Featured

මෛත්‍රීගේ අමුතුම මේනියාව,ලීමොසින්,BMW මොටර් සයිකල්,සන්නද්ධ රථ 4ක් ….

නොකා,නොබි ජනතාවගේ සේවයට අකෙපවන බවට මුසා පවසමින් රාජපක්ෂලා මලපහ කල වැසිකිලිවල රූපවාහිනි යන්ත්‍ර ඇති බවත් තාත්තලා පුතාලා වෙනවෙනම මොටර් රථ පමණක් නොව ඇමරිකාවේ බකිංහැම් මාලිගයෙන් ගෙනා රත්තරන් අශ්වයන් , ලැම්බෝගිනි වල සිට ගුවන් යානා , වෙරළ දිගේ අධි සුඛෝපබෝගී හෝටල්, අක්කර සිය දහස් ගණනින් වූ පොල් වතු, සී ෂෙල්ස් වල මාලිගා ආදී ආකර්ෂණීය මාතෘකාවලින් පසුගිය ජනාධිපතිවරණ වේදිකාව පිරී තිබිණ. වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ පිළේ ප්‍රධාන මාතෘකාව වූයේ “පැවති ආණ්ඩුව හොරා කනවා, අපේ පාලනය ආපු දාට හොරු අල්ලනවා යහපාලනය ඇති කරනවා ” කියමින් ජනතාවද ගොනාට ඇන්ද  වු බව අද තහවුරු වි තිබේ.

ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නිල නිවස අලුත් වැඩියා කිරිමට රුපියල් මිලියන 180ක්(Rs. 180,688,000) සහ සුඛෝපභෝගි ලිමොසින් (limousine)රථයක් මිලදි ගැනිම සදහා මිලියන 70ක්(Rs. 70,600,000) මේ වනවිටත් වෙන්කරගෙන් තිබේ.මිට අමතරව මෛත්‍රීගේ පෞද්ගලික ආරක්ෂකයන් සදහා BMW R 1200 වර්ගයේ මොටර් සයිකල් 12ක්ද ගැනිමට මේ වනවිටත් මුදල් වෙන්කරගෙන තිබේ.

මීට අමතරව ජනාධිපති ආරක්ෂාව සදහා නවීනතම ආරක්ෂක උපාංග සහිත සන්නද්ධ රථ 4ක් ද ගෙන්විමට අවධානය යොමුවි ඇති අතර එය ඉදිරියේදි මෛත්‍රීගේ නවතම ආරක්ෂක වැඩපිළිවෙළ සදහා යෙදවිමට නියමිතයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ආරක්ෂාව සදහා ඉන්දිය යුධ හමුදාවේ බුද්ධි අංශ නියෝජිතයන් දස දෙනෙකු පත් කර ගැනිමට කටයුතු කරමින් සිටින බව ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටියා.

එම අනාවරණය කියවන්න –සිරිසේනගේ ආරක්ෂාවට ඉන්දිය බුද්ධි අංශ නියෝජිතයන් 10ක් – රියදුරන් දෙදෙනෙක් ඒ අතර

Top