Breaking
22 Feb 2025, Sat

මෛත්‍රී,රනිල් කොළේ වහලා ගහන්නේ … 20 ගෙනල්ල වැටිල ඉන්න රනිල් වික්‍රමසිංහට මුක්කු ගහලා නැඟිටවන්න ජවිපෙට බැහැ.

අද ඉන්නෙ කොළේ වහලා ගහන ජනාධිපති කෙනෙකුයි අගමැති කෙනෙකුයි. මං ඉන්නකම් රණවිරුවෝ රකිනවා කියල ජනාධිපති කිව්වට ඒකවත් සිද්ධ වෙන්නේ නැති බව ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් පවසනවා.

උන්වහන්සේ එසේ පැවැසුවේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ නාමයෙන් ගෙන එන ව්‍යවස්ථා සංශෝධන මර උගුල පරාජය කරමු යන තේමාව මුල් කර ගනිමින් ඊයේ (3දා) සම්බුද්ධත්වය ජයන්ති මන්දිරයේදී පැවැති නියෝජිත මහ සඟ සමුළුවට සහභාගි වෙමින්ය.

“20 සම්මත කරගන්න හදන්නෙත් පළාත් සභා පනත සම්මත කළ ආකාරයට කොළේ වහලයි. ඒ නිසා අපි පැය විසි හතරම අවදියෙන් සිටිය යුතුයි. ඒ තරමට කයිරාටික විධියටයි මේ පාලකයො කටයුතු කරන්නෙ.”

සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි නාහිමියෝ

“රටේ ශිෂ්ටාචාරය ගොඩනැඟූ මහ ජාතිය ගැන හැඟීමක් නැතිව විදේශ රටවල්, බෙදුම්වාදීන් ඇතුළු එන්.ජී.ඕ. සංවිධානවලට ප්‍රමුඛස්ථානය දෙමින් ඇතැමුන් ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනවා.”

“දේශපාලනිකයන් රථවාහනවල නැඟල ඉදිරියට යන වේගයෙන්ම රට ආපස්සට යනවා. දේශපාලනයෙන් උගත්තු ඉවත් වෙනවා. රට ජාතිය ගැන අවබෝධයක් තියෙන අයට අවස්ථා නැහැ. නීති හදන්න එක පාර්ලිමේන්තුවක් තිබීම ප්‍රමාණවත්. මේ රටට තවත් නීති හදන ආයතන අවශ්‍ය නැහැ.”

මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි

“ජනතාවට දේශපාලනඥයන් කෙරෙහි යම් කිසි විශ්වාසයක් තිබුණා නම් මේ යුගයේ තමයි ඒක අතිශයින්ම දුර්වල වුණේ. උතුරට ගිහින් මැයි දිනය සමරමින් ජවිපෙ නායකයා ප්‍රභාකරන්ගෙ කැරැල්ලත්, ජවිපෙ කැරැල්ලත් සමාන කළා.”

“ජනතා විමුක්ති පෙරමුණට මේ රටේ සංස්කෘතිය ගැන, ආගම ගැන කිසිම හැඟීමක් නැහැ. බිමල් රත්නායක බී.බී.සී. යට ප්‍රකාශ කළා මේ රට සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියලා.”

“මැදපෙරදිග මුස්ලිම් නීතියට පිටින් කිසිවක් නැහැ. බෞද්ධ සම්ප්‍රදායට එරෙහි වන ජවිපෙට ජනතා සහායක් නොලැබෙන නිසා මේ රටේ ඒකීයභාවය නැති කරන පනත් ගෙන එනවා.”

ආචාර්ය මැදගම ධම්මානන්ද හිමි

“මේ රටම ප්‍රධාන ප්‍රශ්න තුනකට ලක්වෙලා. සිංහල දේශය විනාශ කිරීමේ කුමන්ත්‍රණය පළමුවැන්නයි. බි්‍රතාන්‍ය යුගයෙන් පසුව විරුද්ධවාදීන් අතට බලය ගිය නිසා සිංහල රට නිදහසින් පසුව ශ්‍රී ලංකාව බවට පත්වුණා.”

අමරපුර සංඝ සභාවේ සභාපති ගන්තුනේ අස්සජි හිමි

“විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියල බලයට ආව කිසිම නායකයෙක් විධායකය අහෝසි කළේ නැහැ. බලලෝභයට වඩා ඊට හේතු වුණේ රාජ්‍ය පාලනයේදී එහි තිබූ වැදගත්කම නිසයි.”

මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි

“අද රටම අනවබෝධයෙන් නිර්වින්දන බවෙන් පසු වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 20 වැනි සංශෝධනය නමැති බෝම්බය ජවිපෙ ගෙන ආවත් එය පුපුරුවා හරින්නේ දෙමළ ජාතික සන්ධානයේ අවශ්‍යතා මතයි.”

“13 වැනි සංශෝධනය රටක් ෆෙඩරල් කරන සංශෝධනයක්. ඉන්දියාවේ බලපෑම මත ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඒක ගෙන ආවත් තාක්ෂණික උපක්‍රම භාවිත කරමින් රට ආරක්ෂා කරගන්න එතුමා කටයුතු කළා. ආණ්ඩුකාර තනතුර පත් කළේ ජනාධිපතිගේ ඍජු නියෝජිතයා ලෙසයි. ඒ නිසා රටට අහිතකර පනත් සම්මත කිරීමට හැකි වුණේ නැහැ.”

“ඒ වගේම ඉඩම්, සෞඛ්‍ය, සංස්කෘතිය, අධ්‍යාපනය ආදිය සම්බන්ධව පළාත් සභාවටත්, මධ්‍යම රජයටත් සමගාමී ලැයිස්තුවක් තිබුණා. ඒ නිසා මධ්‍යම ආණ්ඩුවෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙලා පළාත් සභාවලට කටයුතු කිරීමට අවකාශ සැලැසුණේ නැහැ. රට ආරක්ෂා වීමට, ස්වෛරීත්වයට එවැනි සාධක ඉවහල් වුණා.”

මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද හිමි

“20 වැනි ව්‍යවස්ථා සංශෝධනය එහි තිබෙන වාච්‍යාර්ථයට වඩා සැඟවී තිබෙන ව්‍යංගය විනාශකාරියි. මේ රටේ තිබෙන ප්‍රශ්නය රාජ්‍ය පාලන ක්‍රමයේ ප්‍රශ්නයක් නෙවෙයි. පාලකයන්ගේ ප්‍රශ්නයක්. දැන් මේ කරන්න හදන්නෙ නැති ප්‍රශ්නයකට උත්තර දෙන්න මහා විනාශයක් ඇති කිරීමක් පමණයි.”

“20 ගෙනල්ල වැටිල ඉන්න රනිල් වික්‍රමසිංහට මුක්කු ගහලා නැඟිටවන්න ජවිපෙට බැහැ. මේ රටේ ආණ්ඩු උතුරට වැඩ කළේ නැහැ කියලා ජවිපෙ නායකයා උතුරේ මැයි දිනේදී කිව්වා. ඒක මෝඩ ප්‍රකාශයක්.”

මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

“20 වැනි සංශෝධනය සම්මත කළොත් ඒක රටේ අවසාන ව්‍යවස්ථා සංශෝධනය වේවි! තවත් සංශෝධන කරන්න රටක් ඉතිරි වෙන්නෙ නැහැ.”

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.