Breaking
24 Feb 2025, Mon

මෛත්‍රීට එරෙහිව කුමන්ත්‍රණයක් ගැන සන්ධාන මන්ත්‍රීගෙන් හෙළිදරවුවක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජපානයේ සංචාරයක නිරත වී සිටියදී ජපන් රථවාහනවල මිල ඉහළ දැමීම ඔහුව දැඩි අපහසුතාවකට පත් කිරීමට යහපාලන රජය හිතාමතා කළ ක්‍රියාවක්‌ බව එජනිස ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මහජන එක්‌සත් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සිසිර ජයකොඩි පවසයි.

දිවයින පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කර ඇත්තේ

මෛත්‍රිපාල සිරිසේන මහතා ජපන් ව්‍යාපාරිකයන් මුණගැසෙද්දී හවුල් ආණ්‌ඩුව ඒ පිළිබඳ තුට්‌ටුවකට මායිම් නොකර තීන්දු තීරණ ගන්නා බවත් මෙය හවුල් ආණ්‌ඩුවක්‌ යෑයි කීවත් රජය කරන්නේ කවුරුන්ද යන්න දැන් පැහැදිලි බවයි.

මෙරටට පැමිණෙන සංචාරකයන් වැඩි ප්‍රමාණයක්‌ ගමනා ගමන කටයුතු සඳහා භාවිතා කරන ටොයොටා ප්‍රියස්‌ රථයේ තීරුබදු මිල රුපියල් ලක්‍ෂ 75 කින් පමණ ඉහළ දමා ඇති බවත් එය සංචාරක කර්මාන්තය බිඳ දැමීමේ තවත් එක්‌ කුමන්ත්‍රණයක්‌ මේ හෙයින් රථවාහන හිමියන් සංචාරක ගාස්‌තු ඉහළ දැමීමට කටයුතු කරනු ඇති බවත් රුපියල් හාරදහසක්‌ වන ගුවන්තොටුපළ වෙත යැමේ ගාස්‌තු රුපියල් අටදහසක්‌ ලෙසද කොළඹ සිට දකුණට යැමට අයකරන රුපියල් පහළොස්‌දහසක ගාස්‌තු රුපියල් තිස්‌දහසක්‌ ලෙසට ඉහළ යනු ඇතැයිද ඔහු සදහන් කර තිබේ.

සිරිමන්ත රත්නසේකර

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.