Breaking
25 Feb 2025, Tue

මෛත්‍රීගේ සැකය උග්‍ර අතට -ජනාධිපති ආරක්ෂාවෙන් හමුදාව ඉවතට

තමන්ගේ ආරක්ෂාව සදහා යුධ හමුදාව හා විශේෂ කාර්යය බලකා සෙබළුන් යේදවිම වහාම නතර කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ආරක්ෂක ප්‍රධානීයාට දැනුම් දි තිබේන බව අප අරක්ෂක තොරතුරු අනාවරණය කරන විශේෂ වාර්තාකරු සදහන් කළා.

ජනාධිපති සිරිසේන තමන්ට විශ්වාස කළහැකි කිසිවෙකු නොමැතිව මේ වනවිට බරපතල මානසික පීඩනයකට ලක්ව සිටින අතර එම තත්වය මේ වනවිට තවත් උග්‍ර අතට හැරි ඇති අතර පසුගිය දින කිහිපයම තුල යුධ හමුදා පාවාදිමට යහපාලනයි ගෙනගිය වැඩපිළිවෙළ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා ඇතුලු ස්වාමින්වහන්සේලා,විවිධ සමාජ ක්‍රියාකාරින් මෙන්ම මෛත්‍රී පිළේ බත්බැලයන් ද කරන ලද ප්‍රකාශ සිරිසේනගේ ඔලුව විකාර කර ඇති අතර ඒ නිසාම වන්නට හමුදාව සම්බන්ධයෙන් දැඩි භියකින් මෛත්‍රී පසුවන බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.

ඒ අනුව තමන්ගේ ආරක්ෂාව සදහා පොලිසිය සහ ජනාධිපති ආරක්ෂක අංශයේ කණ්ඩායම් වලට අමතරව යුධ හමුදාව හෝ විශේෂ කාර්යය බලකා සෙබළුන් භාවිතා කිරිම වහාම නතර කරන ලෙස නියෝග කර තිබේ.

කොටි ත්‍රස්තවාදීන් සමග ගණුදෙනු කරමින් operation double edge මෙහෙයුම දියත් කරමින් සිටියදි ප්‍රා නායක මෙන්ම රාජගිරියේදී තරුණයෙකු රිය අනතුරකට පැනගිය සිල්බිදගත් චම්පිකර රණවක විසින් අතුරුදහන් කළ ප්‍රගීත් එක්‌නැලිගොඩ නැමති ත්‍රස්තවාදීයා සම්බන්ධයෙන් ඔහුගේ බිරුද රාජ්‍ය නොවන සංවිධාන සමග හමුදාවට එරෙහිව ගෙනයන කුමන්ත්‍රණය හේතුවෙන් මේ වන විට යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරින් නව දෙනකු රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින අතර දිගින් දිගටම සිරගත වීමට සිදු වීම හමුවේ ඔවුන් දැඩි මානසික හා කායික පීඩනයකට පත්ව සිටි.

මේ අතර ප්‍රගීත් එක්‌නැලිගොඩ සිද්ධිය හමුවේ දැනට මාස නවයක පමණ කාලයක සිට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින යුද හමුදා තුන්වන සන්නද්ධ බුද්ධි බළකායේ අණදෙන නිලධාරීව සිටි ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්න හදිසියේ රෝගාතුර වී පෙරේදා (19 වැනිදා) රාත්‍රී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

සිරගත කිරීමෙන් පසු බන්ධනාගාර රෝහලේ නේවාසිකව සිටි ශම්මි කුමාරරත්න මීට සිව් දිනකට පමණ ඉහතදී හදිසියේ ක්‌ලාන්තයක්‌ හැදී සිහිසුන් තත්ත්වයට පත්ව ඇත.

එහිදී ඔහුට හදිසි ප්‍රතිකාර ලබා දුන් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් සිදු කළ පරීක්‍ෂා කිරීම්වලදී සිරුරේ රුධිරගත සීනි මට්‌ටම සීඝ්‍ර ලෙස පහත යැම හේතුවෙන් ලුතිනන් කර්නල්වරයා ක්‌ලාන්තයට පත්ව ඇති බව අනාවරණය කරගෙන තිබේ.

එතැන් සිට සිරුරේ සීනි මට්‌ටම යළි සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම සඳහා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් කොතෙක්‌ ප්‍රතිකාර ලබා දුන්නද ශම්මි කුමාරරත්න මහතාට සුවයක්‌ ලැබී නැති අතර ඒ අනුව ඔහු වහාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදිය යුතු බවට එම වෛද්‍යවරුන් නිර්දේශ කළ බව බන්ධනාගාර නිලධාරියෙක්‌ සඳහන් කළේය.

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.