Featured

මෛත්‍රීගේ ග්‍රාම සේවක බැදිම දුරයයි -ඔස්ටින්ගේ බෑණාට බ්‍රිතාන්‍ය තානාපතිකම!

ජනපතිවරයාගේ සමීපතම හිතවතෙකු මෙන්ම නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවර ඔස්ටින් ප්‍රනාන්දුගේ බෑණා වන මනෝජ් වර්ණපාල බ්‍රිතාන්‍යයයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වරයා ලෙස පත්කිරිමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගත් තින්දුවත් සමග මෛත්‍රී ලගින්ම සිට කටයුතු කල බොහෝ දේනෙකු මෛත්‍රී සමග ගැටුමක් නිර්මාණය කරගෙන තිබේන බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.ජනාධිපතිවරයාට සමීප පිරිස්ද මෙම පත්වීම ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබීම සම්බන්දයෙන් දැඩි කනස්සල්ලකින් පසුවන බවද වාර්තා වේ.

මනෝජ් වර්ණපාල තැනැත්තා බ්‍රිතාන්‍යයයේ පුරවැසිභාවය ලත් තැනැත්තෙකු වන අතර එම රටේ පුරවැසිභාවය ලත් තැනැත්තකු තානාපති සේවයට පත් කිරීම රාජ්‍යතාන්ත්‍රික නීතිරීති උල්ලංඝණය කිරීමක්ද වන අතර එමගින් ඉදිරියේ දී රටට සහ බ්‍රිතාන්‍යයයේ පුරවැසිභාවය ලත් ශ්‍රී ලාංකිකයන්ට දැඩි ගැටළුකාරී තත්ත්වයකට මුහුණ පෑමට සිදුවනු ඇති බවද වාර්තා වේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පොළොන්නරුවේ ග්‍රාම සේවක තනතුරක සේවය කරන සමයේ එම ප්‍රදේශයේ දිසාපති වශයෙන් කටයුතු කලේ ඔස්ටින් ප්‍රනාන්දු මහතාය. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පදවියේ දිවුරුම් දී නොබෝ දිනකින්ම ඒ වන විටත් විශ්‍රාම සුවයෙන් කල් ගෙවූ ජනාධිපතිතුමාගේ පැරණි මිතුරාට මිත්‍රත්වයේ පඬුරක් ලෙසින් ඔස්ටින් ප්‍රනාන්දු මහතාව නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත්කරනු ලැබුවා.

එතනින් සෑහීමකට පත් නොවුණු ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඔහුගේ ජනාධිපතිවරයාට ඇති සම්බන්ධතාවය හා බලය පාවිච්චි කරමින් දැඩි බලපෑම මත තම බෑනාට මෙම නීතිවිරෝධී පත්වීම ලබාදීමට ජනාධිපතිවරයා පොළඹවා ඇති බව මෙම පත්වීම ලබාදීම කෙරෙහි විදේශ ඇමති වරයා හෝ අගමැතිවරයා ඔවුන්ගේ අකමැත්ත ඵල කිරීමත් සමග තහවුරු වි තිබේ.

Top