නැහැ. රුවන් විජේවර්ධන නීතිය නවා ක්‍රියාත්මක කරන විට මැතිවරණ පහු වේවි. ඉන් පසු නීතිය ක්‍රියාත්මක කිරීම අමතක කරාවි. අද බටහිරයන් ප්‍රභාකරන් සැමරීම ගැන කියන්නේ කුමක් ද? එය රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් පමණක් යැයි ඔවුන් කියනවා ද? බටහිරයන් රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලින් සම්පුර්ණයෙන් ම ඉවත් නොවන්නේ ඇයි?

මෛත්‍රිපාල රනිල් ජාත්‍යන්තරය දිනා ගැනීම ගැන පුරසාරම් කියනවා. මේ පුරසාරම්වලින් දිනාගෙන ඇත්තේ මොනවා ද? ප්‍රභාකරන් සැමරීම නම් දිනා ගෙන තියෙනවා. සිංහල සිසුන්ට ප්‍රභාකරන්ගේ උපන් දිනයට කේක් කන්න වෙලා තියෙනවා. මෛත්‍රිපාල අත්වැසුම් නැතිව එලිසබෙත්ට අතට අත දෙනවා. දකුණු කොරියාවේ ජනාධිපති මෛත්‍රිපාල හමුවීමට එනවා. ඒවා මොන තරම් වැඩ ද?මෛත්‍රිපාල මොන තරම් ඉහළ රාජ්‍යතන්ත්‍රිකයෙක් ද? ඒ කොහොම වුණත් මෛත්‍රිපාල හා ඔහුගේ කල්ලිය කොටි මිනීමරුවන් සැමරීම ගැන කියන්නේ කුමක් ද?

___________________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-11-29

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.