Featured

මෛත්‍රීගේ රහසිගත කැබිනට්ටුවක්-කැබිනට් ඇමතිවරුන් අතර ගැටුමක්!

කැබිනට් අමාත්‍යවරුන්ගේ රැස්විමට පෙර මෛත්‍රීපාල සිරිසේනගේ හිතවත් හා සමීප අමාත්‍යවරුන් සමග පැයක පමණ රහසිගත රැස්විමක් පැවැත්විම අනිකුත් කැබිනට් අමාත්‍යවරුන් අතර දැඩි විවේචනයට ලක්වෙමින් තිබේන බව වාර්තා වේ.එම් රහසිගත සාකච්ඡාව සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කැබිනට්ටුව නියෝජනය කරන ඇමතිවරුන් සහභාගි වි සිටින අතර ඊට අමතරව තවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකුද එම රහසිගත සාකච්ඡා සදහා සහභාගි වන බවද අනාවරණය වි තිබේ.

රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදෙන ආප විශේෂ වාර්තාකරු අනාවරණය කළේ අදාල කැබිනට් අමාත්‍යවරුන් කැබිනට් රැස්විම පැවැත්වෙන සෑම අවස්ථාවකම එම රැස්විමට කලින් එම ස්ථානයට පැමිණ සිටිම හේතුවෙන් ඇතිවු සැකයට අනුව අනිකුත්  කැබිනට් අමාත්‍යවරුන් මෙම රහසිගත රැස්විම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන තිබේන බවයි.

අදාළ රහසිගත රැස්විම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ කැබිනට් අමාත්‍යවරුන් විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටද කරුණු වාර්තාකර තිබේ.

වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න  

Top