Anonymous Reporter

මෛත්‍රීගේ ජනාධිපතිකමට කෙලවන්න කල කුමන්ත්‍රණය මෙන්න

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකඩ කර මහින්ද කණ්ඩායම වෙනම මැතිවරණයට තරග කරවා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වෙනම තරග කරවා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සතුව බලයක් නොමැති බව පෙන්වා රනිල් වික්‍රමසිංහට ජනපති පුටුව අත්කර දිම සදහා ඉතා සියුම් කුමන්ත්‍රණයක් ක්‍රියාතමක වෙමින් තිබුණු බව දැන් අනාවරණය වෙමින් තිබේ.

අද එක්සත් ජාතික පක්ෂයට එක්වුනු රාජිත සේනාරත්න,එස්.ඩි.එස් ගුණවර්ධන හා අනුර කුමාර දිසානායක එම කුමන්ත්‍රණය විව්ධ  අකාරයට සම්බන්ධ වි සිටි අය වන තර එම කුමන්ත්‍රණයේ මහා මොළකරු ලෙස රනිල් සමග කටයුතු කර ඇත්තේ මංගල සමරවිර බවද අනාවරණය වි තිබේ.

මෙම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන රාජිතගෙන් ප්‍රශ්ණ කර එති අතර එහිදි දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවු බවද වාර්තා වේ.

මහින්ද රජපක්ෂ යලිත් මැතිවරණයට ඉදිරිපත් විම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට පසුගිය දිනක අග්‍රාමාත්‍යවරයා හමුවිමට ගිය අනුර කුමාරට රනිල් මෙම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් යම් කතාවක් කියා තිබේන අතර පසුව අනුර ඒ පිළිබඳව ප්‍රසිද්ධ මාධ්‍ය හරහාද ප්‍රකාශයක් කර තිබේ.

යම් හෙයකින් එජාපය,ශ්‍රිලනිපය හා මහින්ද පාර්ශවය වෙන වෙනම මැතිවරණයට තරග කලේනම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝජනය කරන ශ්‍රිලනීපයට ලක්ෂ 10 ක උපරිම ඡන්ද ප්‍රමාණයක් පමණක් ලබාගැනිමට සිදුවන බවත් එවිට ජනවාරි 8 වැනිදා ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජයක් ලෙස අර්ථ ගන්වා ජනපති කොන් කිරිමට මෙම කුමන්ත්‍රණකාරී කටයුතු කරමින් සිට තිබේ. ඒ හරහා මෛත්‍රීට එල්ල වන පිඩනය හමුවේ ඔහුගේ ජනාධිපති ධුරයට තට්ටු කිරිමට මෙම කුමන්ත්‍රණය දියත් කර තිබේ.

විශේෂ ලියුම්කරු 

තවත් තොරතුරු රැසක් බලාපොරොත්තු වන්න  

Top