Featured

මෛත්‍රීගේ විධායකයට කෙලවෙන ලකුණු -එජාපය වැඩේට බහී

මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපති බලතල කප්පාදු කිරිම සදහා ගතයුතු පියවර සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුල පලමු සාකච්ඡාව මිට දින 4කට පෙර එජාප රනිල් වාදින්ගේ කණ්ඩායමේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි සාමාජිකයේකුගේ නිවසේ පවත්වා තිබේ.

සමාජිකයන් 13 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමේ මුලික අරමුණ වි ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන අසාර්ථක රාජ්‍ය නායකයෙකු බව හගවා,පාර්ලිමේන්තුවේ සියලුම දෙනා සහභාගි කරගනිමින් සම්පුර්ණයෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි කර අගමැතිවරයාට බලතල ලබාදිමට කටයුතු කිරිමයි.එම අවස්ථාවට එජාප ප්‍රභල අමාත්‍යවරුන් දෙදෙනෙකුද සහභාගි වි තිබේ.

ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තුවේ බහුතරය කැමැත්ත ඇතුව විධායකය සම්පුර්ණයෙන් අහොසී කිරිමට අවශ්‍ය මතවාදය රටේ ඇති කිරිම සදහා වෙබ් අඩවි සහ පුවත් පත් යොදාගනිමින් ජනතාව අතර මතයක් නිර්මාණය කිරිම සහ ඊට සමගාමිව එජාපයට හිතවත් සිවිල් සංවිධාන යලි රැස්විම් සහ දේශණ පැවැත්විමට කටයුතු කල යුතු බවද සාකච්ඡාවට ගෙන තිබේ.ඊට අමතරව මෛත්‍රී සමග අමනාපකම් ඇති සන්ධාන මන්ත්‍රින්ද ඒ සදහා එකතුකර ගත හැකි බවයි එම සාකච්ඡාවෙදි පෙන්වා දි ඇත්තේ.

වත්මන් ජනාධිපතිවරයාගේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලිය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ එජාප ප්‍රභලයන් අතර කතාබහට ලක්ව ඇති බවත් වත්මන් ලෝක ක්‍රියාවලිය තුල ඇතිවන තත්ත්වයන්ට මුහුණ දිමේ හැකියාවක් මෛත්‍රීට නැති බව එම කතාබහෙදි මතුව තිබේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වි මාස 10ක් ගතවි අවසන් වුවත් තවමත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය පමණක් නොව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පවා පාලනය කරනුයේ හිටපු ජනාධිපතිවරයා විසින් බවද එම සාකච්ඡා වලදි කණ්ඩායම අතර සංවාදයට ලක්ව තිබේ.

ඒ අනුව ඉදිරි කාලසිමාව තුල මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග රට පාලනය ගෙන ගියහොත් එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් රටේ ජනතාව සහ පාක්ෂිකයන් අතර මෙන්ම ජාත්‍යන්තරව පවා අප්‍රසාදයට ලක්විය හැකි බවයි එම කණ්ඩායම අතර සාකච්ඡාවේදි අවධාරණය කර ඇත්තේ.

Top