Breaking
24 Jan 2025, Fri

මෛත්‍රීගේ බත් බැලයන් රහසේම එජාපය සමග සාකච්ඡාවක!

මෛත්‍රී පිළේ බත් බැලයන් කිහිප දෙනෙකු එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් කබීර් හෂිම් ඇතුලු ජ්‍යෙෂ්ඨයන් සමග රහසිගත සාකච්ඡාවක නිරත වි ඇති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු අනාවරණය වි ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුලු පනත් සම්බන්ධයෙන් සහ ඉදිරියේදි සිදුවන ගුරු මාරුවත්, සමග ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායකයින්ට ආණ්ඩු කිරිමේ ඇති බලය බිදි යැමක් සිදුවන බවත් ඊට සමගාමිව මහින්ද පිල ශක්තිමත් ලෙස ඉදිරියට පැමිණිමත් සමග තවදුරටත් ජාතික ආණ්ඩුවක් පවත්වාගෙන යෑම අසීරු කරුණක් බවත් ජාතික ආණ්ඩුව තුල සිටිමින් එක්සත් ජාතික පක්ෂය අසීරුතාවයට පත්කිරිමට වෙනම කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බවද මෛත්‍රී පිළේ බත් බැලයන් පෙන්වා දි තිබේන බවද අනාවරණය වි තිබේ.

අදාළ සාකච්ඡාව සදහා විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම සමග තවත් රාජ්‍ය අමාත්‍යවරුන් දෙනෙනෙකු සහ ඒකාබද්ධ විපක්ෂයේ ඔත්තු බලන මන්ත්‍රීවරයෙකුද මෙම සාකච්ඡාව් සදහා සහභාගි වි ඇති බව අනාවරණය වි තිබේ.

අමාත්‍ය සරත් අමුණුගම මල්වතු නාහිමියන් ඊයේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙලෙස වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට සහය දක්වන බව ප්‍රකාශයක්ද කර තිබුනා.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.