Breaking
24 Feb 2025, Mon

මෛත්‍රීගෙන් නාමල්ට පණිවිඩයක් -නාමල් බෑ කියයි…

තාත්තා ඇතුලු පවුලේ අනිකුත් සමාජිකයන් අත් අඩංගුවට ගැනිම වලක්වා ගැනිමට කැමත්තක්  ඇත්නම් වහාම තමන් සමග එක්විමට කටයුතු කරන ලෙස බෙදුම්වාදී,ලැජ්ජාවක් නැති සිංගප්පූරුවේ ඇවිද ඇවිද ආතල් ගන්නා ජනපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට දුමින්ද දිසානායක අතේ පණිවිඩයක් යවා ඇති බව අනාවරණය වි තිබේ.

අදාළ පණිවිඩයට අනුව ඉද හිට විසිකරන දෙයක් කා ජිවත් වෙන කෘෂිකර්ම අමාත්‍යවරයාගේ “බලුහඬ” පුවත් පතේද අද අතේ රොලක් ගසා තිබුනු අතර එහි දක්වා තිබුනේ.

“ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීම වැළැක්වීම සඳහා නාමල් රාජපක්ෂ මහතාට හා බැසිල් රාජපක්ෂ මහතාට ශ‍්‍රීලනිපයේ ප‍්‍රබල තනතුරු දෙකක් ලබා දීම සඳහා මේ දිනවල සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව ශ‍්‍රීලනිපයේ ආරංචි මාර්ග පවසයි.” යනුවෙනි.

කෙසේවෙතත් අදාළ පණිවිඩය නාමල් රාජපක්ෂ විසින් අවඥාවෙන් යුතුව බැහැර කර ඇති අතර එයට පිලිතුරු ලබාදිමට දුමින්ද සමග කතාවට ගොස් නැති බවද අප විශේෂ වාර්තාකරු අනාවරණය කලා.පසුව යලිත් දුමින්ද පවසා ඇත්තේ නාමල් වැඩෙට කැමතිනම් සිංගප්පූරුවේදි මේ ගැන ජනාධිපතිතුමා සමග සාකච්ඡා කිරිමට හැකියාව ඇති බවද පවසා තිබේ. ඒ සමගම මල් පවසා ඇත්තේ තමන්ට කිසිවෙකුත් සමග සාකච්ඡා කිරිමට අවශ්‍යතාවක් නැති බවයි.

තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ෂණ උපකල්පන මත  සිදු නොකරන්නැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඔහු පෙන්වා දෙන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන අවසන් වීමට පෙර තමන් ඊට සම්බන්ධ බවට ඇතැම් පාර්ශව චෝදනා කරන බවයි. එහෙත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ෂණ පිළිබඳව තමන් අවධානයෙන් සිටින බවද සදහන් කර සිටි.

විපක්ෂයේ කාර්යභාර්යය ඉටුකරන පුද්ගලයින් මර්ධනය කිරීමට ආණ්ඩුව උත්සාහ දැරුවද ඉන් කිසිවිටෙකත් බිය නොවන බවයි නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

මේ අතර දිරියේදී ආණ්ඩුව විසින් තමාවද අත්අඩංගුවට ගනු ඇති බව හිටපු ජනාධිපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසයි.

ඔහු කියා සිටියේ නාමල් රාජපක්ෂ,ගෝඨාභය රාජපක්ෂ,බැසිල් රාජපක්ෂ,විමල් වීරවංශ,රෝහිත අබේගුණවර්ධන,කුමාර වෙල්ගම ආදීන් අත්අඩංගුවට ගෙන අවසානයේ තමාවද අත්අඩංගුවට ගනු ඇති බවයි.

මහින්ද රාජපක්ෂ මේ බව පැවසුවේ අද මහනුවර ශ්‍රි දන්ත ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.

මේ සියල්ල සිදුකෙරෙන්නේ දේශපාලන හේතු නිසා බව ද ඔහු සඳහන් කළේය.

මෙහිදී මාධ්‍යවේදීන් විසින් නව පක්ෂයක් බිහිකිරීම සම්බන්ධයෙන් පවත්නා ආරංචි මාර්ග පිළිබඳ විමසීමේදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තමා ශ්‍රීලනිපයෙන් අස් නොවන බවයි.

එසේම තමා අස්කරලීමට කිසිවෙකු කටයුතු කරන්නේනම් එයද අසීරු බව ඔහු මෙහිදී අවධාරණය කළේය.

පසුගියදා තම ආරක්ෂකයෙකුට අයත් ඉඩමක් බැකෝ යන්ත්‍ර දමා හෑරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජපක්ෂ කියා සිටියේ එහි පොල්,මඤ්ඤොක්කා ආදිය සිටුවීමට තීරණය කර තිබූ බැවින් පස් බුරුල් කරදීම ඉතා හොඳ කටයුත්තක් බවයි.

කාට හරි පොළොව හාරා ගැනීමට අවශ්‍ය නම් තමාට ඒ ප්‍රදේශයේ ඇවිත් යන්නට හැකියාවක් ඇති බවත්,එසේ කරනු ලැබුවහොත් රජයේ වියදමින් පොළොව හාරාදෙනු ඇති බවත් ඔහු සදහන් කළේය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය විසින් කරනු ලැබ ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් රාජපක්ෂ ගේ අදහස කුමක්දැයි මෙහිදී විමසන ලදුව එයාට පිළිතුරු දීමට තමන් නොයන බවත්, ඒ සම්බන්ධයෙන් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගෙන් අසා දැනගන්නා ලෙසත් මහින්ද රාජපක්ෂ ඉල්ලා සිටියේය.

ආර්ථිකය කඩාවැටෙද්දී,කිසිදු වැඩක් හරිහැටි කරගැනීමට හැකියාවක් නැති වෙද්දී ජනතා අවධානය වෙනතක යොමුකිරීමට විරුද්ධ මතධාරීන් අත්අඩංගුවට ගැනීම් හා බොරු චෝදනා එල්ල කිරීම් දිගින් දිගටම සිදුවන බව ඔහු කියා සිටියේය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.