Featured

මෛත්‍රීගේ කුණු කන්නා කිලී අමාත්‍යංශය ලේකම්ට තර්ජනය කරයි

විදුලි බල අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරිමට යෝජිත කොළඹ නගර ආශ්‍රීත යටිබිම්ගත විදුලිය සැපයිමේ ව්‍යාපෘතිය මිලියන ගණනක් පාඩු ලබමින් සිරස ටීවී ප්‍රමුඛ එම්.ටී.වී./එම්.බී.සී. මාධ්‍ය ජාලයේ හිමිකරු කිලී මහරාජාට පවරණ ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කල ඉල්ලිම විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ලේකම් සුරේන් බටගොඩ ප්‍රතිකේෂ්ප කිරිමත් සමග කිලීට මලපැන ඇති බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

පසුගියදා අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට කිලී මහරාජාද සහභාගි වි ඇති අතර එහිදි අමාත්‍යාංශ ලේකම් සුරේන් බටගොඩ පවසා ඇත්තේ අදාළ ව්‍යාපෘතිය මහරාජා සමාගමට පැවරිම හරහා රජයට මිලියන 8000ක පාඩුවක් සිදුවන බවත් එම නිසා රජයට පාඩුවක් නොවන කණ්ඩායමකට අදාළ ව්‍යාපෘතිය පැවරිමට තමන් යෝජනා කරන බවයි.

එහිදි කිලී මහරාජා අමාත්‍යාංශ ලේකම් සුරේන් බටගොඩට තර්ජනය කරමින් කෑ ගසා ඇති අතර….”ඔයා වැරදි කෙනා එක්ක පැටලුනේ ….තමුසේගේ තරමට ගැලපෙන මිනිස්සු එක්ක හැප්පෙනවා ” යනුවෙන් නිළධාරීන් ඉදිරියේ තර්ජණය කර තිබේ.

ඒ සමගම අමාත්‍යාංශ ලේකම් සුරේන් බටගොඩ පවසා ඇත්තේ…”මට කවුරුත් එකයි…මම කලේ මගේ රාජකාරිය….” යනුවෙනි ..

අදාළ ව්‍යාපෘතිය කොන්දේසි විරහිතව මහරාජා සමාගමට පැවරිමට කටයුතු කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදුලි බල අමාත්‍යවරයාට නියෝග කර ඇති අතර අදාළ නියෝගය සදහන් කරමින් අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක්ද යොමුකර තිබේන බව වාර්තා වේ.

Capital Maharaja
Kili Maharaja

Top